ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා, මේ විදිහට වැඳ නමස්කාර කළා. ඊට පස්සේ මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ මුල දී ම, යම්කිසි සංස්කාරයක් පෙර කරන ලද්දේ නම්, ඒ නිසා ඇති වුණු ආලම්බන ස්වභාවය නිසා ඇති වූ කාම සඤ්ඤා, තම සිත මැඩගෙන සිටින ස්වභාවය දක්නේ, මේ නොකරන ලද පුද්ගලයාට, එවැනි බලපෑමක් නොවන බව වැටහීම නිසා, සිත නතර වීම අර දෙවිවරු සිහි කරනකොට ම මට සිදු වුණා.
ඊයේ භාවනාවේ කෙළවරින් අද භාවනාව පටන් ගත්තා. නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ගාථාවෙ විස්තරේ. කලහවිවාද සූත්‍ර diagram 2, ඒකේ slide 4 වල ඒ කොටසට අවධානය යොමු වුණා. මේක මං භාවනාවට පෙර ම බැලුවා ඒ slides ටික. එහි දී ලාභ සහ නන්දි දෙක ම, දිට්ඨි අනුසයට අනතුරුව ඇති වෙන බවත්, එම දෙකේ වෙනස කුමක් ද, යන්න අපි විමසලා තියෙනවා. ඒකේ අපිට පේනවා අර ගිද්ධිලෝභ ලාභ වේදනා එතන. ඊළඟට ගිද්ධිලෝභය. පල්ලෙහාට නන්දිය, ජාතිය, ජාතියේ ඉඳන් වේදනාව දක්වා ආවාසමච්ඡරිය කියන triangle එක.
රූපයට සුඛ යන අර්ථය දිට්ඨි අනුසය මගින් පැවරුවා, ඒ මගින් රූපය ලාභ වුණා. නන්දිය කියන එක ඇති වුණේ වේදනාව නිසා, මේ නිසා එකක් රූපය හා සම්බන්ධ වෙනවා, අනෙක් වේදනාව හා සම්බන්ධ වීම කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි වෙනස හැටියට තියෙන්නේ. දිට්ඨි අනුසයෙන් පස්සේ තමයි දෙක ම සිද්ධ වෙන්නේ. එහෙම නම් හය වෙනි රවුම ඇවිල්ලා. එසේ නම් ආවාසමච්ඡරිය නිසා ඇති වන බලපෑම ඉවත් වීමට නන්දිය ඉවත් වෙන්න ඕනේ. වේදනාව නිසා යම් ධර්මයක් හටගත්තා ද, එය නිරුද්ධ වෙන්න ඕනේ. මෙසේ ආවාසමච්ඡරිය ද ලාභමච්ඡරිය ද නිරුද්ධ වන්නේ නම්, ව්‍යාපාද ධර්මයෝ හටගැනීම බැස යන්නාහු ය. එහි ගැම්ම ඉවත් වීමෙන් වණ්ණමච්ඡරිය බැස යන්නාහු ය. පෙර සඳහන් කළ අයුරින්, අර ක්‍රෝධය ඉවත් වෙනවා, අපි බ්යාරොසනා පටිඝසඤ්ඤාවල භාවනාව පෙන්නුවේ එතෙන්දී. අර නිත්‍ය කතාවත් එක්ක ඇති වෙලා තියෙනවා කියන එක.
මෝහය නොවන්නේ නම් සියලු මච්ඡරියන් ඉවත් වී විඤ්ඤාණයේ නිරෝධය කියන එක ඇති වෙනවා. අර බ්යාරොසනා භාවනා කතාව එතෙන්දී කල්පනා කරන්න ඕනේ නැවතත්. එතකොට මෙතෙන්දී, දැන් අපිට තියෙනවා නේ සාමාන්‍යයෙන් diagram එක. අර ස්පර්ශය, මේ පැත්තෙන් නාමරූප. දැන් ඔය නාමරූපවලට මෙතන අපි ආවාසමච්ඡරිය නිසා දික් කරලා එන්නා වූ ඒ කොටස, දැන් ඒක නැහැයි කියන අර්ථය නේ අපිට දැන් පේන්නේ. මේක නිසා තමයි මේක ඇති වෙන්නේ. නාමරූපය නිසා තමයි ස්පර්ශය කියන එක. මෙන්න මේ, රූපයවත් නැහැ, යමෙක් ස්පර්ශ සහ නාමරූපයන් diagram එකක් ගැන සිතීමක්වත් මේකේ සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා ම සිතීම කියන එක කරන්න බැහැ. අර විඤ්ඤාණයේ නිරෝධය කියන එක අර විදිහට ඇති වෙලා තියෙනවා.
මේ භාවනාවේ මම හිටියේ නතර වෙලා ම තමයි. අර මුලින් ඇති වෙච්ච අදහස ගැන, තිබිච්චි හැඟීම එකපාරට ම පේනවා, මුළු picture එක ම ඔය විදිහට ඔය අර slide එක බලපු හින්දා මේ, කලහවිවාද සූත්‍ර 2කේ, ඒකත් එක්ක තමයි, හිත නතර කිරීම කියන එක තියෙනවා. අමුතුවෙන් මහන්සි වෙලා කළ යුතු දෙයක් තිබුණේ නැහැ.
ඒක තමා මම කරපු භාවනාව.