ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ, විනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මරතන බුදුපියාණන් වහන්සේ, විනයධර බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කළා, වැඳ නමස්කාර කළා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට අද භාවනාව පටන් ගත්තා, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධියට, මරණයට කැමති වෙනවා. එතකොට මේ ව්‍යාධි, මරණයන් කියන ඒවා, කැමති වෙනවා කිව්වහම ඉතින් ඔතන පේනවා මේක සඳහා තමයි අපේ මේ ධම්මමච්ඡරිය කියන එක තියෙන්නේ.
Chemistry, physics, mathematics ඒවා මොනවා හරි ඒවා ඉගෙන ගැනීම කියන එක කරනවා, කියන්නේ තනිකර මෙන්න මේ ජරාවට ව්‍යාධියට මරණයට කැමති වීමට ම තමයි. ඒක සඳහා විවිධාකාර වූ ඒ උපායන් අපි කරනවා. උපායන් කියන එක තමයි එතන ගන්න තියෙන්නේ. එතකොට මට ආවේ, ධම්මමච්ඡරිය කියන රේඛාව කියන එක, parallel වෙනවා කියලා, අර අපි ඊයේ බැලුව නේ Roman i එක ලියාගත්තේ. ඒ කියන්න අර π අකුරේ පරාමාසයේ ඉඳන් අර ජීවිත ඉන්ද්‍රිය කියන තැනට එන්නා වූ රේඛාව. ඒ කියන්නේ අභිජ්ඣා, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීමට කැමති වෙනවා කියලා අපි ලියාගත්ත එක. ඉතින් අපි දන්නවා මේක මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත් එක්ක සම්බන්ධයි, ඒකෙන් නේ අපි ඕක ඇවිල්ලා තියෙන්නේ.
එතකොට, එතන මම කල්පනා කළා දැන් මෙතනින්, ජීවිත ඉන්ද්‍රිය දක්වා ආවා නම්, දැන් ඊළඟ කෑල්ල අපි දන්නවා, දැන් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ, මේක parallel කියලා කියන්නේ, නාමරූප ඉඳන් අපි ආවා චේතනාවලට. ඒක තමයි ජීවිත ඉන්ද්‍රිය දක්වා පරාමාසයේ ඉඳන් ආවා කියන එක, නාමරූප ඉඳන් චේතනා කියන point දක්වා ආවා කියන එක.
එතකොට ඊළඟට, අපි ඊයේ ඉගෙන ගත්තා පරාමාසයේ ඉඳන් ඉදංසච්චය දක්වා එනවා කියන එක, මේ අලුත් සංස්කාරයන් එන්නේ ඒ පාරෙන් කියලා කිව්ව නේ, පරණ shirt පරණ බැනියම් පාවිච්චි කරලා. ඒක සිද්ධ වෙන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවය, පරිදේවයේ ඉඳන් පරාමාසය දක්වා එන එක. Line 5යි, line 7යි, හතේ අනෙක් පැත්තට ගිහිල්ලා තමයි ඒක සිද්ධ වෙන්නේ. මෙන්න මේක, correspond වෙනවා, සම්බන්ධ වෙනවා, දැන් චේතනාවට අපි ඇවිල්ලා නේ තියෙන්නේ, චේතනාවෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණය දක්වා යනවා කියන එක. ඉදංසච්චයේ ඉඳන් පහළට ඇවිල්ලා පරාමාසයට එනකොට, අරක එනවා උඩින්, විඤ්ඤාණය දක්වා, චේතනාවෙන් ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රියෙන් විඤ්ඤාණය දක්වා යනවා කියන එක.
දැන් මේ විදිහට එහෙනම් මෙයා දැන් පාරක් හදාගත්තා. මතක ද ඕක තමයි, අර මැරිච්ච මනුස්සයගේ බෝක්කුව කැඩිලා තියන අවස්ථාවේ දීත් එයා හදා ගන්නේ, අර ක්‍රමයෙන් එයා පාරක් කියන එක හදාගත්තා. ඒ පාර හදා ගත්තාට පස්සේ ඉතින් එහෙම නම්, දැන් ඉතින් විඤ්ඤාණ ධාරාව ගලනවා, දැන් ඒ පාර විඤ්ඤාණයේ ඉඳන් ආපහු අර, පදුට්ඨමනසඞ්කප්පය, ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය පැත්තෙ ඒක ගමන් කරනවා කියන එක, අපි දන්නවා දැන් ඉතින් එතනින් පස්සේ කතාව. ඉතින් මෙතන දැන් හිත හොඳට විශාල වෙලා එහෙම තිබුණා, මෙහෙම ටිකක් වෙලා හිටියා.
ඊට පස්සේ මට ආවේ මොකක් ද? මේක, ධම්මමච්ඡරියක් නැත්නම්, මේක සිද්ධ වෙන්නේ නෑ, ඇයි ඉතින් මේ කැඩිච්ච, බිඳිච්ච, මැරිච්ච මේක, තාමත් මේ ධම්මමච්ඡරියක් කියන එක භාවිතා කරලා තමයි, මම මුලින් ම කිව්වේ ඒක නේ, මේ ජරාවට කැමති වුණා කිව්වේ ව්‍යාධියට, මරණයට කැමති වුණා. එතකොට මේ ධම්මමච්ඡරිය කියන එක හරි පුදුමාකාරයි. තමන්ගේ මනස, අර විදිහට මේ ජරා ව්‍යාධියන්ට කරා ගමන් කිරීමක් ඒකෙ තියෙනවා මේ ධම්මමච්ඡරිය නිසා. මොකද ඉස්සෙල්ලා එක කැඩුණේ යම්කිසි විදිහකට නේ, මේක තව refine කරලා, හොඳ කරලා ගත්තා නම්, ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒ හැඟීමක් තියෙනවා. ඔය දැන් ඔය කියන්නේ ඉතින් මේ ඇඟ රැලි වැටෙනවා, ඉතින් බෙහෙතක් තියෙනවා. මැරෙන එක නවත්වාගන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්, අන්න ඒ වගේ මිනිස්සුන්ගේ හැඟීම් තියෙනවා නේ නේ ද? එතකොට ධම්මමච්ඡරිය පුදුමාකාරයි.
ඒ පාර මට කල්පනා වුණා, ධම්මමච්ඡරිය නැත්නම් මේ කතාව සිද්ධ වෙන්නේ නැහැ, එහෙනම් නාමරූපයේ ඉඳන් චේතනාවට යන එක සිද්ධ වෙන්නෙත් නැහැ, ධම්මමච්ඡරිය නැත්නම්.
ඉතින් ආයෙත් කල්පනා වෙනවා, මේ ධම්මමච්ඡරිය කියන එක ඇති වෙන්නේ කුලමච්ඡරිය නිසා. කුලමච්ඡරියක් නැත්නම්, ධම්මමච්ඡරියක් ඇති වෙන්නේ නැහැ. ඒ පාර පේනවා, කුලමච්ඡරියයි ධම්මමච්ඡරියයි නිසා තමයි මේ ආවාසමච්ඡරිය කියන එක. ආන්න ඔතන බොහොම ඒ සිත විශාල වූ ඒ සිත නතර වෙන්නා වූ ඒ තත්වයක්. ඉතින් මම ඒ දක්වා කරලා භාවනාව නැවැත්තුවා.
ඒක තමයි මං කරපු භාවනාව.