ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ඒ වෙලාවේ දී අර විඤ්ඤාණයට එන්නා වූ රේඛාව පැවතිය හැකි ය, ඒ වගේ ම අර ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට එන්නා වූ නිත්‍යයි කියන එක, පවතිනවා කියන එක, ඒක ඇතුවයි සිහි කළේ.
ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා සිහි කරනකොට ආපහු චේතනාවට එන්නා වූ පැවතිය හැකි ය, පරාමාසයෙන් චේතනාවට එන පවතිනවා කියන එක ඇතුව සිහි කළා, මිච්ඡා දිට්ඨින් කියලා. ධම්මාධිපති බුදුපියාණන් සිහි කරනකොට, ආපහු සිහි කළා අර මව සහ දරුවා, නාමරූප, ස්පර්ශයේ ඉඳන් එන්නා වූ එක. ඊළඟට, විනයාධිපති බුදුපියා සිහි කරනකොට, අර පරාමාසය තුළ පවතිනවා, පැවතිය හැකි ය කියන එක, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. ධම්මරතන බුදුපියා සිහි කරනකොට, සිහි කළා, ඉදංසච්චයේ අර පැවතිය හැකි ය, ඒ කියන්නේ අර ධාරාව ගැලීම නිසා පැවතිය හැකි ය කියන එක. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවේ දී අපි නාමරූප නිරොධො කියලා ඉගෙන ගත්තා කාරණා තුනක්, අන්න ඒ කාරණා තුන සිහි කළා. Simple a හැටියට කියන්න පුළුවන් අලුත් රූප සෙවීම, කියන එක නිරෝධ වෙන්න ඕනේ කියලා. Simple b කියලා අපිට කියන්න පුළුවන් නාම කියන ඒවා සිදු නොවිය යුතු ය. විඤ්ඤාණ ධාරාව කැමති ස්පර්ශයන් භාවිතා කර තමාගේ සිතැඟි පරිදි, ඒ කියන්නේ මේ satisfaction එක, වේදනා අගයෝ වැඩිදියුණු කිරීම කියන එක නිරෝධ වෙන්න ඕනේ. අර ධාරාව ගල් උඩින් එහෙම යවනවා කියලා කිව්වේ. ඊළඟට simple c කියලා කියන්න පුළුවන් අපිට, අවිද්‍යා අනුසය හේතු කොටගෙන එන්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ මේවා බැහැගෙන යන්න ඕනේ. එනම් විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා, ඇති වුණු චිත්තය, අත්නොහැර අල්ලා ගැනීම නිරෝධ විය යුතු ය කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට එහෙම නම්, මේ වෙනකොට කෙනෙකුට අර diagram එකක් වගේ ඕක ඇඳගත්තොතින් පහසු වෙනවා. දැන් අපි දන්නවා රූප, සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ, පල්ලෙහායින් තියෙනවා වේදනා පරාමාස ඉදංසච්ච, ඊටත් පල්ලෙහායින් තියෙනවා ජරාව කියන එක. ජරාවේ ඉඳන් වේදනාවට අර අවිද්‍යා අනුසය පාර, ඒක දික් කළහම හරියට සඤ්ඤාවයි චේතනාවයි අතරට එනවා නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය, දිට්ඨිය බිඳිලා තියෙනවා, සංකල්පයන් සමාන නොවේ යැයි කියලා අදහස එතන තියෙනවා.
එතකොට, දැන් ඊළඟට ඒ අපිට diagram එකේ ම බලන්න පුළුවන් සඤ්ඤාවෙන් පරාමාසයට, පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට යන්නා වූ රේඛාව අපි ඔය capital A කියලා එහෙම ලකුණු කරනවා, ඒ කියන්නේ ඕක අභිජ්ඣාව ම කියලා කියන්නත් පුළුවන්, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමට ඇති කැමැත්ත කියන එක. ඊළඟට අපි පෙන්නනවා ඔය චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට යන එක අපි capital B කියලා එහෙම ඕක ලකුණු කරගෙන තියෙනවා, අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ මගින් මේක තල්ලු කරනවා කියලා.
එතකොට, ඊළඟට අපි ආපහු ලකුණු කරගෙන තියෙනවා මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට එන රේඛාව x කියලා, පරාමාසයේ ඉඳන් චේතනාවට යන රේඛාව y කියලා.
