ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට මම හය නමක් සිහි කළා. ඒ විනයධර බුදුපියා සිහි කරනකොට අර මෝහය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා දක්වා ඇවිල්ලා හිටියා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අර සැප්තැම්බර් දෙවැනි දා භාවනාව, මච්ඡරිය 3 භාවනාව නැවත කරගෙන ගියා. ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධියට මරණයට කැමති වෙනවා. ඉතින් මෙහෙම කාමච්ඡන්දය වුණාට පස්සේ අර පවතිනවා යන මුළාව, ඒකට ම අභිජ්ඣා වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඊට පස්සේ මේ භාවනාව එදා වගේ ම කරගෙන ගියා. අර සම්මා දිට්ඨිය ඇති නම් මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.
අර බ්‍යාරොසනා පටිඝසඤ්ඤා කියන කොටසේ බ්‍යාරොසනා කියන කොටස සිහි කළා. ඒ කරන වෙලාවේ දී, සම්මා ඥානය ඇති බව මච්ඡරිය 3 භාවනාවේ දී අපි සඳහන් කළා, ඒක කෙසේ වන්නේ ද කියන එක තමයි අද මම ගැඹුරට සිහි කළේ. අපි මේ වෙනකොට බලමින් හිටියේ, අර i, ii, iii සහිත π අකුර, අත්තා විඤ්ඤාණගත වීම. එතකොට කාය මුදුතා, කායපාගුඤ්ඤතා, කායුජ්ජුකතා. අර පරාමාසය, ඉදංසච්චය, මෝහයේ අර පවතිනවා කියන අදහස, අනුපිළිවෙළින් අයින් කරන්නා වූ ධර්මයන් තමයි අපි සිහි කරගෙන හිටියේ. අලුත් දෙයක් නොමැතිව, විඤ්ඤාණයේ ධාරාව, පෙර මතයන්, මෝහ වූ මුළා වූ අදහස නිසා ම, පැවැත්වීමට ඇති හැකියාව විමසමින් තමයි අපි හිටියේ. අර පරාමාසයේ ඉඳන් යනවා කිව්වා නේ ඉදංසච්චයට. ආපහු ඉදංසච්චයෙන් පරාමාසයට එනවා කියලා.
එතකොට ඒ බ්‍යාරොසනා, ක්‍රෝධය නිසා හානි නොකරනවා, යන්න සිතන්නේ නම් ක්‍රෝධය තුළ වූ නිත්‍යභාවය පහ වෙලා තියෙන්න ඕනේ. මේක තමයි කායුජ්ජුකතාවය මගින් ඉවත් කරේ. එතකොට දැන් මෙතන දී මම හරි ලස්සන ධර්මයක් දුටුවා. මම පිරිමියා කියාගෙන ස්ත්‍රිය දෙස බලන දේ තමයි මෙතනින් ඉවත් කිරීම, අපි සාකච්ඡා කරන්නේ මේ අවස්ථාවේ දී. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව, රාග සල්ලය ඒක හරහා රූප ස්පර්ශ කිරීම. එහෙමත් නැත්නම් අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වීම. එතකොට අපිට දැන් පේනවා අපි මේ කතා කරන්නේ මෝහයේ ඉඳන් ජාතිය දක්වා ඇවිල්ලා ජාතියෙන් රූපය දක්වා යන්නා වූ triangle එක කතා කරන්නේ.
