Date: 12/09/2015 Name: විමුත්ති

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන උත්තරීතර ඥානවන්ත ප්‍රඥාවන්ත පණ්ඩිත වූ පළමු වෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත කියලා සිහි කළා. එතකොට මේ මගින් අභිජ්ඣාව වීම කියන එක. මතකයි නේ, අපි ඉගෙන ගත්තා අභිජ්ඣාව කියන එක ප්‍රත්‍යය හැටියට තියෙනවා කාමය හේතුව හැටියට තියෙනවා මිච්ඡා දිට්ඨිය කියලා. එතකොට කාමයට අපි ගත්තා ඒ ලොකු ම එක හැටියට එන්නෙ ඒ කුලමච්ඡරිය නිසා තමයි මේ කාමය කියන එක ඇති වෙන්නේ කියලා. එතකොට එතනින් අපි බැලුවා කුලමච්ඡරිය ප්‍රධාන සංස්කාරය වෙනවා, එමගින් ධම්මමච්ඡරිය ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.

macchariya.jpg

එතකොට ඒ කුලමච්ඡරිය, ආවාසමච්ඡරිය, ඒ ධම්මමච්ඡරිය මගින් ඇති වන මිනිහා අර නොවැටී පවත්වන්නේ උද්ධච්චය මගින් කියලා. ඒ උද්ධච්චයේ ලොකු ම component එක ආස්වාද ඉන්ද්‍රිය. ඒ ඇති වෙන ධර්මතාවය. ඒකෙ විශාලතම අගය ඇති වෙලා තියෙන්නේ, අරූප ධ්‍යානයකට ඇලීම සමුද්ඝාතනය නොකිරීම. එනම් අවිද්‍යා අනුසය ධර්මයයි, මෙනෙහි කළා. මේක මේ විදිහට ම පෙටකොපදෙසයේ සඳහන් වෙන ධර්මය සමඟ සම්බන්ධ වුණා. එතන පෙන්නනවා මේ අවිද්‍යාව විඤ්ඤාණයට බීජ වෙනවා. මේක ඉවත් නොකිරීම නොසිඳී පවතින හේතුවක් වෙනවා කියලා. මෙසේ ප්‍රතිසන්ධිය ඇති වෙනවා කියලා වාක්‍යයක් අපි ඉගෙන ගත්තා ආයතන භාවනාවේ ඔය slide 10 එකේදි.

එතකොට බීජ සූත්‍රය මගින් පෙන්වා දීපු ධර්මයත් මේක ම නේදයි කියලා මට භාවනාවට පෙර ම වැටහුණා. ඒකෙදිත් කියන්නෙත් ඕක ම නේ.

MM_12_09_2015.jpg

මොකද මෝහය කියන තැන තියෙන්නෙ ඇටේ. එතකොට දැන් මෙතන මේ පෙන්නන්නෙ, දැන් අපි ආපහු අර ඒ diagram එක සිහි කරගන්නවා නම් සඤ්ඤා චේතනා විඤ්ඤාණ, වේදනා පරාමාස ඉදංසච්ච, පල්ලෙහායින් තියෙන්නෙ මෝහය. එතකොට නාමරූප කියන තැනට අපේ වැටෙනවා අප්පටිවේධය කියන එක. අසම්පජානකාරීත්වය අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ. ඉතින් මේ දෙක මගින් තමයි අර චේතනාව එහෙම ඇති වන්නේ. එතන නේ අපි බැලුවේ. ඒක තමයි root එක කියලා නේ ද. මුල කියන එක.

එතකොට අපි මෙතෙන්දි මම විශේෂයෙන් බැලුවේ මේ කාරණා ටික මං මෙනෙහි කළා. ඔය පරාමාසය ළඟ අපි දන්නවා ඔය කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කියන එක අපි සඳහන් කරගන්නවා. ඉදංසච්චය ළඟ චිත්තුජ්ජුකතා කායුජ්ජුකතා. ඉතින් ඒ භාවනාවට පෙර ම මං බීජ සූත්‍රය ධර්මය සිහි කළා. ඒ ඊයේ භාවනාවෙදි මෙනෙහි කරන සියල්ල නැවතත් කල්පනා කළා. මෝහය ඇති වන්නේ මේ විඤ්ඤාණ ධාරාව අර කායුජ්ජුකතාවයට පසුවත් ගැලීමට සලස්වන π අකුර ධර්මය ඒ කියන්නෙ නිබ්බාන 2 භාවනාවෙදි 07/07/2015 දී අපි ඉගෙන ගත්තා නේ. ආන්න ඒක. මේකේ මුල මේ චේතනාව නිසා හටගන්නා බව අපිට පැහැදිලියි. එතකොට seed එක තමයි මෝහය අතන මූල චේතනාව තියන තැන “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි.”

එතෙන්දි අපිට එනවා අර ඒ π අකුර හැදෙනකොට අපි පෙන්නුවා නේ තුන් ධර්මයක්. සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට, පරාමාසයෙ ඉඳන් චේතනාවට එහෙම අත්තා වෙනවා කියලා. ඉතින් දැන් අප්පටිවේධය කියන එක තියෙන්නෙ ඔය වේදනාවයි චේතනාවයි අතර නේ. නාමරූපය කියන එක. ආන්න එතනදි අපි කල්පනා කරන්න ඕනි, අත්තා ධර්මය කියලා සලකන්න ඕන. මේකෙ මුල මොකක් ද? අත්තා ධර්මය. මුල ඒකයි. Root එක ඒකයි. ගහක් පැළ වෙනවා නම් මුලින් ලියලන්නේත් නම් පමණක් ඇට ඇති වන්නේ යම් සේ ද එසේ මෝහ ඇති වීම චිත්තපාගුඤ්ඤතා භාවනාව සිහි කරනවිට වැටහුණා. ඒකෙදි පෙන්නනවා නේ අර කායුජ්ජුකතාවයත් ඇති වෙලා ආපහු තාමත් අපි දුවනවා. මොකද මේ? පරාමාසය ඇතුළේ තියන එක හරි අපි අර එකතු කරනවා කියන අර්ථය තියෙන්නෙ. එතකොට මෙසේ මෝහ වන්නේ නම් නිත්‍යභාවය නිසා අප්පටිවේධය. එතකොට අපිට ඔතන පෙන්නනවා දැන් අපි කතා කළේ අප්පටිවේධය නාමරූප කියන තැන. ඉතින් නාමරූප ධර්මයන් සමඟ නැවත ලියලනවා. මේ භාවනාව ඉතාමත් ම සුඛ සහිත භාවනාවක්. ඒ සියලු විමුක්තීන් මනා කොට පැහැදිලිව ඒකේ පැවතියා, ඒ භාවනාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Ayatana/S_Ayatana-10.jpg