Date: 05/09/2015 Name: Abhijja

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට මම හය නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ හය නම සිහි කරද්දී අර මෝහය, පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා කියන තැනට මම පැමිණිලා හිටියා.

ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධි මරණයන්ට ද කැමති වන්නේ ය. මෙසේ අභිජ්ඣා වන්නේ.

එතකොට, “අභිජ්ඣාවට සාධාරණ කාරණය කාමය වන්නේ ය” කියලා බුදුපියා පැවසුවා. මේ වෙනකොට මගේ සිත, නතර වෙන ස්වභාවයට පත් වෙලා තිබුණේ, මොකද අර මෝහය, අර හය නම සිහි කරද්දී මෝහය, පවතිනවා කියන ඒ දක්වා මම ඇවිල්ලා තිබිච්ච නිසා වෙන්න ඇති. එතකොට ඒ, බුදුපියා පැවසුවා, ඒ සාධාරණ කාරණය, අභිජ්ඣාවට කාමයයි කියලා.

එතකොට, කාමය ඒක මම හොඳට විමසුවා. කාමය කියලා කියන්නේ සංකප්ප රාගො පුරිසස්ස කාමො. ඉතින් අපි කාමයට කැමති වෙනවා නම්, ජරා ව්‍යාධියටත් කැමති වෙනවා. එනම් සංකල්පය තුළ යම් අදහසක් වී ද, ඒක ම පතනවා. බැසගෙන සිටිනවා. මෙසේ අභිජ්ඣා වෙනවා කියන එක සිදු වෙනවා.

එතකොට අභිජ්ඣාවට ප්‍රත්‍ය කාමය කියලා දැනගත්තා. ඒ පාර මම හේතුව කියන එක විමසුවා. ඒක මිච්ඡා දිට්ඨිය යැයි කියලා මට ම වැටහුණා. එතකොට එහෙම නම් අපිට පේනවා මේ අභිජ්ඣා කියන එකට ප්‍රත්‍ය හැටියට අපිට තියෙන්නේ කාමය, හේතුව හැටියට තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. කාමය නැති වන්නේ නම් ඒ කියන්නේ ප්‍රත්‍ය නැති වන්නේ අර කුලමච්ඡරිය නැති වීමෙන් කියලා මට වැටහුණා.

අර බ්‍යාරොසනා, ක්‍රෝධය නිසා කාටවත් හානි නොකරමියි කියන භාවනාවේ කොටසේදි ඉගෙන ගත්ත දේ සිහි වුණා. මෝහය ඉවත් වෙනවා නම් නිත්‍යභාවය ඉවත් වන්නේ, ක්‍රෝධ නොවේ යන්න කියන එක සිහි වුණා.

පටිඝසඤ්ඤා කියන කොටස විමසුවා, ඒකෙ අපි දන්නවා අර වේදනාව පරාමාස වෙලා අර අත්තා කියලා එක හැදෙන එක. ව්‍යාපාදයේ බලපෑම නිසා තමයි මේ වේදනාව පරාමාස වෙන්නේ. එතකොට වණ්ණමච්ඡරිය අපි ලියාගන්නවා වේදනා පරාමාස line එකේ.

ඉතින් “කාමය නිසා ඇති වූ මමංකාර කොටසක් වේ ද, එය නිසා අනාගත භවය දැඩිව ගැනීම සිදුවීම හේතු කොටගෙන, අත්තා යැයි මිච්ඡා දිට්ඨිය පහව යන්නේ නම්, අභිජ්ඣාවට හේතුවත්, ප්‍රත්‍යයත් දෙක ම පහව යනවා” කියලා රහතන් වහන්සේ පෙන්නලා දුන්නා.

ඒක තමයි මං කරපු භාවනාව.