ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ඊයේ වගේ ම භාවනාවේ මේ තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම රහතන් වහන්සේ කිව්වා, 04/07/2015 කායපාගුඤ්ඤතා proficiency of the body කියන භාවනාව බලන්නෙයි කියලා සහම්පති බුදුපියාණන් වහන්සේ පැවසුවා. එතෙන්දී ඔය සාරම්භය, මිච්ඡා දිට්ඨිය නිසා ඇති වන බව අපි දැනගෙන, කායමුදුතාවෙන් මිච්ඡා දිට්ඨියත්, චිත්තමුදුතාවෙන් ථම්භයත්, ඒ කියන්නේ හේතුවත්, ඉවත් කරනවා. එතෙන්දී අපිට පේනවා අර සඤ්ඤාවෙන් චේතනාවට, වේදනාවෙන් චේතනාවට, පරාමාසයෙන් චේතනාවට එන්නා වූ ඒ තුන් ධර්මයෝ නිසාවත් අලුත් සංස්කාරයන් කියන ඒවා කළ නොහැකි බව සාරම්භය ඉවත් කිරීමෙන් පසුව දැනගන්නේ හැඳින ගන්නේ, විඤ්ඤාණය පරිණත, පරිඤ්‌ඤාතා, පිරිසිඳ දැනීම වන්නේ එය කායපාගුඤ්ඤතා කියලා අපි ඉගෙන ගත්තා.
ඉතින් මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා, ඊයේ භාවනාවේ තිබුණේ විඤ්ඤාණ නිරොධො නාමරූප නිරොධො කියන එකයි. අපි අවසානයට සඳහන් කළා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප මේවා ඔක්කොම නිරෝධ වෙනවා නම් විඤ්ඤාණ ධාරාවේ ගැලීමක් වෙන්නේ නැහැයි කියලා. එහෙම නම් පටිච්චසමුප්පන්න ධර්මය මේ විදිහට හොඳින් වටහා ගන්නවා නම්, ඒ කායපාගුඤ්ඤතාවය සහිතව ම ජීවත් විය හැකි ය.
මෙසේ සිත විශාලව, මහග්ගතව ටික වේලාවක් හිටියා. ආලෝකයත් දැක්කා, බොහොම ඈතින් නිකන් තරුවක් පේනවා වාගේ, බොහොම sharp, focused, one pointed. එතකොට, ඒක සැරෙන් සැරේ මතු වෙන්න ගත්තා මේ භාවනාවේ දී. ඉතින් ඒ විදිහට දිස්වුණායින් පස්සේ, ටිකක් වෙලා ගිහිල්ලා රහතන් වහන්සේ කිව්වා “ඔබට බ්‍රහ්මකායක් ඇති බව,” බුදුපියා පැවසුවා. ඉතින් ඒ කාය සමඟ බොහෝ වේලාවක් හිටියා. ඈත තිබෙන දේත් පේනවා. ළඟ තිබෙන දේත් පේනවා. මේ ships අරවා මෙව්වා එතන තියන එව්වා, වැඩ කරන මිනිස්සු, ළඟ ඉඳන් බලනවා වාගේ ඒවා පේනවා. එතකොට යම් යම්කිසි දෙයක් බැලීමට සිතක් මතු කරගත්තා ද, එම චිත්තය අර කායපාගුඤ්ඤතාවය මගින් ම ඉවත් වෙලා යනවා. ඒක පවතින්නේ නැහැ, මොකද පවතිනවා, පැවතිය හැකි ය කියන කතාව ඒක ගිහිල්ලා නිසා. ඉතින් ඒ ශාන්ත මනසකින් යුතුව, පවතිනවා පැවතිය හැකි ය යන අදහස නැතිව, බොහෝ වේලාවක් මම හිටියා.
ඒක තමා මම කරපු භාවනාව.