ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ම, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත, පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කරා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්තයි කියලා සිහි කළා. අන්න ඒ වෙනකොට මට සලකුණක් දැක්කා. ඒක නිකන් හරියට අර p අකුර වගේ සලකුණක් කියලා කියන්නත් පුළුවන්. එතන තියෙන්නේ අර රූපයයි ගිද්ධිලෝභයයි ජරාවයි. ඊළඟට දකුණු අත පැත්තට වේදනාව. එතකොට මේ සලකුණේ අපි දන්නවා වම් පැත්තට තියෙන්නේ අභිජ්ඣාව කියලා. එතකොට අපිට පේනවා අර, අභිජ්ඣා, අතන රූපයයි ගිද්ධිලෝභයයි අතර කාමච්ඡන්දය කියන එක එතන ලකුණු වෙලා තියෙනවා. වම් අත පැත්තෙන් අපි දන්නවා අභිජ්ඣාවේ ඉඳන් රූපයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ පහළ ජාතියට කියන එකට සම්බන්ධ වෙනවා කියලා.
එතකොට ඒ භාවනාවට පළමුව අපි, මම ඊයේ භාවනාව සිහි කරන්නේ, ඒකෙ අපි එක වාක්‍යයක් ලිව්වා “ආවාසමච්ඡරිය නිසා ඇති වන බලපෑම ඉවත් වීමට නන්දිය කියන එක ඉවත් විය යුතුයි. වේදනාව නිසා යම් ධර්මයක් හටගත්තා ද, එය නිරුද්ධ විය යුතුයි” කියලා අපි වාක්‍යයක් ඉගෙන ගත්තා. අන්න ඒ වාක්‍යයට මගේ සිත කියන එක යොමු වුණා.
එතකොට මේක අර ආයතන භාවනාවේ දී slide 3 වල අපි ඉගෙන ගත්තා අර stick 2 කියලා ඉගෙන ගත්තේ. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට තිබෙන්නා වූ රේඛාව, එතන අපි ඉගෙන ගත්තා වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලීම අභිනිවේසය, ඒක දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණයන් විමසීමේ දී අපි ඉගෙන ගත්තා. මෙවන් වූ ධර්මයක් සඤ්ඤාව හා සම්බන්ධ වෙලා තිබිය යුතුයි කියලා මට හැඟීම් ඇති වුණා. අද භාවනාවේ දී මම විමසුවේ අන්න ඒක.
ඉතින් යමෙක් චිත්ත සංස්කාරයන් හදන්නේ, එහි ඇලීම් ඇත්තේ, කරකැවීමෙන් ඇති වෙන ආස්වාදය අවිද්‍යා ආශ්‍රව තුළට බැස ගත්තා කියන එක අපි කලින් ඉගෙන ගත්තා. මෙහි දී පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියන වාක්‍යය මතකයි නේ. ඒකට මම සිත යොමු කළා. අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය කියන එක දැන් විමසුවා.
අර ඉස්සෙල්ලා දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය විමසීමක් එකක්, දැන් අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය කියන එක විමසුවා. එතන අසම්පජානකාරීත්වයයි අප්පටිවේධයයි කියන එක තමයි ලක්ෂණ වෙන්නේ. අසම්පජානකාරීත්වය මොකක් ද? අප්පටිවේධය කුමක් ද? යි කියන එක මම විමසුවා.
අන්න එතෙන්දී අපිට මතකයි අර නාමකායේ පටිඝසම්ඵස්ස අගයෝ, ඒ කියන්නේ අර දිට්ඨිය බිඳිලා, සංකල්පයන් සමාන නොවුණා කියන එක, අර සඤ්ඤාවයි චේතනාවයි අතර අපි ලියන එක, ආන්න ඒක තමයි අසම්පජානකාරීත්වය.
ඊළඟට අපි දන්නවා ජාතියේ ඉඳන් වේදනාව, නාමරූප කියලා අපි ලකුණු කරන තැන තියෙනවා නේ, නාමරූපය කියන තැන. ආන්න එතන තමයි අප්පටිවේධය කියන එක.
