ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන පළමු වන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළවෙනි බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත කියලා මම සිහි කළා. එතකොට මේක සිහි කරපු ගමන් මේ අර පෙරේදා ධම්මකාය භාවනාවේ දී ඉගෙන ගත්තා අර තණ්හාව නිසා අපි දන්නවා නේ ඔතන ඇති වන්නේ සෝකය කියන එක. “තණ්හාය ජායතී සොකො” කියන්නෙ එතකොට ඒක ඇති වුණා ම අර දිට්ඨිය බිඳීම කියන එක දැනගත්තා. සංකල්පය සමාන නොවන බව දැනගත්තා. මේ නිසා සෝකයෙන් අර ජරාව, ඒකෙන් උඩ එනවා අසම්පජානකාරීත්වය කියන එක අර නාමකායේ පටිඝසම්ඵස්සය කියන තැනට එනවා. එතකොට මේක සිහි කළ පමණින් ම මගේ සිත නතර වුණා. මේකට හේතුව මොකද?
තණ්හාව නැති නම් විඤ්ඤාණ ධාරාව කියන එක ගැලීමක් කියන එක නැතෙයි කියන එකයි. මේකට හේතු වුණේ, මේ භාවනාවට පෙර මම කියෙව්වා මේ බීජ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ ඒ තුන් වෙනි පොතේ පිටුව 95 මම ඒක බැලුවා ඊයේ. ඒකෙ පෙන්නනවා බුදුහාමුදුරුවෝ මේ බීජයෝ පස් දෙනෙක් ඉන්නවා
පළවෙනි බීජය තමා මූල බීජය කියලා කියන්නේ root propagation කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මුලින් පැළ වෙනවා කියන එක.
ඊළඟට දෙවෙනියට පෙන්නනවා ස්කන්ධ බීජය කියලා ඒ කියන්නෙ මේ stem එකෙන් propagate වෙනවා කියන එකයි එතකොට කඳෙන් පැළ වෙනවා කියන්නෙ.
ඊළඟට තුනට කියනවා මේ එළු බීජය කියලා ඒ කියන්නෙ මේ joint propagation කියනවා පුරුකෙන් පැළ වෙනවා කියලා කියන්නෙ.
ඊළඟට ආපහු පෙන්නනවා මේ අග්‍ර බීජය කියලා cutting propagation කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඒ කියන්නෙ ඔය අගින් පැළ වෙනවා කියලා.
ඊළඟට පස් වෙනි කාරණයට පෙන්නනවා බීජ බීජය කියලා ඒකට කියනවා මේ seed propagation කියලා ඒ කියන්නෙ ඇටයෙන් පැළ වෙනවා කියන එක.
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච බීජයෝ නොකැඩෙනාහු, කුණු නොවන්නාහු සාරය ගෙන දෙන්නාහු ඒ සුඛසසීත කියලා කියනවා. Well buried හොඳට යටට යට කරලා තියෙනවා නම්. පොළොව ද ජලය ද ඇත්නම් මේ පංච බීජයෝ වැඩීමට වෙසෙසින් නැගීමට විපුලභාවයට පැමිණෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතෙන්දි පෙන්නනවා බුදුහාමුදුරුවෝ පඨවි ධාතුව යම් ආකාරයක ද අර සතර ආකාර විඤ්ඤාණස්ථිතිය කියන එක දත යුතු ය කියලා.
එතකොට මම උදාහරණයට ගත්තේ මෙම රූපය අල්ලාගෙන සිටිනවා කියන එකයි. එතනින් මම කල්පනා කළේ මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා පැමිණිලා රාග සල්ලය හරහා ජාතිය, ඒ ජාතියෙන් අර අප්පටිවේධය කියන එකට එනව නේ නාමරූපය කියලා අපි බැලුවේ. අන්න ඒක. එතකොට ඔතෙන්දි අපි රූපය අල්ලා ගන්න යනවා.
ඊළඟට ආපෝ ධාතුව කියන එක යම් සේ ද, එසෙයින් නන්දිරාගය දත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නෙ ජරාවට කැමති වෙලා නැවත ඉපදීමට කැමති වීම. මේ විදිහට අසම්පජානකාරීත්වය කියන එක අපිට ඇති වෙනවා. ඒක තමා ආපෝ ධාතුව. ඒක ඉතින් මතක තියාගන්න ඕන අර සෝකයෙන් ජරාවට ඇවිල්ලා එතනින් උඩ අසම්පජානකාරීත්වයට එනවා කියන එක.
ඊළඟට පංච බීජයෝ යම් සේ ද ආහාර සහිත විඤ්ඤාණය දත යුතු ය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ වෙලාවෙදි මම අසම්පජානකාරීත්වයත් අප්පටිවේධයත් කියන දෙක ම මම එතෙන්දි ගත්තා. එතකොට කොහොම ද මේ පංච බීජයෝ අපි ලකුණු කරගන්නේ? අපි දන්නවා අර සඤ්ඤාවයි චේතනාවයි අතර අසම්පජානකාරීත්වය කියන එක තියෙනවා. නාමරූප කියන එක අප්පටිවේධය, අන්න එතෙන්ට පඨවි ධාතුව කියන එකයි එතන වැටෙන්නේ. අසම්පජානකාරීත්වයට ආපෝ ධාතුව නේ එතන වැටෙන්නේ.
ඊළඟට ගත්තහම මේකේ පළවෙනි කාරණය 1 මූල බීජය හැටියට එන්නෙ චේතනාව. 2 පරාමාසය කියන එක තමයි අර ඛන්ධ බීජය කියලා කියන්නෙ. කඳෙන් පැළ වෙනවා කියලා. එතෙන්දි අපි දන්නවා අර තණ්හාව මගින් එකතු කරනවා නේ.
ඊළඟට තුන් වෙනි කාරණයට පෙන්නනවා පුරුකෙන් පැළ වෙනවා කියලා. පුරුකෙන් පැලවෙනවා කියන එක අපි ගන්න ඕන විඤ්ඤාණය කියන එක. එතකොට මතක ද අපි අර විමුක්ති ඥාන දස්සන එකේ 6 වෙනි සතිය මගින් අපි පෙන්නුවේ විඤ්ඤාණය සකස් වෙන්නේ මෙහෙමයි කියලා අන්න ඒකෙන් තමයි ඕක නතර වෙන්නේ.
ඊළඟට 4 වෙනි කාරණයට එනවා ඔය මේ cutting propagation කියන එක. ඒ කියන්නෙ අගින් පැළ වෙනවා කියලා. ඒක තමා ඉදංසච්චයට ගත්තෙ. මොකද, ඉදංසච්චයේ අර මාළුවා මැරිලා වැටෙන්නේ වතුරට. එතනින් මැරී වැටෙන අවස්ථාව තමා ඒක බලන්න ඕන.
ඊළඟට 5 වෙනි කාරණයට ගත්තා මෝහය. ඒක තමයි අර ඇටය. Seed propagation. ඔය විදිහට ඒක තමයි මං කරපු භාවනාව. මේකේ අර අසම්පජානකාරීත්වය ඔය අර්ථයන් තියෙනවා. අසම්පජානකාරීත්වය බලපු ගමන් මේක කෙළින් ම මගේ නතර වෙලා හිටියා.
ඒක තමා භාවනාව.