ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට තුන් නම මෙනෙහි කළා, අර මව සහ පුතා කියන තැන දක්වා, ඒ පවතිනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී තියෙන්නේ, “නාමරූප නිරොධො සළායතන නිරොධො” කියන භාවනාව කරන්න තියෙන්නේ. ඉතින් ඒ ඊයේ භාවනාවේ කෙළවරට ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්නලා දුන්න නේ අර වේදනාව පැවතිය හැකි ය, පරාමාස පවතිනවා, පැවතිය හැකි ය, ඉදංසච්චය පැවතිය හැකි ය කියලා. එතකොට අන්න ඒවා නිරෝධ වෙනවා නම් තමයි මෙතන මේ වේදනාවේ නිරෝධය කියන එක. එතකොට වේදනාව නිරෝධ වෙන්න අර අනෙක් කාරණා දෙකේත් නිරෝධය කියන එක තියෙන්න ඕනෙ. පරාමාසය ඉදංසච්චය කියන එකේ.
එතකොට එහෙම නම් දැන්, අපිට පේනවා වේදනා නිරෝධ වෙනවා නම් අපි දන්නවා තණ්හාව කියන එක නිරෝධ වෙනවා. එතකොට තණ්හාව නිරෝධ වෙනවා නම් අපි ඉතින් අර කැරකැවීමක් කියන එක අපි යන්නේ නැහැ. විඤ්ඤාණ ධාරාවක් එහෙම අල්ලාගෙන ඉන්නවා කියන එක එහෙම සිද්ධ වෙන්නේ නැහැ, කියන එක තියෙනවා.
ඉතින් එහෙම නම් ඊයේ භාවනාවේ දී පෙන්නුවා, සළායතන නිරෝධ වෙන්න නම් තුන් ධර්මයක් නිරෝධ වෙන්න ඕනේ කියලා. එකක් තමයි, අලුත් රූප සෙවීම කියන එක නිරෝධ වෙන්න ඕන, ඒක තමයි අර “කාමේසු සංයුක්තො විහරති” කියන චේතනාවේ අර්ථ දැක්වීමේ පළවෙනි එක. ඊළඟට, දෙවෙනි එකට අපිට කියන්න පුළුවන් නාමය කියන එක සිදු නොවෙන්න ඕනේ. ඒ කියන්නේ, ඇති වෙන්නා වූ වේදනා අගයෝ වැඩිදියුණු කිරීම සඤ්ඤාව මගින් ම සිදු කෙරෙනවා, අන්න ඒක, කියන එක නොවෙන්නට ඕනේ. ඊළඟට පෙන්නනවා තුන් වෙනි කාරණයට, අවිද්‍යා අනුසය හේතු කොටගෙන එන්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ බැස යා යුතු ය. එහෙම නැත්නම්, එනම් විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා, චිත්තය අත්නොහැර අල්ලා ගැනීම, පහ විය යුතු ය. “අජ්‌ඣොසන්‌නා” කියන එක.
එතකොට මෙන්න මේ කාරණා තුන දැන් බැලුවහම කෙනෙකුට පේනවා, අපි තණ්හාව කියන එක නිරෝධ නම්, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය කියන එක තියෙනවා නම්, එහෙනම් ඔය ධාරාව පවතිනවා කියලා අල්ලා ගැනීමක් කියන එක එන්නේ නැහැයි කියන එක.
ඒ එක්ක ම කෙනෙකුට කල්පනා වෙනවා, දැන් මං වේදනාවත් එක්ක නැති වුණත්, අපි අර සඤ්ඤාවත් එක්ක අල්ලගෙන ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේ. ඒකත් නැතෙයි කියලා මේ වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය කියනකොට, නැත්තම් අපි සඤ්ඤාවක් අල්ලාගෙන හරි ඉන්නවා කියන එක ඉතුරු වෙලා තියෙනවා නම් ඒක හරියන්නේ නැ. නෙවසඤ්ඤානාසඤ්ඤා ආයතන ලාභියාත් ඔය වේදනාවේ ඉඳන් එන්නා වූ පථයේ එයා ගමන් කරනවා. එතකොට එහෙනම්, එතෙන්දී ඒ සඤ්ඤා කතාවලුත් ගිහිල්ලා තියෙන්න ඕනේ.
