ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර, ඥානවන්ත ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨතම වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කරා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා අර කාමච්ඡන්දය, ඒක නිසා අපිට අවිද්‍යාව, පැවතිය හැකි ය කියලා ඇති වෙනවා. ඊට පස්සේ අවිද්‍යාවෙන් අවිද්‍යා පච්චයා සඞ්ඛාරා කියලා තණ්හාව ඇති වෙනවා කියන එක, ඒ කියන්නේ පවතිනවා යන සඤ්ඤාව කියන එක අවිද්‍යාව කියන තැනට ලියාගත්තා නම්, එතනින් පේනවා ඒකෙන් සංස්කාරයන් ඇති වෙනවා, අර මැරිලා කුඩු වෙලා ගිය අවස්ථාවේ දීත්, ඒ සඤ්ඤාවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ.
එතකොට, ඊයේ භාවනාවේ අවසානයට අපි වටහා ගත්තා, කායමුදුතාව මගින් නාමකායේ පටිඝසම්ඵස්සය තුළට අර පැවතිය හැකියි යන අදහස නිසා වූ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, එහෙමත් නැත්නම් අර hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා කියලා. මේක මේ කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය කොටසින් වන බලපෑම ඉවත් වීම ලෙස සැලකිය යුතුයි.
ඊළඟට කායපාගුඤ්ඤතාවය මගින් ඉදංසච්චයට ඇතුල් වෙන අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවන්, අලුත් සංස්කාරයන් පවතී යැයි කියලා බැස ගැනීමක් වෙනවා ද, ඒක ඉවත් කරනවා. සාරම්භ නොවෙයි. සංස්කාරයේ නිරෝධය සිදු වෙනවා. සබ්බසඞ්ඛාරසමථා, සඤ්ඤා උපරොධනා, අර ගාථාව මතක් වෙනවා. මෙම ධර්ම කාරණා දෙක හොඳින් මෙනෙහි කරනකොට හිත ප්‍රභාස්වර ස්වභාවයට පැමිණෙනවා.
ඊට පස්සේ මම කල්පනා කළේ අර π අකුර තියෙනවා නේ, ඒ කියන්නේ අර සඤ්ඤාවෙන් අපිට පේනවා චේතනාවට, වේදනාවෙන් චේතනාවට, පරාමාසයෙන් අත්තා දක්වා එන්නා වූ ඉරි තුන.
ඊට පස්සේ අපි දන්නවා චේතනාවෙන් ඒ විඤ්ඤාණය කියන එක ඇති වෙන අවස්ථාව, එතන අපි ඕක ලියාගත්තා පිළිවෙළට පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට තියෙන්නා වූ එක, i හැටියට, ඒක තමයි මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම, ii කියලා ලියාගත්තා, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ කොටස. ඒක කාමේසු තිබ්බසාරාගය, iii කියන එක තමයි, ඔය චේතනාවෙ ඉඳන් විඤ්ඤාණය කියන එකට යන එක, අර අත්තා වෙනවා අර ඉස්සෙල්ලා අපි පෙන්නපු සඤ්ඤා චේතනා, වේදනා චේතනා, පරාමාස චේතනා නිසා අත්තා වීම කියන එක.
ඉතින් මේ විදිහට මේ π අකුර කියන එක සිහි කළා. ඒ අත්තවාද උපාදානය මේ නිසා වෙන බවත්, ඒ නිසා ම අත්තභාව පටිලාභ වී සංසාරයේ සැරිසරන බවත් මෙනෙහි කළා. මෙනෙහි කළහම නිරෝධයට කීප වරක් ම ගියා. ඒ පොළොව භ්‍රමණය වන දර්ශනයන් දැක්කා හරියට මං නිකන් spaceship එකක ඉඳන් බලන් ඉන්නවා වගේ.
ඉතින් ඒක තමා මං කරපු භාවනාව.