ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, ඒ පස් නම සිහි කරනකොට අපි පෙර සඳහන් කර විදිහට, පවතිනවා, පැවතිය හැකි ය, ඒ කියන්නේ අවසානයට අපි දන්නවා පරාමාසය තුළ පවතිනවා, පැවතිය හැකි ය, ඉදංසච්චය තුළ පැවතිය හැකි ය. මෙන්න මේ මිච්ඡා දිට්ඨින් පහ වෙනවා කියලා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව පුදුමාකාරයි, ඒකෙ මං ගත්තේ මේ, ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. එතකොට ඉතින් ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණ කියන එකට කැමති වෙනවා. එතකොට දැන් ඕක මම ගත්තේ, පොඩි උදාහරණයක් ගමු අපි, උදාහරණ කීපයක් ම ගන්න පුළුවන්. අපි හිතමු මේ තමන් මොනවා හරි කෑමක් තියෙනවා. අලුත් කෑමක් දකිනවා. ඒ දැකලා එකපාරට ම ඕක කනකොට වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන් දැකපු වෙලාවෙම වෙන්න පුළුවන්, ඒක ගැන තමන්ට ඇති වෙන්නා වූ හැඟීම තියෙනවා නේ, ඒක මරණවා, පෙර තිබුණා වූ දේ නිසා. දැන් ඔයගොල්ලෝ ටොපියක් දැක්කා නම්, වෙන ටොපියක් තමන් දැකලා තියන නිසා හරි කාලා තියන නිසා හරි, එහෙම නැත්තම් අර කැකිරි මාලුව ගන්නකෝ, දැන් අලුතෙන් කැකිරි මාළුවක් දකිනකොට පෙර කැකිරි මාළුව මතක් වෙනවා නම්, එයාට පේනවා, එකපාරට ම, අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත් එක්ක නේ එන්නේ. මොකද අරක බිඳෙනවා. මේක අලුත් කෑම කියන එකත් එක්ක පුළුවන්කමක් නැහැයි කියන එක, ඒක මරණවා. ඒක මැරුණේ මොකෙන් ද? පරණ එකෙන්. එතකොට, එතන ඒ කියන්නේ, අභිජ්ඣාව කියන එක නේ ඔය අපි කතා කළේ. අලුත් එක දැක්කා, එකපාරට ම මගේ වේවා වගේ කිව්වා. අභිජ්ඣාව. අභිජ්ඣා කියන එක ම නැති වෙලා ගියා, ඒක මැරුවා එතනින්.
ඊළඟට ගත්තහම, අනෙක් පැත්තෙන් එනවා, මේක මැරෙනවා විතරක් නෙමෙයි, පරණ එකත් එක්කත් ඉන්න බැහැ නේ. ඇයි පරණ එක මැරිලා ඉවරයි නේ. ඒ පරණ මම කාපු එක, දැන් මං අතීතයේ කාපු කැකිරි මාළුව කියන එක, ඒක දැන් මට ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ද? මගේ taste buds ත් ගිහිල්ලා ඒකත් ඉවරයි, ඒක නිකන් මතකයක් විතරයි.
එතකොට එහෙනම්, පරණ එකත් මැරිලා, අලුත් එකත් මැරිලා. ඉතින් මේ කියන්නේ මොකක් ද? අභිජ්ඣාපි, සාරම්භාපි, පරණ සංස්කාරය නිසා අර අරක නැති වෙලා ගිහිල්ලා. අලුත් එකේ තියෙන්නා වූ අගය නැති වෙලා ගිහිල්ලා. ඇති වෙන්නේ ව්‍යාපාදය නේ, බ්‍යාපාදාපි. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය, කෙළින් ම එනවා. ඉතින් මේක ගැඹුරු අර්ථයකින් මේ කියන්නේ, සරලව මෙහෙම පෙන්නුවාට.
දැන් එතකොට ඕක කෙනෙක් සම්බන්ධ කරන්න ඕනේ, අර ඊයේ භාවනාවත් එක්ක. මතක ද අපි ඊයේ භාවනාවේ දී අපි කිව්වා, කායමුදුතාව මගින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකියි යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, ඒ කියන්නේ hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා. එතකොට මේක තමයි, කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය කොටසින් වන බලපෑම ඉවත් කිරීම ලෙස සැලකිය යුතුයි කියලා කිව්වා. දැන් එතන පේනවා ද මේ අලුත් එක ගැන නේ මේ කතා කරන්නේ. පරාමාසය තුළ වූ කතාව කියන එක, පැවතිය හැකි ය නිසා පවතිනවා කියලා කියන්නේ අර එනවත් එක්ක.
