ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම ඒ 03/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව බලන්න කියලා සහම්පති බුදුපියාණන් වහන්සේ පැවසුවා. ඒ භාවනාවේ දී අපි ඔය කාමච්ඡන්ද, ඒ පැත්තෙන් එනවා නේ පැවතිය හැකි ය කියලා අවිද්‍යාවට. ඊළඟට අපි දන්නවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කියලා තණ්හාව කියන එක ඇති වෙනවා කියලා. අර අරිනවා නේ, සඤ්ඤාවෙන් ඇරලා ඉඩ දෙනවා කිව්වේ. එතකොට ඒ කියන්නේ පෙර මිච්ඡාදිට්ඨික අගය, සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා එන්නා වූ එක. අර අත්තානුදිට්ඨිය නිසා ඇති වෙලා තියෙනවා, සඤ්ඤාව මගින් දිය උල්පත, වතුර ගැලීමට ඉඩ දීම කියන එක සිහි කළා. යම් අයෙකු එනකොට ඔහු හෝ ඇය නිසා පැවතිය හැකි ය යන අදහසට ඉඩ දීම, ඈතින් මනුස්සයෙක් එනවා, එයා හින්දා ආ, කරන්න පුළුවන් වෙයි කියලා, අපි හිතමු දොරක් අරින්න යතුරක් හරි අරගෙන එනවා කෙනෙක්, ආ එයා ගේනවා ඇති කියලා හිතන්නේ, අන්න ඒ වගේ. එතකොට පෙර මිච්ඡාදිට්ඨික අගයෝ විඤ්ඤාණ ධාරාව ගැලීමට සලස්වනවා.
භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, ව්‍යාධිය මරණය, මුළු දුක්ඛයට ම කැමති වුණා කියලා. මේ විදිහට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා බැලුවා. මෙම තණ්හාවේ නතර වීමක් තියෙනවා ද, ඒක දුක්ඛ නිරෝධයයි කියලා මෙනෙහි කළා. ඉතින් ඒකෙදි නිරෝධ ස්වභාවය ඇති වුණා. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කළා. කායපාගුඤ්ඤතාවයේ දී අපි ඉගෙන ගත්තා අර කායමුදුතාවෙන් මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීම කියන එක සිහි කළා, ඒ දැන් ඉවත් කරන්නේ දැන් මිච්ඡා දිට්ඨිය කියන එකයි.
චිත්තමුදුතාවෙන් ථම්භය ඉවත් කරනවා, අර හේතුව අයින් කරනවා. කායපාගුඤ්ඤතාව වීමෙන් මෙසේ සාරම්භය ඉවත් කර, පෙර පවතින්නා වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වීම සඤ්ඤා උපරෝධනා මගින් සිදු වෙනවා කියන එක සිහි කළා. එතකොට ඒක තමයි කායපාගුඤ්ඤතාවය, මොකක් ද එයා අයින් කරන්නේ? පෙර මිච්ඡාදිට්ඨික අගය කියන එක තමයි එයා අයින් කරන්නේ.
එතකොට අපි දන්නවා අර අවිද්‍යා පචච්යෙන් සංඛාරා ඇති වෙනවා කියලා, අර තණ්හාව ඇති වීම කියන එක. එතකොට එතෙන්දී අර පල්ලෙහායින් එන එක නේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මිච්ඡා දිට්ඨිය කියන එක, කායමුදුතාව මගින් ඉවත් වෙනවා. ඉතින් මේ භාවනාවේ දී අර ඊයේ වගේ ම දර්ශනයන් එහෙම දුටුවා, නිරෝධය කරා ගමන් කිරීම කියන එක සිදු වුණා.
ඉතින් මේ භාවනාවේ ඔය කිව්ව වචන දෙක ටිකක් ගැඹුරට බලන්න ඕනේ. මේක බලන්න නම්, ඒ කියන්නේ දැන් අපි මේ පෙන්නන්නේ කායපාගුඤ්ඤතාවය මගින් අපි ඉවත් කරනවා කියලා පෙර මිච්ඡා දිට්ඨිය. එතකොට මතක තියාගන්න ඕනේ එහෙම නම් ඒකට පෙර සංස්කාරයන් චිත්තමුදුතාව මගින් ඉවත් වෙලා තියෙන්න ඕනේ ඒකට.
මේක complicated, මේක බලන්න නම් 02/08/2015 නිබ්බාන භාවනාව තියෙනවා නේ. අන්න ඒ භාවනාවේ අපි diagram එකක් එහෙම ඇඳගත්තා, ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් පරාමාස නාමරූප සඤ්ඤාව. එතකොට එතන අත්තානුදිට්ඨිය නිසා මිච්ඡාදිට්ඨික අගයක් ඇති වෙනවා, පෙර අගය කියලා. එතැන ඒ පවතිනවා කියලා. ඔන්න ඕක තමයි ඒ සඤ්ඤාව කියන තැන පවතිනවා කියන එක කායපාගුඤ්ඤතාවය මගින් ඉවත් කරනවා, පෙර මිච්ඡාදිට්ඨික අගය කියන එක.
එතකොට, ඊට පස්සේ අපිට පේනවා මේ වේදනා නාමරූප චේතනා, එතන කායමුදුතාව මගින් ඉවත් කරනවා දැන් මිච්ඡා දිට්ඨිය කියන එක, එතකොට ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ඔය නාමරූපය දක්වා එන්නා වූ කෑල්ලක් තියෙනවා නේ, ඒ කියන්නේ කාමරාග අනුසය මගින්. වේදනාවේ ඉඳන් නාමරූපය දක්වා එන්නා වූ එක තියෙනවා නේ, අන්න ඒ දෙක.
ඉතින් මේක කෙනෙකුට ලියනවා නම්, මේ කතාව දැන් හරි ම පැටලිලි වෙන්න පුළුවන්, මේක හරියට ලියාගත්තේ නැත්නම්. මේක ලියනවා නම්, කායමුදුතාව මගින් සිදු වන්නේ මොකක් ද? අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකියි යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය. ඒ කියන්නේ hub එක තුළ වූ මිච්ඡා දිට්ඨි අගය.
එතකොට කායපාගුඤ්ඤතාවය මගින් සිදු වෙන්නේ මොකක් ද? අර ඉදංසච්චය තුළට බැසගෙන තිබෙන්නා වූ අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක්, අලුත් සංස්කාරයන් පවතී යැයි කියලා බැස ගැනීමක් වෙනවා ද, ආන්න ඒක තමයි ඉවත් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. සාරම්භය කියන එක නොවෙනවා, මොකද අලුත් සංස්කාරය හැදුවයි කියලා මේකේ competition එක මේකෙන් කරන්නත් බැහැයි කියන එක එයා තේරුම් අරගෙන තමයි, ඒකේ සංස්කාරයන්ගේ නිරෝධය කියන එක එතන සිදු වෙන්නේ. ඉතින් සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරොධනා කියන එකට ඒ විදිහට එනවා. ඒක දෙන්නා දෙවිදියකට කරන්නේ.
ඒක තමා මං කරපු භාවනාව.