ඊළඟට ආපහු, අපිට පේනවා අර අලුත් රූප සෙවීම කියන එක නැති වෙන්න ඕන. අලුත් රූප සොයනවා නම් අපි ආපහු එනවා, අර මේ ස්පර්ශය කියන තැනකට එනවා කියන එක තියෙනවා. ඉතින් ස්පර්ශයේ නිරෝධය කියන එක වෙන්න ඕන නේ, වේදනාව නිරෝධය එතන සිද්ධ වෙන්න. එතකොට ඒක පළවෙනියට අර “කාමේසු සංයුක්තො” කියන අදහසත් එක්ක යන එක.
ඊළඟට ඉතින් අපි අර නාමයන් නොවෙන්න ඕනේ කියන එක, සිදු නොවිය යුතුයි කියනකොට, අපි කිව්වා නේ ඉතින් වේදනා අගයෝ වැඩිදියුණු කිරීම කියන එක කරනවා කියන එක. ඒක නොවෙනවා කියලා කියන්නේ එතෙන්දී කෙනෙක් හිතන්න ඕනේ හරියට ඔන්න වතුර පාර ගලාගෙන යනවා, ගලාගෙන යනකොට මෙන්න මේ ගල උඩින් ගියහම, එක විදිහේ සැපක් තියෙනවා. තව ගලක් උඩින් ගියහම, තව සැපක් තියෙනවා. මේ කියන්නේ මොකක් ද? දැන් ඔන්න මනුස්සයෙක් හොයාගෙන යනවා කෑම. හොයාගෙන යනකොට, ආ!, මේ කෑම කෑවහම පාන් කෑල්ල හොඳයි. එහෙම නැත්තම් බත් ටික හොඳයි. එතකොට බත් ටිකට වඩා පාන් කෑල්ල හොඳ ද නරක ද? ඒ වගේ ම ආපහු දැන් ටොපිය දැක්කහම, ආ!, ඒක එච්චර වැඩක් නැහැ. හැබැයි සමහර වෙලාවට, ඒක කාලා නම් ඉන්නේ, ආන්න ඒ අවස්ථාවේ දී එයාට ඒක හොඳයි කියන හැඟීම තියෙනවා. එතකොට අන්න ඒ වගේ අර ධාරාව මෙහෙයවාගෙන යනකොට satisfaction එක maximise වෙන විදිහට තමයි අපි ඔය පෙන්නන්නේ. ඒ කියන්නේ අර අජ්‌ඣොසන්‌නා කියන එකේ හොඳට කල්පනා කරන්න ඕනේ, අර විඤ්ඤාණ ධාරාව පවතිනවා කියලා, ඒ දිට්ඨිය නිසා, චිත්තය අත්නොහැර අල්ලා ගැනීම. එතකොට මේක නැති වෙන්න ඕනේ.
එතකොට මෙහෙම වෙනවා නම් ඔන්න අපිට පේනවා, ඉතින් නාම කියන කොටසට, නාමරූප කියන එක නේ අපි කියන්නේ, දැන් රූපයේ ස්පර්ශයට නැහැ, නාම කොටස ඉතින් මේ ස්පර්ශ, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර. ඉතින් මනසිකාරය තමා මං කිව්වේ අර වතුර පාර මේ මේ පැත්තට ගෙනියනවා, ඕක පෙන්නනවා නේ මේ නැවක හරියට rudder එක වගේ කියලා. ඒක මෙනෙහි කරනවා මේ ගල ද, මේ ගල උඩින් යවනවා ද? එහෙම නැත්නම් මේ පාන් කෑල්ල ද නැත්නම් මේ බත් එක ද? ආන්න ඒ වගේ තමන්ගේ ධාරාව ගලවනවා. එතකොට මෙන්න මේවා නැති වෙනවා නම්, ආන්න එතෙන්දී පේනවා නාමරූප නිරොධො සළායතන නිරොධො කියලා මේ කෙනෙකුට පැහැදිලි වෙනවා.
ආන්න ඒක තමයි මං කරපු භාවනාව.