ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා මේ විදිහට වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධි මරණයන්ට කැමති වෙනවා. මම ඊයේ භාවනාවේ වාගේ අභිජ්ඣාවට හේතුව සහ ප්‍රත්‍ය කියන එක විමසුවා. අභිජ්ඣාවට ප්‍රත්‍ය අපි දන්නවා කාමය, හේතුව මිච්ඡා දිට්ඨිය. එතකොට කාමය කියන එක අපි දන්නවා, කුලමච්ඡරිය නැති වීමෙන් කාමය නැති වෙනවා කියලා ඊයේ අපි ඉගෙන ගත්තා.
නමුත් කුලමච්ඡරිය, ධම්මමච්ඡරියට ප්‍රධාන සංස්කාරය වුවත්, අනෙකුත් මච්ඡරියන් නිසා, ධම්මමච්ඡරිය හටගන්නේ, ඒ මගින් නැවතත් කුලමච්ඡරිය ඇති වෙන බව වැටහුණා. දෙපැත්තට යනවා, ධම්මමච්ඡරියට කුලමච්ඡරියෙන් එනවා, අනෙකුත් මච්ඡරියන් මගින් ධම්මමච්ඡරිය ඇති වුණා ම, ධම්මමච්ඡරිය මගින් ආපහු කුලමච්ඡරියට ඒ බලපෑම කියන එක කරනවා.
එතකොට කෙසේ නම් මච්ඡරියන්ගෙන් ගැලවීම කියන එක සිදු වන්නේ ද කියන එක තමයි මම භාවනාවේ දී කල්පනා කරේ. ඊයේ භාවනාවේ දී අවසානයට ඉගෙන ගත්ත කොටසක් සිහියට නැංවූවා. “කාමය නිසා ඇති වූ මමංකාර කොටසක් වේ ද, එය නිසා අනාගත භවය දැඩිව ගැනීම සිදුවීම හේතු කොටගෙන, අත්තා යැයි මිච්ඡා දිට්ඨිය පහව යන්නේ නම්, අභිජ්ඣාවට හේතුවත්, ප්‍රත්‍යයත් දෙක ම පහව යන්නේ ය” කියලා රහතන් වහන්සේගේ ඒ වචන.
අද භාවනාවේ දී මේකට එකතු වුණා “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො” කියන ගාථාව. කොහොම ද, අපි දන්නවා මේ පැත්තෙන් ස්පර්ශය තියෙනවා. එතන අපි පැවතිය හැකියි කියන තැන. ඊට පස්සේ උඩ සඤ්ඤාව. ඊළඟට නාමරූප තියෙන point එක, වේදනාවෙන් එන එක. එතකොට ධම්මමච්ඡරිය තමයි අපි ඒ නාමරූප point එකේ අපි ඒ line එකේ ලියාගන්නේ. එතකොට යමෙකුට, ධම්මමච්ඡරිය ලෙස නාමරූප කොටස සිතන්නේ නම් පහසුවෙන් මේක වටහා ගත හැකි වන්නේ ය. ඉතා අතීතයේ සිදු වූ දෙයක් ලෙස නොසිතන්නේ නම් පහසු ය. දැන් සිදු වෙන ක්‍රියාවලියක් ලෙස සිතිය යුතු ය.
“ඉච්ඡානිදානානි පරිග්ගහානි.” එතකොට අපිට වේදනාවෙන් ඉච්ඡාව, ඉච්ඡාවෙන් පරිග්ගහය. එතකොට ඉච්ඡා කියන එක අපි කල්පනා කරන්න ඕනේ එතන කුලමච්ඡරිය නිසා ඇති වුණා වූ කාමය. ඊළඟට පරිග්ගහය කියනකොට අපි ගන්නවා අනාගත භවය දැඩිව ගැනීම කියන එක. “ඉච්ඡායසන්ත්‍යා න මමත්තමත්ථි,” කාමය නිසා ඇති වූ මමංකාර කොටස. එතකොට කාමය නැති නම්, පහ වෙලා යනවා.
“රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා,” රූපයේ විභූතියක් ඇති නම් අපිට ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැයි කියන එකයි. ස්පර්ශය නිසායි මේ මච්ඡරිය කියන එක සිද්ධ වෙන්නේ, එතකොට ඒක නැති වෙනවා කියන එක තියෙනවා.
ඉතින් මේ භාවනාවේ දී හරීයට හිත නතර වෙනවා, පුදුමාකාර විදිහට, අර උඩ කොටස බලනකොට, නාමරූප කොටස සහිත කොටස බලනකොට, නිකන් ම නතර වෙනවා, හිතාගන්නත් බැරි වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.