ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය කියලා. පවතිනවා ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කරා අර මව සහ පුතා කියන එක දක්වා, ඉතින් මෙතෙන්දී හුඟාක් ම අර ධර්මය ගලාගෙන එන එක තමයි ඒ අවස්ථාවේ දී මම සිහි කළේ. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
රහතන් වහන්සේ කිව්වා මට භාවනාවට පෙර ම, “ඊයේ භාවනාව නැවතත් කරගෙන යන්න” කියලා. ඉතින් ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධි මරණයට කැමති වෙනවා. එතකොට, ඉතින් යමෙක් ඔය කාමච්ඡන්දය වන්නේ නම් ඔහු පවතිනවා යන ඒ මුළාවටත්, එය සඳහා අභිජ්ඣා වීම කියන එක සිදු වෙනවා කියන එක තියෙනවා. අභිජ්ඣාවේ අර්ථ දැක්වීම මම ඒ අවස්ථාවේ දී සිහි කළා. ඉතින් එතෙන්දී අපිට අර diagram එක මතක් වෙනවා, අර π අකුර සහගතව diagram එක තියෙනවා නේ. ඉතින් මෙතන අපිට පේනවා ඉතින් අභිජ්ඣා කිව්වහම අර පරාමාසයේ ඉඳන් විඤ්ඤාණය දක්වා යන්නා වූ රේඛාව ගැන තමයි අපි ඔතන කතා වෙන්නේ. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම. ඉතින් අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක අර සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට එන එක. එතකොට දැන් මේ විදිහට ඒ π අකුරෙන් අපිට පේනවා ඒ අත්තා විඤ්ඤාණගත වීම නිසා දිට්ඨි ආශ්‍රවය හරහා අවිද්‍යා ආශ්‍රවය, මෝහය කියන එක ඇති වෙනවා කියන එක සිහි කළා.
ඉතින් මේක නැති වෙන්නේ අර අරි අට මඟ නිසා යන්න කියන එක මට සිහි වුණා. ඒ අදහස මට ඇති වුණේ අර diamond එක තියෙනවා නේ, පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව, ඔන්න ඕක බලන අවස්ථාවේ දී ම තමයි මට ඒක සිහි වුණේ, අර π අකුර හැදෙන විදිහ සිහි කරන අවස්ථාව, අර මැරෙන මොහොතක පුද්ගලයෙක්ගේ අලුත් සංස්කාරයන් හැදෙන කතාව නේ අපි මේ කියන්නේ. ඉතින් සම්මා දිට්ඨිය ඇති නම් ඉතින් මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මෝහය බැස යනවා. Subside වෙනවා. මේ නිසා අභිජ්ඣා නොවීමට තුඩු දෙනවා, නෙක්ඛම්මය ඇති වෙනවා, අව්‍යාපාද නොවේ, හිංසාවක් නොකරයි. ඉතින් මෙසේ සම්මා සංකප්පය වෙන බව වැටහුණා.
ව්‍යාපාද කොටස ගැන අවධානය මම යොමු කළා. අර කුලමච්ඡරිය ඉවත් වන්නේ නම් ප්‍රධාන සංස්කාරය කියන එක ඉවත් වෙනවා. එතකොට ධම්මමච්ඡරිය නොවන්නේ ය. මේ සඳහා නෙක්ඛම්මය ඇති වෙනවා නම්, අර area 6 නිසා area 1 නැති වෙන බව, ඒ කියන්නේ සංස්කාර නිසා රූපයන් ලාභයි වශයෙන් ගන්නා ස්වභාවය ම පහ වෙනවා කියලා වැටහුණා. අපි දන්නවා නේ area 1 වලින් area 6 වෙනවා, area 1 වලින් area 4 වෙනවා කියලා, නේ ද?
ඉතින් එතකොට ලාභමච්ඡරිය කියන එක පහ වෙලා යනවා. අර මෙත්තා සූත්‍රයේ සඳහන් වෙනවා නේ, “න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි, යෙන විඤ්‌ඤූ පරෙ” එතෙන්දී අපිට පෙන්නනවා නේ අර කුලේ කියන කතාව කෙනෙක් අයින් වෙලා යනවා නම්, ඉතින් ඒක නිසා අර ඒ කියන්නේ අර මිච්ඡා දිට්ඨිය නේ එතන තියෙන්නේ. ඉතින් එතනින් එනවා අපි “බ්‍යාරොසනා පටිඝසඤ්ඤා, නාඤ්‌ඤමඤ්‌ඤස්‌ස දුක්ඛමිච්ඡෙය්‍ය” කියන කෑල්ලට, අන්න ඒ කාරණා දෙකට මනස හොඳට යොමු වුණා.
