Date: 30/08/2015 Name: Dukka Nirodha Ariya Sacca

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ වෙනකොට මම අර මෝහය තියන තැනට වෙනකල් ම ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාවේ අවසානයට, කොටසේ තියෙනවා අර පරාමාසය කියන තැන පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය. එතකොට අපි කල්පනා කළා මේ පැවතිය හැකි ය කියන එක අපි ඉවත් කළා කියලා කායමුදුතාවෙන්. ඊළඟට ඉදංසච්චයේ තියෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය. මෝහයේ තියෙනවා පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය.

දැන් බලන්න, මෙතන එහෙම නම් ඔය විදිහට ගත්තහම, ඉතුරු වෙලා තියෙන්නේ ඔය මෝහයේ තියෙනවා වූ පවතිනවා කියන එක විතරයි. එතකොට මේ පරාමාසයට පවතිනවා කියන අදහස එන්නේ කොහොම ද? ඒක එන්නේ ඔය මෝහයේ තියෙන්නා වූ පවතිනවා කියන එක ඒ සංස්කාරයන් වශයෙන් නිත්‍යයි කියලා, ඒ මෝහය කියන ගලේ වැදිලා අර පරාමාසගත වෙනවා නම් පමණයි. ඒක මම අද උදේ දැනගත්තා, රහතන් වහන්සේගෙන්. ඒ පරාමාසය තුළ පවතිනවා යන අදහස ඇති වෙන්නේ සංස්කාරයන් නිත්‍යයි කියලා මෝහය නමැති ගලේ වැදිලා පරාමාසගත වෙනවා නම් තමයි. අතෙන්ට, අනික් පැත්තට යන්න ඕන.

එතකොට, දැන් මම තේරුම් ගත්තා භාවනාවට පෙර ම, ඔය කායුජ්ජුකතාවය කියන එක ඕනේ කියලා, ඔය මෝහයේ තියෙන්නා වූ පවතිනවා කියන කතාව අයින් වෙන්න, කායුජ්ජුකතාවය. එතකොට එහෙම නම් අපිට පේනවා කායමුදුතාවෙන් පරාමාසය තුළ අර පැවතිය හැකි ය කියන කතාව අයින් කරගන්නවා. ඊට පස්සේ කායපාගුඤ්ඤතාවය අර ඉදංසච්චයේ තියෙන කතාවට.

මෝහයේ තියන එක නැති කරගන්න නම් ඒ කායුජ්ජුකතාවය කියන එක අවශ්‍ය වෙනවා. එතකොට මම අන්න ඒ කොටස තමයි හුඟාක් තදින් බැලුවේ.

ඉතින් මම පටන් ගත්තා, අර ඊයේ වගේ ම භාවනාව. කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධිය මරණය කියන එකට කැමති වෙනවා. එහෙම කැමති වුණා නම් ඉතින් අපිට පේනවා මේ මුළු දුක්ඛයට ම තමයි කැමති වෙලා තියෙන්නේ. ඉතින් මේ අපිට අභිජ්ඣාව නේ ඇති වෙලා තියෙන්නේ.

කාමය කියන එක අපි කල්පනා කළා නේ අර මෙත්තා සූත්‍රයේත් අපි බැලුවේ. එතකොට “කාමෙසු විනෙය්‍ය ගෙධං” නේ ද? නැත්නම් අභිජ්ඣාව කියන එක ඇති වෙනවා, එතකොට. දැන් ඔන්න ඔය අභිජ්ඣා කියන point එකට ආවා, ඉතින් අපි ඕක ඉගෙන ගත්තා කොහොම ද අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය කියන එක නිසා, පවතිනවා කියන අදහස. එහෙමත් නැත්නම් අර, කාමරාග අනුසය නිසා, අවිද්‍යා අනුසය වන්නා වූ කොටස තමයි අපි අයින් කරන්නේ කියලා අපි ඉගෙන ගත්තා අපි ඔය කායමුදුතාව ය කියන එක භාවිතා කරලා.

