ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන පළමු වන ශ්‍රේෂ්ඨතම ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අර අසම්පජානකාරීත්වය කියන එක සිහි කරපු ගමන් සිත නතර වුණා. මේකෙ විශේෂය මොකක් ද? අරුමය කුමක් ද? කියන එක මේවා කළා. රහතන් වහන්සේ පෙන්නුවා මේ සම්පජානකාරීත්වය ඇති වීමයි. තණ්හාව නැති නම් මේ කිසිවක් නොවේ යන අවබෝධය ඇත්තෙකුට මෙසේ සිත නතර වීම සිදු වේ කියලා පෙන්නුවා. අද භාවනාවෙදි විශේෂ වුණේ අර පංච බීජයන්ගේ නැති වීමට භාවනා කළ යුතු ධර්මයන් මං සිහි කළා.
ඒ පළවෙනියෙන් ම, අපි ඒ diagram එකේ වගේ එනවා ඉතින් අර කෙනෙක්ගේ සඤ්ඤාව, චේතනා, විඤ්ඤාණ ඊළඟට වේදනා, පරාමාස, ඉදංසච්ච පල්ලෙහායින් මෝහය. එතකොට අපි දන්නවා අසම්පජානකාරීත්වය කියන එක අර සඤ්ඤාවයි චේතනාවයි අතර නාමකායේ පටිඝසම්‌ඵස්‌සය. එතකොට අර දිට්ඨිය බිඳිලා තියෙනවා සංකල්පයන් සමාන නොවුණා කියන point එක. ඊළඟට ධම්මමච්ඡරියේ පාරෙ අපි දන්නවා අර නාමරූප අන්න එතන තියෙන්නෙ අප්පටිවේධය කියන එක. එතකොට දැන් චේතනාව යටින් අපි ලියවෙන්නෙ මොකක් ද අර මුලින් පැළ වෙනවා කියන එකයි. එතකොට ඒක නැති වෙන්න කායමුදුතාවයි, කායපාගුඤ්ඤතාවයයි ඕනෙයි කියන එක මට නිකම්ම එකපාරට ම එනවා.
ඊට පස්සේ දෙවෙනි කාරණයට තියෙන්නෙ පරාමාසය තියන තැන කඳෙන් පැළ වේ. මේක නැති වෙන්න නම් කායපාගුඤ්ඤතාවයයි, චිත්තපාගුඤ්ඤතාවයයි කියන එක ඕන.
ඊළඟට තුන් වෙනි කාරණයට තියෙන්නෙ මේ විඤ්ඤාණය පුරුකෙන් පැළ වෙන එක. අන්න ඒක නැති වෙන්න නම් චිත්තමුදුතාවයි, චිත්තුජ්ජුකතාවයයි කියන දෙක තියෙන්නට ඕන.
එහෙම නම් හතර වෙනි කාරණයට තියෙන්නෙ ඉදංසච්චය එතන තියෙන්නෙ අගින් පැළවීම කියන එක. අර cutting propagation කියලා කියන්නෙ. අන්න ඒක නැති වෙන්න නම් චිත්තුජ්ජුකතාවයයි, කායුජ්ජුකතාවයයි කියන දෙක තියෙන්නට ඕන. මං ඔතෙන්ට ආපුවහම කෙළින් ම නිරෝධයට යෑම කියන එක සිද්ධ වුණා.
එතනින් ආපහු ආවට පස්සෙ දැන් ඉතින් මෝහය කියන තැන තියෙන්නෙ අර ඇටයෙන් පැළවීම කියන පස් වෙනි කාරණය ඉතින් මේකට නම් සියල්ල අත්හැරීම කියන එක තියෙන්න ඕන.
අර ඉස්සෙල්ලා පෙන්නා වූ කාරණා ටික භාවිතා කරලා මේ සියල්ල අතහැරීම කියන එක තියෙනවා නම් ඒ පුද්ගලයාට එතන ආපහු ඒ මෝහයක් කියන එක එතන නැහැයි කියන එකයි.
ඒක තමයි මං කරපු භාවනාව.