බ්‍යාරොසනා කොටසට සිත යොමු වුණා ම, අර ක්‍රෝධය නිසා හානි කරන්නේ නැත. අර area 4 වල බලපෑම නිසා, ඒ කියන්නේ මේ වෙලාව වෙනකොට අපිට තියෙනවා, අර සම්මා ඥානයන්. මොකද area 6 වල සංස්කාරයන් ඉවත් කළා නේ. එතකොට අර area 4 වල බලපෑම නිසා ඇති වන්නා වූ කුලය අල්ලා ගැනීමට තුඩු දෙන නිත්‍ය ස්වභාවය. එහෙමත් නැත්තම්, අර අත්තා විඤ්ඤාණගත වෙනවා නේ, කොහොම ද අර දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, ඒ විදිහට ඇවිල්ලා අර π අකුර, i, ii, iii වලින් වෙන එක. එතකොට ඒක පහ වෙලා ගිහිල්ලා තියෙනවා කියන එක නිසා ක්‍රෝධ නොවන්නාහු ද. මෙසේ ප්‍රධාන සංස්කාරයන් බැස යන්නාහු ය, එහි බලපෑම ඉවත් වන්නාහු ය. උද්ධච්චය තුළ පවතිනවා යන සංකල්පය බැස යාම ලෙස මෙය සැලකිය යුතු ය.
එතකොට මෙතෙන්දී, ඒ කියන්නේ, ආස්වාද ඉන්ද්‍රිය නිසා වෙන්නා වූ කොටස තමයි මේ අපි කතා කරන්නේ. අපි දන්නව නේ උද්ධච්චය support කරනවා කියලා. ආස්වාද ඉන්ද්‍රියෙන් එකක්, ඇලුම් කටයුතු ආලම්බනයෙන් එකක්. එතකොට ඒ බලපෑම ඉවත් වෙනවා. ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වන බලපෑම ඉවත් වෙනවා.
පටිඝසඤ්ඤාව කොටස සිහි කළා, ව්‍යාපාදය නිසා කාටවත් හානි නොකළ යුතුයි. ඒ ජරාවට පත් නොවනවා යැයි යමෙක් හැඟීම් ඇත්නම්, ඔහුට ව්‍යාපාද සිතුවිලි පහළ වීම වැළැක්විය නොහැක. මෙය වී, වණ්ණමච්ඡරියට තුඩු දෙනවා. ඔහු ඒ සඳහා රූප පවතියි යන අදහස් ඇත්තේ, කාම සඤ්ඤා පසුපස දුවනවා. සංස්කාරයන් ඉවත් කළ පසු, මෙසේ පවතිනවා යන සංකල්පය නිසා ඇති වන වණ්ණමච්ඡරිය බැහැලා යනවා. ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන උද්ධච්ච කොටස කියන එක බැස යාම අත්ත සඤ්ඤාව පහ වීම සමඟ සිදු වෙනවා. අපි මෙතන මේ අත්ත සඤ්ඤාව කියලා කිව්වහම, අපි දන්නවා නේ අර පොඩි triangle එක, වේදනා, පරාමාස, භය අගති, 5A අත්තා කියලා අපි මුලින් ඉගෙන ගත්තේ, එතකොට ඉතින් ඒකෙ අපි දන්නවා ඔය වේදනාවේ ඉඳන් පරාමාසයට යන එක රහතන් වහන්සේ මෙතෙන්දී පෙන්නුවේ ව්‍යාපාදයේ බලපෑම හැටියට සලකන්න කියලා. එතකොට ඒ වේදනාවේ ඉඳන් පරාමාසයට අපි දන්නවා නේ ඒ රේඛාව නේ අපි මේ වණ්ණමච්ඡරිය කියලා කියන්නේ නේ ද?
ඉතින් ඒ භාවනාව බොහෝ ම හොඳයි, මේකේ මම නැවැත්තුවේ නෑ මෙතනින්. ඒක ඉතින් අර සම්මා සතියයි, සම්මා සමාධියයි කියන එකත් සිහි කළා. දැන් සංස්කාර කොටස ගියායින් පස්සේ, සම්මා ආජීවය ඒ හරියේ ඇවිල්ලා ඉතින් සම්මා සතිය මගින් අර ජරා රූප ගැනීම ද, සම්මා සමාධිය මගින් ඉද්ධිපාදයන් සහිතව විසීම, මගින් අර ලෝභ දොස මෝහ නොවීම ද කියන එකත් සිහි කළා. මේක හිත ඉතාමත් සංවර ශාන්ත ස්වභාවයකින් මේ අවස්ථාවේ දී පැවතුණා.
ඒක තමයි මං කරපු භාවනාව.