යමෙක් පිරිමියා කියලා කුලයක් අල්ලාගෙන ඉන්නේ, ජරා වන බව නොදන්නා නිසා. තව ටිකකින් මැරිලා, කාන්තා ස්වරූපයක් හරි වෙන රූපයක් හරි වෙනවයි කියලා එයා දන්නවා නම්, එයා අල්ලාගෙන ඉන්නේ නැහැ. අනිත්‍යභාවය නොදන්නා නිසයි එයා අල්ලාගෙන ඉන්නේ. යමෙක් පුරුෂ ස්වභාවය වෙනස් වී කාන්තා වන්නේ නම් ආවාසය ද වෙනස් වන්නේ ය, ප්‍රදේශය ද වෙනස් වන්නේ ය. කුමක් නිසා ද? ධම්මමච්ඡරිය මගින් පෙර කළා වූ වඩු කර්මාන්ත වැනි ශිල්පයන් අවශ්‍ය නැත. කාන්තාවකට සුදුසු වූ ශිල්පය සුදුසුයි යන අර්ථයෝ ඇතිව, එවැනි ප්‍රදේශයන් සොයයි. මව සොයයි, පියා එම අදහසේ දී අතහරියි. එතකොට මෙතෙන්දී අපිට පේනවා. වේදනාව, චේතනාව ධම්මමච්ඡරිය, ජරාව වේදනාව එතන කුලමච්ඡරිය, ජාතියේ ඉඳන් වේදනාවට ආවාසමච්ඡරිය, උද්ධච්චය මගින් වේදනාවට අර support කරනවා කියන එක.
මෙම ධර්මයෝ පෙර පැවතියා වූ ධර්මයන්ගේ බලපෑම මත ඇති වූවක් ලෙස සලකන්න ඕනේ. ඉතින් අරූප ධ්‍යානයන් නිසා ඇති වූ ආස්වාද ඉන්ද්‍රිය තදින් බලපාන බව අමතක නොකළ යුතුයි. නිත්‍යභාවය අධික ලෙස ඇති වී ඇත්තේ අරූප ධ්‍යානයන් නිසා ය. ඒවා අල්ලාගෙන ඉඳලා තමයි මෙතන අපේ නිත්‍යභාවය ඇවිල්ලා තියෙන්නේ, ඒ සංකල්පය ඔඩු දුවලා දුවලා ගිහිල්ලා තියෙන්නේ, ඒක නම් මට කලිනුත් තේරුණා. ඒක තමයි අපි මෙතෙන්දී අපි අයින් කරන්නේ.
ඊළඟට පටිඝසඤ්ඤා කොටස සිහි කළා. මච්ඡරිය 3 භාවනාවේ වගේ ම, එහි දී සීලබ්බත උපාදාන කොටස නිසා, ජරාවට පත් වූවත් ජරාවට පත්වන්නා වූ ධර්මයෝ නැවත සොයන ස්වභාවය පටිඝසඤ්ඤාව තුළ බැසගෙන තියෙනවා. ජරාවට පත් වෙනවා, නමුත් ජරාවට පත්වෙන්නා වූ ධර්මයෝ නැවතත් සොයනවා ඔය පටිඝසඤ්ඤාවෙන්. ඉතින් එතෙන්දී අපිට අර diagram එක ආපහු පේනවා, වේදනා, චේතනා පරාමාස, එතකොට වේදනා පරාමාස අපි කිව්වා ව්‍යාපාදයේ බලපෑම කියලා. එකේ ඒ line එකේ ම අපි ලියාගත්තා යටින් වණ්ණමච්ඡරිය කියලා. පරාමාසයේ ඉඳන් අර 5A අත්තා, භය අගතියට ගිහිල්ලා වේදනාව, ඒ triangle එක අපිට පේනවා.
මෙහි දී අලුත් සංස්කාරයන් සකසන්නේ, මේ මොහොතේ, ඒ කියන්නේ present moment එකේ, දැන් පවතින්නා වූ රූප කොටස් අල්ලාගෙන. ඒක හරියට හදපු ගේ දැකලා, පවතිනවා යැයි හෝ පැවතිය හැකි ය යන අදහස් ඇතිව කාම සඤ්ඤා පසුපස දුවනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත්, කාන්තා රූපය පවතී යැයි කාන්තාව සිතයි. ආලේප කරයි, ආභරණ පළඳවයි කියන එක එතන තියෙනවා. ඉතින් ඒක තමා මං කරපු භාවනාව. එතන අර මමංකාරය නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඉස්සෙල්ලා අහංකාරය නිසා මමංකාරය, දැන් මමංකාරය නිසා ඒ අහංකාරයන් ඇති වීම කියන එක තමයි පෙන්නන්නේ.
ඒක තමයි භාවනාව.