එතකොට දැන් ඔතන එනවා, ඔය අභිජ්ඣාව කියන එකේ අර්ථ දැක්වීම ගත්තහම අපි දන්නවා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම කියන එක, පැවතීමට ඇති කැමැත්ත කියන එක අභිජ්ඣා කියලා. එහෙම නම් මතක් කරගන්න අර π අකුර. π අකුරේ ඔන්න පල්ලෙහා පරාමාසයේ ඉඳන්, ජීවිත ඉන්ද්‍රිය කියන තැනට එන්නා වූ කොටස, තමයි එතන තියෙන්නේ ඔය මිච්ඡාදිට්ඨික සඤ්ඤාවත් එක්ක තියෙනවා කියන්නේ. අපි Roman i කියලා අර අන්තිමට දාපු diagram එකේ එහෙම දාලා තියෙන්නේ.

එතකොට ඊළඟට, දැන් මේක අපි දන්නවා සාමාන්‍යයෙන් නම් කාමේසු තිබ්බසාරාගය කියන කෑල්ලෙන් තමයි, Roman ii කියලා දැම්මේ, එතනින් තල්ලු වෙන්නේ, ඉදංසච්චයට.

දැන් අපි ඊයේ බැලුව නේ මේ අලුත් සංස්කාරයන් උඩින් එන්නේ නැත්තම්, අලුත් අමු ද්‍රව්‍යයන් නැහැ. නමුත් පරාමාසය තුළ පරණ shirt, පරණ බැනියම් එක්ක භාවිතා කරලා අර ඉදංසච්චයට, පරාමාසයෙන් අලුත් සංස්කාරයන් එනවා කියලා.

එතකොට, මෙන්න මේ point එක මං බැලුවේ, කොහොම ද උඩින් චේතනාවෙන් තල්ලු කරලා එවන්නෙ නැත්නම්, කොහොම ද අපි අර කාමෙසු තිබ්බසාරාගය line එක දිගේ එන්නේ? කියන එක. මේක හරි සියුම් අවස්ථාවක්, හරී පරෙස්සමෙන් භාවනා කරන්න ඕනේ කෙනෙක්, පරිස්සම් විය යුතු තැනක්.

එතකොට එතන වෙන්නේ මොකක් ද? ඉදංසච්චය තුළට යමක් ආවා ද, ඒ ඉදංසච්චය තුළ තිබෙන්නා වූ එක අපි දන්නවා අර line 5 දිගේ එනවා කියන එක තියෙනවා නේ, ඒක feedback වෙනවා ආපහු පරාමාසයට, line 7 එකේ අනෙක් පැත්තට යන්න. පරාමාසගත වීමක් කියන එක එයාගේ එතන සිද්ධ වෙනවා. එතකොට දැන් හරි නේ. අර අපි කිව්වේ අලුත් සංස්කාරයන් කියලා කියන්නේ මොකක් ද? අපි කිව්වා අලුත් සංස්කාරයන් නිසා ඇති වෙන්නා වූ පසු සඤ්ඤාව, අන්න විඤ්ඤාණය කියන එක ඇති වීම කියන එක ඊයේ ඉගෙන ගත්තා නේ, විඤ්ඤාණය සකස් වුණා කියන එක නිසා, අන්න පසු සඤ්ඤාවක්, ඒක තමා අපි කිව්වේ.

දැන් එහෙම නම් අර line 7 එකෙන් අනෙක් පැත්තට ඇවිල්ලා දැන් අර අභිජ්ඣා අගය ම සනාථ කරලා, එයා ඒක තල්ලු කිරීම කියන එක කරනවා. දැන් වෙන්නේ මොකක් ද? මේක පුදුමාකාර loop එකක් මෙතන තියෙන්නේ, ඒක තමයි හරි පරෙස්සම් වෙන්න ඕනේ කියන්නේ, මම නම් ඉතින් අකනිට්ඨාව අල්ලා ගෙනයි ඒක කළේ. රහතන් වහන්සේ කිව්වා, මේක කියනකොට ම කියන්නෙයි කියලා පරිස්සම් විය යුතු තැනක් කියන එක. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට. අර අභිජ්ඣා කියන අදහස විතරයි.

අලුත් රූපයත් එක්ක තමන් දුවනවා කියන එක නෙමෙයි. ඒකෙන් ඇති වුණා වූ යම්කිසි තෙතමනයක් හරි මොනවා හරි ගතියක් තියෙනවා නේ ද? අන්න ඒක විතරයි භාවිතා කරන්නේ, diamond එකක් එතන එනවා පරාමාසය, ජීවිත ඉන්ද්‍රිය, ඊළඟට ඉදංසච්චය, පරිදේවය තියෙන තැන, ආපහු එතනින් එනවා පරාමාසයට. හරි ම දරුණු තැනක්, භාවනා කරන්න. එතකොට, ඒක දිගේ කැරකෙනවා. ඒක හිතන්න ගත්තොත්, ඒ විදිහට ම spin වෙනවා ඒක. පුදුමාකාර විදිහට spin වෙනවා ඒක. ඒකයි පරෙස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි නවත්තා ගන්න ඕනේ.