අසම්පජානකාරීත්වය නාමකායේ පටිඝසම්ඵස්ස සලකුණ ලකුණු කරන සඤ්ඤා චේතනා අතර point එක විදිහට සලකන්න ඕනේ, කුමක් නිසා ද? යම් දිට්ඨියක් බිඳුණා ද, යම් සංකල්පයක් සමාන නොවුණා ද, මෙය සෝක වූ පසු දැනගත්තා වූ ධර්මයෝ ය. සෝකය තියන තැනදි නේ අපි තේරුම් ගත්තේ මේ දිට්ඨිය බිඳුණා, සංකල්පය සමාන නොවුණා කියලා. තණ්හාව නිසා වන බව මේක නොදනී. ඉතින් එතෙන්දී අපිට පේනවා, අවිද්‍යා ආශ්‍රවය පිටිපස්සේ, භය අගතිය සෝක කාම ආශ්‍රව කියන line එක, එකේ භය අගති සෝක ජරා, අපි සබ්බාසව සූත්‍රයේ ඉගෙන ගත්තේ, අන්න ඒ කෑල්ල, එතකොට යම් hub එකෙහි කැරකීමක් වේ ද එය තණ්හාව නිසා සිදු වන්නකි. අවිද්‍යා ආශ්‍රවය එය පිටුපස ඇත. තණ්හාවට උදව් උපකාර කරනවා එයා. අවිද්‍යා ආශ්‍රව පිටිපස්සෙන් ඉන්නවා, තණ්හාවට උදව් උපකාර කරනවා. සෝකය හරහා ජරාව කරා එන්නේ, නාමකායේ පටිඝසම්ඵස්සය කරා දුවවයි, තුඩු දෙනවා කියන එක.
අප්පටිවේධය කුමක් ද? අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා, දැන් අපි භය අගති සෝක කාම ආශ්‍රව දක්වා යම් ධර්මයක් හටගත්තා ද, බැස ගත්තා ද, ඒ යම් නොදන්නා බවක් වී ද එයයි. එතෙන්දී අපිට පේනවා කාම ආශ්‍රව රාග සල්ල ජාති වේදනා නාමරූප කියන line එකට අපි එනවා.
මෙම ධර්මයන් දෙක සිහි කරන්නේ, ඉතාමත් ම සුපුරුදු පෙර දැනගත් ධර්මයන් සිහි කරන්නාක් මෙන් හැඟීම් මට ඇති වුණා. මෙය “ධර්මකාය” බව මට ම වැටහුණා. බුදුපියා, “දරුව එය එසේ යැයි” කියලා පැවසුවා. ඒ කියන්නේ ඒ අසම්පජානකාරීත්වය තියන ඒ නාමකායේ ඒ point එකයි, ඒ නාමරූපයයි කියන එක. ආන්න ඒක තමයි ධම්මකාය කියන එක. ඉතින් අර මට සිහි වුණේ “එවං කායො එවං ධම්මො.” එතැන හරී comfortable තැනක් මට, ඒ සිහි කරන්න. ඒක තමා මම කරපු භාවනාව.
ඒ අප්පටිවේධය කියන එකට මම ආවේ, මම බැලුවේ ධම්මමච්ඡරිය ඇති වෙන්නා වූ ලොකු ම component එක තමයි, අපි කතා කරන්නා වූ කුලමච්ඡරිය. එතකොට කුලමච්ඡරිය point එකට අපි අර භය අගති සෝක කතාවේ දී අපි ඇවිල්ලා. මොකද සෝකයෙන් ජරාවට ඇවිල්ලා නේ තියෙන්නේ. එයා කළින්, එතකොට එයා ඇවිල්ලා තියෙන්නේ එතෙන්දී ලොකු component එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් ජාතිය දක්වා ආවා කිව්වහම දැන් ඒ අනිත් ධර්මයන්ගෙන් තියෙන්නා වූ බලපෑම. ඒ අනිත් ධර්මයන් කියලා කියන්නේ ආවාසමච්ඡරිය වගේ ධර්මයන්. ඉතින් ආවාසමච්ඡරිය අපි කිව්වේ අර වෙනස් කරනවා හිටන් කියලා. දැන් පුරුෂයා කාන්තාව වෙනවා කියලා දැනගත්තා නම්, වෙනස් කරනවා කිව්වේ. එතකොට එකත් එක්ක ඉතින් ගිද්ධිලෝභය, ඉතින් ඒවායේ වණ්ණ මච්ඡරිය, ඒවා ඔක්කොම. එතකොට එහෙම නම් මෙන්න මේ දේ හැදෙන හැටි නොදන්නාකම, මේ ධම්මමච්ඡරිය නිසා මට මෙන්න මේ ප්රශ්නය ඇති වුණා කියලා නොදන්නාකම තමයි මෙතන අප්පටිවේධය, ඉතින් අර රහතන් වහන්සේගේ පැහැදිලි කිරීමේ වචනය තමයි අර ලස්සනට කිව්වේ, අර line එක, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් අර භය අගති සෝක කාම ආශ්‍රව. එච්චරයි, එච්චරයි ඉතින්.