ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා, මේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා වැඳ නමස්කාර කළා. එතකොට මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, ඊළඟට විනයධර බුදුපියාණන් වහන්සේ දක්වා ආවා. විනයධර බුදුපියාණන් වහන්සේ දක්වා ආවහම අර මෝහය තියන තැන, පවතිනවා කියන ඒ මිච්ඡා දිට්ඨිය අයින් වෙනවා ය කියන එක. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව පටන් ගත්තේ, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට අපි කැමති වෙනවා නම් ව්‍යාධි මරණයන් කියන එකටත් අපි කැමති වෙනවා. ඉතින් අපි දන්නවා ඔය කාමය නිසා තමයි අපිට අභිජ්ඣාව කියන එක ඇති වෙන්නේ. ඔය මෙත්තා සූත්‍රයේ එහෙම අපි කරන්නේ, කාමෙසු විනෙය්‍ය ගෙධං.
එතකොට ඒ අභිජ්ඣාව කියන එක අපි ඊයේ කළා වගේ නැවතත් සිහි කළා. ඊයේ කරපු භාවනාව. එතෙන්දී අපි ඉගෙන ගත්තා මේ අලුත් දෙයක් ගත්තහම, අලුත් රූපයක්, අලුත් කෑමක් ආදී දෙයක් නිසා, අර පරණ සංස්කාරයන් නිසා අර අලුත් දේ නසනවා කියන එක. එතකොට එතෙන්දී අපි ඉගෙන ගත්තා ඔය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස තුළ වූ දේ කියන එක අපි කල්පනා කළා. එතෙන්දි පෙන්නුවා, කායමුදුතාව මගින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, ඒ කියන්නේ hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය, ඉවත් වෙනවා කියලා. ඒ වගේ ම, කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය කොටසින් වන බලපෑම ඉවත් කරනවා කියලා. ඉතින් මේ භාවනාව බලනකොට ම මට අද උදේ අදහස ආවේ, අපි අර නිත්‍යභාවයක් නැත්තන් මේක සිද්ධ වෙන්නේ නැහැ නේ ද කියන එකයි. නිත්‍යභාවයක් තියෙනවා නම්, අර අවිද්‍යා අනුසය මගින් අතන උස්සලා කරන දේ නේ සිද්ධ වෙන්නේ.
ඊළඟට ආපහු, අපි නැවතත් ඊයේ කරපු භාවනාවේ කොටස මතක් කරගන්නවා නම් අර, පරණ සංස්කාරයන් කියන එව්වා අපි කිව්වා මිය ගිහිල්ලායි තියෙන්නේ කියලා. ඉතින් කායපාගුඤ්ඤතාවය මගින් අර ඉදංසච්චයට ඇතුල් වන අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක්, අලුත් සංස්කාර පවතී යැයි කියලා බැස ගැනීමක් වේ ද, ඒක ඉවත් කරනවා. සාරම්භය නොවෙයි කියලා. ඉදංසච්චය තුළ තියන දේ තමයි අපි ඒ කතා කළේ.
දැන් ඔතන ඔය භාවනාව ලියනකොට ඊයේ අවසානයට මට රහතන් වහන්සේ පෙන්නුවේ, ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ දේ ගත්තහම, එතනින් අපි කියනවා නේ මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කාම සඤ්ඤාව කියලා. කාම සඤ්ඤාව කියලා කියන්නේ සංස්කාරයන් නිසා විඤ්ඤාණයේ පැවතීමට තියන කැමැත්ත. එතකොට එහෙනම් අපි ඊයේ භාවනාවේ දී අපි බලලා තියෙන්නේ, කාම සඤ්ඤාවයි, අනෙක් පැත්තෙන් ගත්තහම නාමකායේ පටිඝසම්‌ඵස්‌සයෙන් ඇති වෙන්නේ රූප සඤ්ඤාව. රූප සඤ්ඤාවයි, කාම සඤ්ඤාවයි කියන දෙකයි මේ තියෙන්නේ.
ඉතින් ඔතෙන්දි පෙන්නුවා නේ ඉතින් මේ අලුත් සංස්කාරයන් නිසයි කියලා, කායපාගුඤ්ඤතාවය විසින් අපි කරන්නේ, මේ අලුත් සංස්කාරයන් පවතී යැයි කියලා බැස ගැනීමක්, ඒකයි අයින් කරන්නේ. එතකොට එහෙම නම්, කොහොම ද ඒකේ, ඒ බැස ගැනීම කියන එක අපිට පේනවා මේ කාම සඤ්ඤාව ගැනයි මේ කතා කරන්නේ, පසු සඤ්ඤාවක් වුණේ කොහොම ද? අලුත් සංස්කාරය විසින් විඤ්ඤාණය සකස් කළා. විඤ්ඤාණය සකස් කළාට පස්සේ තියෙන, පසු සඤ්ඤාව, ඒක තමයි අපි මේ කතා කරන්නේ.
