ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් සිහි කරනකොට අර චේතනාව ළඟ පවතිනවා පැවතිය හැකි ය කියන දේ. ධම්මාධිපති බුදුපියා සිහි කරනකොට ස්පර්ශයේ ඉඳන් නාමරූප දක්වා පවතිනවා පැවතිය හැකි ය කියන දේ. ඉතින් මේ තුන් නම සිහි කරනකොට ම මගේ සිත නතර වුණා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය පහ කරමි, කියලා සිහි කළා. එතෙන්දි සාතං අසාතං යමාහු ලෝකේ, තමූපනිස්සාය පහොති ඡන්දො කියලා ඒ ගාථාව මතක් වුණා. සාත කිව්වෙ ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි. අසාතයි කියන්නෙ අනිෂ්ට වස්තුවයි දුක වේදනාවයි. ඉතින් මේක නිසා තමයි මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ එහෙනම් මේක පහ වෙන්න ඕන. ඉතින් අර pindoliya diagram එකේ විදිහට ම භාවනාව සිද්ධ වුණා. අර නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. එතෙන්දි අපි දන්නවා අපි අර ඊයෙත් සඳහන් කරපු ධර්මය සඤ්ඤාව ඉඳන් චේතනාවට තියන රේඛාව, ඊළඟට වේදනාවේ ඉඳන් චේතනාවට එන රේඛාව ඒකේ අපි ලකුණු කරනවා අර නාමරූප අප්පටිවේධය කියලා. අතන අසම්පජානකාරීත්වය තියෙනවා අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට යන එක නාමකායේ පටිඝසම්ඵස්ස ඔය චේතනාව කියන තැන අපි සළායතන කියලා අපි ලකුණු කරගන්නවා.
ඉතින් භාවනාවට පෙර ම ඔය 22/08/2015 සළායතන නිරොධො ඵස්ස නිරොධො කියන භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. ඒකෙ තියෙනවා අවසානයට අර චේතනාවෙ අර්ථ දැක්වීම කියන එක සිහි කළා. ඒක නිරෝධ වීමට නම් ඒකෙ පෙන්නනවා ඒ කියන්නෙ සළායතන නිරොධො ඵස්ස නිරොධො කියන එක සිද්ධ වෙන්න නම් අලුත් රූප සෙවීම කියන එක නිරෝධ වෙන්න ඕනේ. කාමේසු සංයුක්තො විහරති.
දෙවෙනි කාරණයට පෙන්නන්න පුළුවන් නාම කියන එක සිදු නොවිය යුතුයි. වේදනා අගයෝ සඤ්ඤාව මගින් වැඩිදියුණු කිරීම නොවිය යුතුයි භාවිතො කියන එක.
තුන් වෙනි කාරණයට එනවා විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා ඇති වූ චිත්තය අත් නොහැර අල්ලා ගැනීම නිරෝධ විය යුතුයි. අජ්ඣොසන්නා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් අවිද්යා අනුසය හේතු කොට එන්නා වූ නාමකායේ පටිඝසම්ඵස්ස අගයෝ බැස යා යුතුයි. ඒ කියන්නෙ අසම්පජානකාරීත්වය කියන එක නැති විය යුතුයි.
ඊළඟට දෙවෙනි කාරණයෙදි අපිට පේනවා අර නාමරූප තැන අපි අප්පටිවේධය කියන එක ලකුණු කරගන්නවා. එහෙනම් අප්පටිවේධය කියන එක නතර වෙන්න ඕන.
මේ වෙනකොට මට විවිධාකාර රූප පේන්න ගත්තා, ලස්සන දේවල් දැක්කා. ආන්න එතනදි මට කල්පනා වුණා අර පළවෙනියට කියපු කාරණාව අලුත් රූප සෙවීම කියන එක නිරෝධ විය යුතුයි කියලා සිහි වුණා. ඒක නැත්නම් දැන් අපි දෙවෙනියටයි තුන් වෙනියටයි කිව්ව කාරණා දෙක නැවතත් ඇති වෙනවා. නාම කොටස් කියන ඒවා ඇති වෙනවා කියන එක. එතකොට මෙන්න මේ හැඟීම තියෙනවා. ඒක නිසා නිරෝධය කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිරෝධයෙන් බොහෝ වේලාවක් හිටියා. ඒක තමයි මගේ භාවනාව.
ඉතින් මේකේ අර විශේෂයෙන් ගන්න ඕන අපි අර අසම්පජානකාරීත්වය කියන එක නැති වෙන්න ඕන. අර ඒක තමයි මේ පෙන්වන්නෙ තුන් වෙනි කාරණයෙදි ගත්තහම විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා ඇති වන චිත්තය. එතකොට මේ අසම්පජානයයි අප්පටිවේධයයි නැති වෙනකොට ඉතින් අපි දන්නවා, ඒ කියන්නේ අවිද්යා ආශ්රවයේ ලක්ෂණ නේ. ඒක නැති වුණා ම ඉතින් නැති වෙනවා කියලා.
ඒක තමයි කරපු භාවනාව.