Date: 22/08/2015 Name: Salayatananirodho phassanirodho

ඒ උතුම් බුදුපියවරු, පූජාවෙන් පස්සේ ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ඒ විනයාධිපති බුදුපියා දක්වා සිහි කරලා වැඳ නමස්කාර කළා. අර පරාමාසය තුළ පවතිනවා, පැවතිය හැකි ය යන ඒ අදහස, ඒක නැති වෙනවා කියලා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට ඊයේ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා. ඵස්ස නිරොධො වේදනා නිරොධො කියලා ඉගෙන ගත්තා. ඒකේදි මතකයි නේ අපි මේ වේදනාවට එන්නා වූ ඒ පාරවල් ටික බලාගෙන ආවේ. පාරවල් තුනක් තියෙනවා කියලා කිව්වා නේ.

ඒ පාරවල් තුන තමයි, එකක් අර රූපය පැත්තෙන් ඇවිල්ලා ස්පර්ශ වෙලා එන්නා වූ එක වේදනාවට. ඊළඟට අර 50% පාර, ඒ කියන්නේ අපි ඕක කියන්න පුළුවන්, ජාතියේ ඉඳන් වේදනාව හරහා එන්නා වූ එක කියලා. ඉතින් ඕක ම තමයි අපි ඔය අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන්නෙත් ඕක ම තමයි. එතකොට, ඊළඟට තුන් වෙනි පාර තමයි භය අගතියේ ඉඳන් වේදනාවට එන්නා වූ එක. ඒක නැති වෙන්න නම් අපි ඉගෙන ගත්තා අර තුන් ධර්මයක් නැති වෙන්න ඕනේ කියලා.

එතකොට ඒ තුන් ධර්මයේ දී අපිට මතකයි, ඒ පරාමාසයේ ඉඳන්, ඒ භය අගතියට එන්නා වූ ඒ අත්තා කියලා එන එක. ඊළඟට ආපහු අර hub එක කරකැවීමෙන් line 7 ඉඳන් එකතු කරනවා කියන කෑල්ල ඒක, නැති වෙන්න ඕන. ඊළඟට අර line 5ක දිගේ එන්නා වූ, පරිදේවයට එන්නා වූ ඒකත් නැති වෙන්න ඕනෙයි කියන එක.

ඉතින් ඔන්න ඕක මම මෙනෙහි කරපු වෙලාවේ දී, මට පෙනුණේ, ඉතින් එහෙම නම් අපිට පේනවා වේදනා, පරාමාස, ඉදංසච්ච, ඔය තුන නේ තියෙන්නේ. ඔය තුනෙන් නේ පල්ලෙහාට එන්නේ, අර දෙකෙන් පල්ලෙහාට එනවා, වේදනාවෙන් ආපහු supply කරනවා. එහෙම නම් අන්න ඒක නැති වෙන්න ඕනේ කියන එක. එතකොට මේක උඩ නේ දැන් මේ චේතනාව, දැන් 4රෙ සලකුණ, චේතනාව කියන එක දැන් තියෙන්නේ ඕක උඩ. ඔතන නේ අපි සළායතනය කියන එක ලියාගන්නේ. ඉතින් එහෙම නම් එතෙන්දී පේනවා, ඒ diagram එක විමසුවහම, වේදනා, පරාමාස, ඉදංසච්ච යන තුන් ධර්මය නිසා වේදනාවට react නොකළ යුතුයි, ප්‍රතිචාර නොදැක්විය යුතුයි කියන අදහස, මට ඒක ඇති වුණා.

එතකොට ඒක තමයි මෙතෙන්දි මේ පෙන්නන්නේ, ඒ කියන්නේ ඔය පාන් කෑල්ලක් හොයාගෙන යන පුද්ගලයෙක්, අර ටොපියක් දැකලා නතර වීම නොකරන්නේ යම් සේ ද, විවෘත කරන ලද විඤ්ඤාණ ධාරාව නොකඩවා ගැලීමට සළායතනය උදව් උපකාර කරනවා. ඒක තමයි එයා කරන්නේ. එතකොට, අර 4.4 දී අපි දන්නවා රූපය මිය ගියා. එතකොට අලුත් රූපයක් අල්ලාගෙන අර සඤ්ඤාව මගින් උල්පත විවෘත කර පවත්වනවා. ඒ කියන්නේ පාන් කෑල්ලක් හොයාගෙන අපි යන්නේ බඩගිනියි කියාගෙන, ටොපියක් දැක්කට අපි ඒකත් එක්ක මේ නතර වෙන්නේ නෑ, එතකොට ටොපිය කියන කතාව මළාට අපි දිගට යනවා, ආන්න ඒ වගේ අර්ථයක්.

එතකොට සළායතන පච්චයා ඵස්සො කියන භාවනාවේ දී අපි ඔන්න ඔය දේ ඉගෙන ගත්තා. ඉතින් ඔතෙන්දි දැන් තේරුම් ගන්න ඕනේ දේ තමයි, එතෙන්දී අපි වටහා ගත්තා නේ අර චේතනාවේ අර්ථ දැක්වීම.

ඒ චේතනාවේ අර්ථ දැක්වීමට එන්න ඉස්සෙල්ලා, අපිට තේරුණා අර මාළුවා කට ඇරියා වගේ අර සඤ්ඤාව කියන තැන, එතන විවෘත වෙලා තියෙන්න ඕනේ. වතුර පාර වේදනාවේ ඉඳන් එන්න ඕනේ. ඔය දෙකේ ආවහම නාමරූපය කියන තැනට අපි එනවා.

