ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි, මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, මේ විදිහට තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය නැති කරමි, කියලා ඊයේ වගේ ම භාවනාව පටන් ගත්තා. අර සාතං අසාතං යමාහු ලෝකේ තමූප නිස්සයා පහොති ඡන්දො කියලා. භාවනාවට පෙර ම ඊයේ භාවනාව බලද්දි අර ජාති diagram එක භාවිතා වෙන කොටසට මනස යොමු වුණා. ජාති diagram එක ඊයේ භාවනාවට සම්බන්ධ වුණේ ආකාර දෙකකින්. මොන විදිහකට ද?
පළවෙනි එක තමයි ඒ කාම ආශ්‍රව දක්වා පැමිණියා නම් මෙය මගින් ම තමයි අලුත් රූප සෙවීම සිදු වෙන්නෙ. එතකොට කාමේසු සංයුක්ත නොවීමට නම් ජාති නොවිය යුතුයි කියන අර්ථය තියෙනවා.
දෙවෙනි කාරණයට එනවා විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා ඇති වූ චිත්තය අත්නොහැර අල්ලා ගැනීම නිරෝධ විය යුතු ය. ඒ කියන්නෙ අසම්පජානකාරීත්වය නැති වෙන්න ඕන.
මේ කාරණා දෙක ඊයේ භාවනාවේ නිරෝධය සඳහා උදව් උපකාර වුණා. මේක ටිකක් හොඳින් විමසනකොට මම කල්පනා කළේ, අපි දන්නවා අර odd පථය. Odd පථය ඔස්සේ ජාතියට පැමිණීමට පෙර even පථය ඔස්සේ ජරාවට පැමිණීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. මේ වන විට odd පථය ප්‍රියේහි විප්පයොගය පසු කර ඇත. ප්‍රිය වූ දෙයක් ඇති යැයි සොයන තත්වයට මනස පත් වී ඇත. අන්න එතෙන්දි අපිට පේනවා අර ජරාවේ ඉඳන් එහෙම නම් වේදනාවට අපේ තියෙනවා අර අවිද්‍යා අනුසය කතාව. එතකොට අන්න ඒ අවිද්‍යා අනුසය ධර්මය බලපෑම නිසා වේදනාව සුඛයි කියන අර්ථය ඇති වෙලා තියෙනවා. සාත යන අදහස ඇති වී ඇත. රූපය කරා විඤ්ඤාණය විගසින් දිවීමට තුඩු දෙන්නේ මේක ම යි.
අසාත අවස්ථාව විමසුවා. මෙයට 5.4 සුඛ වේදනාවේ මරණය ගත යුතුයි. සඤ්ඤාව ජරා වෙලා 5.3 ගිහිල්ලා ඉවරයි. පෙර තිබුණා වූ රූපය හොඳ යැයි සිතයි. හිර ගෙදර දමා ඇති පුද්ගලයා නිදහස හොඳ යැයි සිතන්නේ යම් සේ ද මෙය එසේ ය. පෙර රූපයන් සමඟ යම් ක්‍රියාවලියක් සිදු කළා ද එය පතයි. මෙසේ අසාත අවස්ථාවේ දීත් ඡන්දය කියන එක ඇති වෙනවා. එයා හිතන්නෙ අර කලින් තිබිච්ච එක ගැන. මෙම ධර්ම කාරණා සිහි කරනකොට ඒ සිත ඉතාමත් ශාන්ත වීමත් නිරෝධ වීමත් කියන එක සිද්ධ වුණා. ටික වෙලාවක් එහෙම හිටියා. එතනින් පස්සෙ දැන් අපිට පේනවා දැන් ඔය ජරාවේ ඉඳන් වේදනාවට අවිද්‍යා අනුසය. ජාතියේ ඉඳන් වේදනාවට අපිට තියෙනවා ආවාසමච්ඡරිය. ඒක දික් කළා ම ධම්මමච්ඡරිය අර නාමරූප කියන තැනට.
ඉතින් මට පෙනුණා එහෙම නම් අප්පටිවේධයත් අසම්පජානකාරීත්වයත් යන දෙක ම වේදනාව ඇති තැන ම තමයි තියෙන්නෙ කියලා වැටහුණා. මේක හරහා නේ සිද්ධ වෙන්නෙ අසම්පජානය අවිද්‍යා අනුසය හරහා සිදු වෙන්නේ වේදනාව හරහා. අප්පටිවේධය ආවාසමච්ඡරිය line එක හරහා ධම්මමච්ඡරියට යන්නෙත් වේදනාව හරහා. එතකොට මෙතන යම් නිරෝධයක් වෙනවා ද ඒක දුක්ඛයේ නිරෝධය වෙනවා. ඵස්ස නිරොධො වේදනා නිරොධො කියන එකට සිහි වුණා. ඊයේ භාවනාවෙදි අර සළායතන නිරොධො කියන භාවනාව භාවිතා කළා නේ. අපි අර චේතනාව තියන තැන තියෙන්නෙ. වේදනා නිරෝධ භාවනාවෙදි ඉගෙන ගත්ත කාරණා තුන මනසට යොමු වුණා. පරාමාසයේ ඉඳන් අර භය අගතියට එනවා අත්තා කියන එක. ඊළඟට line 7 එක, ඊළඟට ඉදංසච්චයෙ ඉඳන් එන line 5 එක ඒ හරහා ධාරාව ගැලීම කියන එක නතර වෙන්න ඕන. ඉතින් මේ විදිහට නිරෝධ වෙලා බොහෝ වෙලාවක් හිටියා.
ඒක තමයි මං කරපු භාවනාව.