එතකොට, දැන් මට ආපු ප්‍රශ්නේ තමයි, එතකොට කොහොම ද අපි, කායමුදුතාව තියෙනවා නම්, ඒකේ පෙන්නුවා නේ අර චේතනාව තියන තැනට තුන් පැත්තකින් එන්න දෙන්නේ නැහැ. සඤ්ඤාවෙන් එන්න දෙන්නේ නැහැ, වේදනාවෙන් එන්න දෙන්නේ නැහැ, පරාමාසයෙන් එන්න දෙන්නේ නැහැ. එන්න දෙන්නේ නැත්නම් උඩින් චේතනාවෙ ඉඳන් ඉදංසච්චයට එන්නේ නැත්තම්, අලුත් සංස්කාරයක් කොයින් ද?
එතකොට ඒකට මට උදාහරණයක් ඕනේ වෙලා තිබුණා, මට ඒ උදාහරණය මං උදේ ඇඳුම් ඇඳගන්නකොට ම මට හම්බවුණා. මොකක් ද ඒ? අපි සාමාන්‍යයෙන් shirt එකක් අඳිනකොට බැනියම පේන්නේ නැතිවයි අඳින්නේ. මොන හේතුවකින් හරි, හැබැයි ඉතින් මේ අඳින බැනියමත් පරණ බැනියමක්, අඳින shirt එකත් පරණ shirt එක. හැබැයි නමුත් අඳිනකොට බැනියම පේනවා. එතකොට, පැත්ත මාරු වෙලා හරි හිතන්නකෝ ඒ ක්‍රමයකට. එහෙම නැත්නම් ඒ වෙලාවේ දී අපි වෙන බැනියමක් හරි ගන්නවා නේ ද, දැන් ඒ පේනවා කියන එක.
දැන් මේකේ මොකක් ද තියෙන්නේ? අලුත් දෙයක් නෙමෙයි, එහෙම නම් පරණ දෙයක්. ඒ කියන්නේ පරාමාසය තුළ වූ දෙය තමයි අන්න ඉදංසච්චයට ගියේ. අන්න ඒකෙන් තමයි මේ අලුත් සංස්කාරය කියන එක අපි ඇති වුණා කියන එක එතන පේන්නේ. එතකොට, එහෙම නම් දැන්, අපිට පේනවා දැන් තුන් පොළක, හරී අමාරුයි මේ භාවනාව කරන්න. හරි ම අමාරුයි. පුදුමාකාර විදිහට හිත නතර වෙනවා, මුල ඉඳන් ම නතර වෙනවා. ඒ කියන්නේ ඊයේ භාවනාවේ තියන බලගතුකම. ඒකයි මේ තියෙන්නේ. එතකොට, දැන් අර රහතන් වහන්සේලා මාව ගෙනිච්ච නේ, මණ්ඩලාධිපති බුදුපියා ගෙනිච්චා මාව අතන මෝහය තියන තැනට පවතිනවා ය කියන එක අර විනයධර බුදුපියා දක්වා ඒ සිහි කරගෙන ගියේ. ඒ ගියේ, හේතුව ඒකයි, ඔතන තුන් පොළක් බලන්න ඕනේ.
පරාමාසය තුළ, පවතිනවා කියන අදහස. අපි කිව්වා නේ ඉස්සෙල්ලා ඊයේ කතාවේ දී අර පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨි කතාව ගියා, පරාමාසය තුළ. එතකොට තාම තියෙනවා පරාමාසය තුළ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය. ඒකත් යන්න ඕනේ. ඊළඟට ගත්තහම ඉදංසච්චය තුළ, අලුත් සංස්කාරයන් නිසා ඒකෙන් පවතිනවා කියන කතාව, ඒකත් යන්න ඕනේ. ඊළඟට මෝහයේ, අර කුඩු වෙලා යන්නේ වතුර පාර වැදිලා, අන්න ඒක තුළ තියෙනවා නේ පවතිනවා කියන එක. අන්න ඒ තුන් ධර්මයන් ම මෙතන අයින් වෙන්න ඕනේ.
එතකොට අන්න ඒ විදිහට පරාමාසය තුළයි, ඉදංසච්චය තුළයි, මෝහය තුළයි තිබෙන්නා වූ ඒ මිච්ඡා දිට්ඨිය, පවතිනවා කියන එක යනවා නම්, අන්න ඒ කායපාගුඤ්ඤතාවය විශේෂයි. ඒක බොහොම ගැඹුරට ම දියුණු වෙලා තියන කායපාගුඤ්ඤතාවයක්. එතකොට අන්න ඒ කායපාගුඤ්ඤතාවයෙන් තමයි අර, ඒ සම්පූර්ණයෙන් නතර වීම කියන එක, එතන ඒක සිද්ධ කරන්නේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. මේ භාවනාවේ අමාරුව තියෙන්නේ, ඒ හැමතැන ම මේක නතර වෙලා ඉන්න පුළුවන් සිත. ඒ බලන, බලන ඒ කියන කොටස්වල හැමතැන ම සිත නතර වෙනවා. ඔය අන්තිම හරිය නම් හරි ම අමාරුයි. Dementia කියන එක ඉහළට ම තියෙනවා. ඒ කියන්නේ සිත දුවාගන්න බොහොම අමාරු තත්වයක් තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.