අනෙක් අතට ගත්තහම, අර අපි දන්නවා නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය, අර ජරාව වුණා කියලා, ඒක නිසා අපි උඩ මේ වේදනාව හරහා අවිද්‍යා අනුසය තියෙන්නේ, ආන්න ඒ අවිද්‍යා අනුසයෙන් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය, මෙතන තියෙනවා අර පැවතිය හැකි ය කියන කතාව. අර මේ දිට්ඨින් එහෙම බිඳිලා, මේව වෙලා නේ ඇවිල්ලා තියෙන්නේ එතෙන්දී.

එතකොට ඊළඟට ගත්තහම අර උඩ සඤ්ඤාව, එතන පවතිනවා කියන කතාව, ආන්න ඒක උඩ තමයි මේ ආයතනය කියන කතාව අපේ තියෙන්නේ.

එතකොට, මෙන්න මේ කෑල්ල අමතක කරන්න හොඳ නැහැ. අමතක කරන්න හොඳ නැහැයි කියලා කියන්නේ, බලන්න අපි ඔය වේදනාවේ කතාවේ දී, අපි ඔය භය අගතියට දක්වා එන්නා වූ එක, ව්‍යාධිය හරියේ තමයි එතන කතාව තියෙන්නේ. භය අගතිය, ව්‍යාධිය. මෙතන මේ කතාවේ දී තියෙන්නේ සෝකය දක්වා ඇවිල්ලා, අරකෙ effect එක ඇවිල්ලා ඉවරයි. දැන් එතකොට, එහෙම නම්, ඒ කියන්නේ අර භව පැත්තේ ඉඳන් කතා කරගෙන එන්න ඕනේ අනෙක් පැත්තට, එන්නා වූ ධර්මයෝ තමයි මේ එන්නේ. දැන් ඊළඟට තමන්ට පේනවා, එහෙම නම් දැන් සෝකයට ඇවිල්ලා අර දිට්ඨි දෙකේ වෙනසක් උඩ තමයි අපි මේ react කරගෙන මේ දේ කරන්නේ කියන එක. ඉතින් එතෙන්දී අපි ඔය සළායතන පච්චයා ඵස්සො කියන භාවනාවේ දී අපි වටහා ගත්තා නේ චේතනාවේ අර්ථ දැක්වීම.

“කාමේසු සංයුක්තො,” අර රූපය ස්පර්ශය මගින් පැවතිය හැකි ය යන මතය. දිට්ඨිය බිඳුණා, ඉතුරු වෙලා තියෙන්නා වූ මොනවා හරි දිට්ඨියක් භාවිතා කරලා එයා රූප ස්පර්ශ කරමින් ඒක පවතිනවා කියන මතය. ඊළඟට, ඇති වෙන්නා වූ වේදනා අගයෝ වැඩිදියුණු කිරීම, සඤ්ඤාව මගින් ම සිදු කරනවා. “භාවිතො” කියන එක. ඊළඟට, “අජ්‌ඣොසන්‌නා” කියලා කියන්නේ පවතිනවා, පැවතිය හැකි ය යන දෙක නිසා වන විඤ්ඤාණ ධාරාව සඳහා, පැවතුණා වූ, චිත්තය අත්නොහැර අල්ලා ගැනීම කියන එක වෙනවා, කියලා අපි ඒකෙදි ඉගෙන ගත්තා.

ඉතින් එහෙම නම් දැන් අපිට පේනවා, ඔන්න ඔය තුන් ධර්මයෝ ම නැති වීම කියන එක තමයි මෙතන මේ අපි කතා කරන්නේ අද භාවනාවේදි. ඒ කියන්නේ සළායතන නිරොධො ඵස්ස නිරොධො කියලා කියන්නේ ඔන්න ඔය චේතනාවේ, එතන තියෙන්නා වූ කතාව සම්පූර්ණයෙන් නැති වෙන්නට ඕනේ. “ඒක නැති වුණොත්” සිද්ධ වෙනවා. ඉතින් ඕක අපිට පේනවා දැන් නාමරූපය කියන එක ඕක මැද්දෙන් නේ සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

ඒ භාවනාවේදී මුල දී ම, මට මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු දේ තමයි, අර දැන් ඔය වේදනාවේ අපි කියන්නේ පැවතිය හැකි ය. දැන් පරාමාසය තුළ පවතිනවා, පැවතිය හැකි ය. ඉදංසච්චය අනෙක් පැත්තේ ආපහු එයාගෙත් තියෙන්නේ පැවතිය හැකි ය. පැවතිය හැකි ය කියන කතාව. අර දෙකෙන් ගිහිල්ලා පරාමාසයට ඔය පවතිනවා, පැවතිය හැකි ය කියන දිට්ඨින් කියන එක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔතන අර චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන එක අර සඤ්ඤාවේ ව්‍යාධිය 6.4, මොකද මෙතන පෙන්නුවා නේ 4.4 දි රූපය මළාට අපි තවත් කරකවාගෙන යනවා. සඤ්ඤාවන් මළා ඒත් අපි අතහරින්නේ නැහැ. අර පවතිනවා කියන අදහස කියන එක දුවනවා කියන එක තියෙනවා අර විඤ්ඤාණ ධාරාව.