ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා. ඉතින් අනෙක් බුදුපියවරු සිහි කරන්න හදනකොට ඒ බුදුපියාණන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා. එතකොට, ඒක හරි ලස්සනයි, ඉතින් ඒ පාර නමුත් මම අවසර අරගෙන අනෙක් බුදුපියවරු දාහතර නම සිහි කළා.
ඒ පෙන්නුවේ මොකක් ද? ඊයේ භාවනාවේ අපි ඉගෙන ගත්තා නේ අර ධම්මමච්ඡරිය කියන එක නැති නම් නාමරූප චේතනා දක්වා යාම කියන එක සිද්ධ වෙන්නේ නෑ කියලා. එතෙන්දී කිව්වා නැවතත් ධම්මමච්ඡරිය, කුලමච්ඡරිය නිසා ඇති වෙනවා කියලා. ඕක ලියනකොට බුදුපියාණන් පෙන්නුවා, “ඒ කුලමච්ඡරිය නැත්නම් ධම්මමච්ඡරිය සඳහා ප්රධාන වූ සංස්කාරයෝ නැතෙයි” කියලා.
එතකොට ප්රධාන වූ සංස්කාරයෝ, දැන් පේනවද අර මණ්ඩලාධිපති බුදුපියා ලස්සනට පෙන්නුවේ, එතකොට දැන් ඔන්න ධම්මමච්ඡරිය, ඒ බුදු පියවරුත් එක්ක ගත්තහම මණ්ඩලාධිපති බුදුපියා ගත්තා. දැන් එතකොට බුදුපියවරු දාහතර නමයි කියලා ගත්තහම දැන් ඉතින් සහම්පති බුදු පියාට දැන් මගේ තියෙනවා නේ ලොකුවට දෙයක්.
මොකද සහම්පති බුදුපියා තමයි මට දුන්නේ වත්ථූපම සූත්රය. පේනවා ද මේ ප්රධාන සංස්කාර කොටස්. ඒ කියන්නේ ධම්මමච්ඡරිය සඳහා ම වූ කොටස් තියෙනවා නේ. ඒක ම තමයි මේ කුලමච්ඡරිය තුළ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වත්ථූපම සූත්රය දුන්නහම මට තිබුණා වූ සතුට, වේදනා කුලයක් නේ, නේ ද? එතකොට එහෙම නැත්නම් මේ මෙත්තා සූත්රය දුන්නහම ඇති වුණා වූ, ඒක හොඳට significantly මට තාමත් කියවෙනවා නේ, මතක් වෙනවා, ඒකෙ මෙව්වා එක කොච්චර ද කියන එක. ඒක තමයි අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නලා දුන්නේ. ඒ කොයි තරමක් අපි ඒ ධම්මමච්ඡරිය සඳහා ම අපි කොච්චර ඇලිලා ඒක තියෙනවා ද කියන එක.
එතකොට එහෙම නම් ප්රධාන components කියන ඒවා අපිට පේනවා. ධම්මමච්ඡරිය සඳහා අපි ඒ කුලමච්ඡරියක් ඇති කරගෙන තියෙන්නේ, ඒක සඳහා. එතකොට දැන් මේක ආවහම අපිට පේනවා, ඒක තේරුම් ගත්තහම ඒ කුලමච්ඡරිය තුළ, ඒ line එක ඇවිල්ලා, අවිද්යා අනුසය පාර. දැන් එහෙනම් මගේ අවිද්යා අනුසය යම් ආකාරයකට ද පෙර මේවා නිසා ඇති වෙලා තියෙන්නේ, දැන් ඉතින් ඒකේ බලපෑම කියන එක තියෙනවා. ඊළඟට ගත්තහම, මොකද ඒ line එක ම නේ.
ඊළඟට ගත්තහම, ඉතින් මේක සඳහා වූ ප්රදේශය අපි තෝරා ගන්නවා, දැන් සහම්පති බුදුපියා ඉන්න ප්රදේශය, ගිහිල්ලා ඉපදෙන්න. ආවාස කරගන්නවා ඒකයි කියන එක නේ ද? එතකොට එහෙම නම් ආවාසමච්ඡරිය ඒ විදිහට ඇති වෙනවා. දැන් එතකොට ඔතන මිනිහෙක් නේ හැදිලා තියෙන්නේ, ධම්මමච්ඡරියේ ඉඳන් අපි දන්නවා කකුල් දෙක තමයි, ආවාසමච්ඡරියයි, කුලමච්ඡරියයි.
දැන් ඉතින් මෙයාට support කරන එක්කෙනා අපි දන්නවා නේ, උද්ධච්චය, එතකොට උද්ධච්චයෙන් තමයි මේකේ jack එක ගහන්නේ. මෙයා ගහනවා අර පවතිනවා, පැවතිය හැකි ය කියන එක. එතකොට උද්ධච්චයේ කෑලි දෙකක් ඔතන තියෙනවා නේ, ඇලුම් කටයුතු ආලම්බනය නිසා උද්ධච්චය නම් අන්න පැවතිය හැක, ඊළඟට ආස්වාද ඉන්ද්රිය නිසා උද්ධච්චය නම් පවතිනවා, ඔන්න ඔය දෙක ම එයා ළඟ තියෙනවා. පැවතිය හැක, පවතිනවා කියන උද්ධච්චය එතන ඇවිල්ලා තියෙනවා.
ඉතින් මේක ආවයින් පස්සේ ඉතින් එහෙම නම් අපි ගන්නවා ලාභයි කියලා, ඊළඟට යන්නේ ලාභමච්ඡරිය කියන එක. ලාභමච්ඡරියයි, වණ්ණමච්ඡරියයි වෙනවා. ඉතින් ලාභමච්ඡරියෙ දී, දැන් අතෙන්දි දැන් අපි කිව්වේ ආවාසමච්ඡරියෙ දී සහම්පති බුදුපියා ඉන්නා වූ ප්රදේශය, chemistry කරන එක්කෙනෙක් නම් ඒ chemistry ඉගෙන ගන්න පුළුවන්, chemistry වලින් රස්සාවක් කරන්න පුළුවන් ඒ වාගේ ප්රදේශයන් කියන ඒවා. ඒක තමයි එයා බලන්නේ. එතකොට ඒක සඳහා එයාට දැන් තියෙනවා ලාභයි, කොහෙද ලාභ, ආ මේ අම්මගේ තාත්තාගේ ළඟ ඉපදෙන එක, ඒක ලාභයි. ඒගොල්ලොත් ඒ විෂය ම කරනවා හරි, ඒක නිසා ඒගොල්ලන්ගේ, අඩු ගානේ ගේවත් තියෙන්නේ ඒවා කිට්ටු තැනක. ඒ විදිහට තමන්ගේ ලාභය කියන එක.
එතකොට ඊළඟට ඉතින් මේක ගත්තට පස්සේ ලාභයි කියන එක, අනෙක් පැත්තෙන් ඉතින් වණ්ණමච්ඡරිය කියන එක, අර අනෙක් ධර්මයන් හේතු කොටගෙන ඉතින් තමන්ට ඇති වෙනවා. ඉතින් ඒ, තමන් බලනවා නේ ඉතින් මේ reputation එක, මේගොල්ලන්ගේ reputation එක හොඳයි නේ ද? ආදී වශයෙන් ඒ විදිහට මච්ඡරි පහ කියන එක හැදෙනවා.
එතකොට ධම්මමච්ඡරිය තමයි අතන main එක බැලුවහම. ඒකෙ components තමයි අර කුලමච්ඡරිය වගේ ඒවායින් වෙලා තියෙන්නේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.