ඊළඟට ආපහු කායපාගුඤ්ඤතාවය මගින් ඉදංසච්චයට ඇතුල් වෙන අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක්, අලුත් සංස්කාරයන් පවතී යැයි බැස ගැනීමක් වේ ද, එය ඉවත් කරයි. සාරම්භ නොවෙයි. එතකොට සංස්කාර නිරෝධය එතන සිද්ධ වෙනවා.
දැන් එතකොට එහෙම නම් අපිට පේනවා, අභිජ්ඣාව එක පැත්තකින් ගියා, ඒ කියන්නේ කෙනෙකුට අලුත් කෑමත් එක්ක ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ, තමන්ගේ පරණ අදහස නිසා, අලුත් කෑමේ තියෙන්නා වූ එක මැරෙනවා. දැන් පරණ කෑමත් එක්ක, ඒක ඉවරයි, ඒක මැරිලා ඉවරයි, ඒක හින්දා ඒක ගැන හිතීමක් පමණයි. එතකොට අභිජ්ඣාවයි සාරම්භයයි කියන දෙක මෙහෙම වුණා.
දැන් එතකොට ඔය ඉදංසච්චයේ තිබුණ එකයි, පරාමාසයේ තියෙන එකයි නේ ඔය කතා කළේ. ඉතින් දැන් මතක් කරගන්න අර 270° යි 360° යි. 360°ක් කරකවලා පරිදේව වෙලා තියෙනවා. පෙර නිත්‍යයි කියලා ගත්ත එක. දැන් අලුතෙන් ගත්තා වූ එක, ඒක 270° අලුතෙන් දැන් පවතින්නා වූ සුඛ වේදනාව මැරිලා. රූපයත් මැරිලා කියලා. එතකොට මේ දෙක ගත්තහම මොකද වෙන්නේ, දැන් මෙතන පරිදේවයට අපි ඇවිල්ලා තියෙනවා එක පැත්තකින්, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට line එක. අනෙක් පැත්තෙන් පරාමාසයේ ඉඳන් සෝකයට, wiper එක නේ ද?
wiper එක. කාර් එකේ wiper එක තියෙන්නේ. මේ පැත්තෙන් මේ පැත්තට එව්වා, මෙතැන තියෙන්නේ පරිදේවය, මේ පැත්තට සෝකය. පරිදේවය, සෝකය, මේ පැත්තෙන් සෝකය නිසා ආපහු පරිදේවය හදනවා. ඔච්චරයි නේ, wiper එක තමයි ඔය තියෙන්නේ.
මේ භාවනාවේ පුදුම වැඩේ කියන්නේ, මිනිත්තුවක් යන්නේ නැහැ, අර කාරණාව දැක්ක ගමන්, තමන් දැකපු ගමන් මෙතන මේ, දැන් අලුත් එකත් එක්ක ඉන්න බෑ කියන එක තේරුම් ගත්තා නේ, අලුත් එකත් එක්ක ඉන්න බැහැයි කියන එක තේරුම් ගත්තහම, ඒකත් එක්ක පවත්වන්න බැහැයි කියලා. මෙතන මේ පරණ එක ගැන හිතනකොට ම, සිත නතර වෙනවා. මොකද ඒක මැරිලා ඉවර නේ, ඒකෙ හිතන්න දෙයක් නැහැ, ඒක මැරිලා ඉවරයි. මං පස් පාරක් විතර ඔතෙන්ට ගියා. වචනයක් හිතාගන්න හම්බවෙන්නේ නැහැ, එහෙම්ම නතර වෙලා හිතන්න බැරි වෙනවා.
ඇත්ත ම කියනවා නම්, ඒ බුදු පියවරුන් වචනය දුන්නා, “ඇයි දරුවා ඒක මැරිලා ඉවරයි නේ ද?” කියන එක. ඒක විතරයි ගන්න තියෙන්නේ, මට තේරෙනවා ඒකයි කියන එක, නමුත් ඒ වචනය ගන්න විදිහක් ඇත්තේ නැහැ. ඒ වගේ පුදුමාකාර භාවනාවක්. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය, ඉතින් තථාගතයන් වහන්සේ මේක නේ මේ දැකලා තියෙන්නේ, මේකෙන් ඇති වෙන්නේ අභිජ්ඣාපි බ්‍යාපාදාපි සාරම්භාපි. අභිජ්ඣා සාරම්භ, ව්‍යාපාදය ම තමයි කෙනෙකුට ඇති වෙන්නේ. අපි පරිදේවයේ ඉඳන් සෝකයට තමයි දිගට ම යන්නේ. පොඩි ධර්මයක් නෙවෙයි.
ඒක තමා මං කරපු භාවනාව.