ඉතින් දැන් මෙතන පේනවා, අර විඤ්ඤාණ ධාරාව ගැලුවා නම්, එතෙන්දී අපිට සිද්ධ වෙනවා අර පදුට්ඨමනසඞ්කප්පය කියන එක. එතකොට එහෙම නම් අපිට පේනවා, මේ a, b, c කියන එක නිරෝධ නොවන්නේ පදුට්ඨමනසඞ්කප්පය නිසා ය, කියලා. පදුට්ඨමනසඞ්කප්පය තියෙනවා නම් ඔය අලුත් රූප සෙවීම වශයෙන් අපි දැන් පෙන්නපු simple a, b, c කියන ඒවා, ඒක නිරෝධ වෙන්නේ නැහැ. අලුත් රූප සොයනවා. නාමරූප කියන ඒවා, නාමයන් කියන ඒවා අපි සිද්ධ කරනවා, අර satisfaction එකට යනවා. ඊළඟට අර අවිද්‍යා අනුසය හේතු කොටගෙන වෙන නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ කියන ඒවා බැහැලා යන්නේ නැහැ, ඒවා පවතිනවා.
එහෙම නම් අපිට පේනවා, අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම සඳහා කැමැත්ත අපි අභිජ්ඣා කියලා ඉගෙන ගත්තා නේ, මේක තමයි මේ පවතිනවා කියන මතය. ඕක තමයි ඔය capital A කියන්නේ, ඒකත් හරි ලස්සනට වැටෙනවා අභිජ්ඣාවට නේ ඔය කියන්නේ.
ඊළඟට නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය කියලා තමයි අපි අර B කියලා කිව්වේ, ඒක තල්ලු කරනවා. ඒ නිසා මේ නිත්‍ය කියන සංකල්පය හටගන්නවා කියලා අපි දන්නවා. මෙම ධර්මයන්ගේ පැවතීම අපි තවත් විදිහකට ඉගෙන ගත්තා, අර x රේඛාව 90° න් කැරකෙව්වහම, y රේඛාව 47° න් කැරකැවීම සිදු වෙනවා නම්, නිත්‍යයි කියලා අනිත්‍යයේ නිත්‍ය කියන සංකල්පය හටගැනීම වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.
එහෙම නම් විඤ්ඤාණයේ යම්කිසි දැනගැනීමක් සිදු වූවා ද, මේක මේ විදිහට යනවා කියලා, ධාරාව ගලන්නේ යැයි කියලා හැඟීම් ඇත්තේ ද, මේ නිසා විඤ්ඤාණය කියන එක නිරෝධය, සිද්ධ වෙන්නේ නැහැ.
එතකොට සංස්කාර පච්චයා විඤ්ඤාණං කියලා අපි අගෝස්තු මාසේ 5 වෙනිදා ඉගෙන ගත්තා නේ, භාවනාවෙදි වටහා ගත්තා, අර සෝක අවස්ථාවේ දී ඒ කරුණු කාරණා සලකා බලලා, ඒ කියන්නේ මිච්ඡා දිට්ඨි දෙකේ වෙනස දැනගෙන, සංස්කාර සමාන නැති නිසා, සංකල්පයන් දෙක සමාන නැති බවත් දැනගැනීම, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා කිව්වා. එතෙන්දී අපි ඉගෙන ගත්තා අර සෝක අවස්ථාවේ දී තමයි ඕක අපි දැනගන්නේ, ඉතින් සෝකයේ ඉඳන් පරිදේවය දක්වා වුණා නම්, අපිට මතක නේ අර තොණ්ඩුව ඇති වෙලා, නාමරූපයන් කියන ඒවා ආපහු ඇති වෙනවා කියලා.
ඉතින් මේ කාරණා නිරුද්ධ වන්නේ නම් පමණක් විඤ්ඤාණය නිරෝධ වෙනවා. විඤ්ඤාණ නිරෝධ වෙලා නාමරූපයන් කියන ඒවා නිරෝධ වෙනවා කියන එක තියෙනවා. ඉතින් මේක සඳහා ඒ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව ඔය විදිහට මුළු කුම්මග්ග පටිසේවනය ම නිරෝධ වෙනවා කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැත්නම් විඤ්ඤාණයන් නිරෝධ වීමක් කියන එක සිද්ධ වෙන්නේ නැහැ.
ඉතින් මේ භාවනාවේ දී, ඔය කෙළවරවල් දෙකක් බලනකොට හොඳට හිත නතර වෙනවා, ඒ කෙළවර තමයි අර x රේඛාවයි y රේඛාවයි කරකවන තැන අපි පොඩ්ඩක් බලනවා නේ, ඊළඟට අර නාමරූපයේ ඉඳන් අපි ආපහු චේතනාවට එනවා කියන තැන, ඔන්න ඔය දෙක බලනකොට හොඳට, සිත නතර වෙනවා.
ඉතින් ඒක තමා මම කරපු භාවනාව.