ඊට පස්සේ ඔන්න තමන්ට පේනවා, මේ උඩ, π අකුරේ ඉතුරු කෑල්ල ගන්න. මතක ද අපි පෙන්නුවා. ඒ කියන්නේ උඩ, පේනවා චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා, ඒ කියන්නේ මොකක් ද? අර කාරණා තුනක් මගින් හැදුණා වූ දේ තියෙනවා නේ චේතනාවට එන. සඤ්ඤාවෙන් එන එක, වේදනාවෙන් එන එක, පරාමාසයෙන් එන එක.

එතකොට මෙන්න මේක, අත්තා කියන එක, විඤ්ඤාණගත වීමයි කියලා කිව්වා. ඒ විදිහට අත්තවාද උපාදානය වෙනවා කියන එක, අර අන්තිම diagram එකේ Roman iii වෙනියට දාලා තියෙන්නේ ඒක.

දැන් මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? අත්තා කියන එක ආවොත්, අත්තා කියන එක ආවොතින් ඒ කියන්නේ, නිත්‍යයි, ඒකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය, ඒකෙන් අවිද්‍යා ආශ්‍රවය, ආන්න මෝහය. අන්න ඒකෙන් ඇති වෙන්නා වූ මෝහය, අන්න පවතිනවා කියලා එයාගේ අදහස එතනින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා ම ආපහු පරාමාසයට එනවා.

එතකොට කායුජ්ජුකතාවය මගින් තමයි එතන ඒ කෑල්ල නවත්වන්නේ. අර අපි කිව්වේ ථීනමිද්ධ අවස්ථාවේ දීත් අපි අර second opinion එක භාවිතා කරලා හරි අපි දුවවනවා කියලා. අර shirt එකක් ගන්න අවස්ථාවේ දී එහෙම නේ ද? අන්න ඒ වගේ සියුම් අවස්ථාවක්. ඒ කියන්නේ මේ විඤ්ඤාණයට මේ අලුතෙන් materials එහෙම නැතුවත්, මේකේ දුවන්න පුළුවන් තිබෙන්නා වූ ස්වභාවය. මනෝමය කායෙන් ඉන්න අවස්ථාවක කෙනෙක්ගේ, ඒකේ තියෙන්නේ අලුත් material එකක් නැතුව එයා ඉන්නා වූ ස්වභාවය. පුදුමාකාර දෙයක් ඔතන තියෙන්නේ.

එතකොට ඉතින් මේකෙදි අපි aim කළේ මොකක් ද? අර පරාමාසයේ පවතිනවා කියන එක පැවතිය හැකි ය කියන එක අපි අයින් කළා. ඉදංසච්චය තුළ පැවතිය හැකි ය කියන කායපාගුඤ්ඤතාවයෙන් අයින් කළා, පල්ලෙහා මෝහයේ, පවතිනවා කියන එක කායුජ්ජුකතාවයෙන් අයින් කරන්න ඕනේ. ඒක හැදෙන විදිහ තමයි අපි ඔය බැලුවේ, කොහොම ද ඔය පවතිනවා කියන එක අර උඩින් සාමාන්‍යයෙන් ථීනමිද්ධය හරහා එනවා වෙනුවට දැන් මෙයාගේ අලුත් පථයකුත් මේකේ තියෙනවා, මේක සියුම් ම පථයක්.

ඒක තමයි මං කරපු භාවනාව.

හිත නම් නතර වෙනවා, ඒවා ඔක්කෝම තියෙනවා. මේකේ දරුණුකම දැක්කහම මම ඇහුවා රහතන් වහන්සේගෙන් ඒකෙ මොකක් ද ඒ එතන කියන එක. ඒ කියන්නේ මුළු චතුරාර්ය සත්‍ය ම අවබෝධය එතන තියෙන්නේ. ඒ කෑලි දෙක බලනවා කියන්නේ.