ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය පහ කරමි. ඉතින් අර සාත අසාත, සාතං අසාතං යමාහු ලෝකේ තමූප නිස්සයා පහොති ඡන්දො කියන ගාථාව ඒ විදිහට, ඊයේ විදිහට ම භාවනාව කරගෙන ගියා.
ඊයේ භාවනාවෙදි අපි ඉගෙන ගත්තා කාරණාවක්. අර කාම ආශ්‍රව දක්වා පැමිණියා නම් මේ මගින් ම අලුත් රූප සෙවීම සිදු වෙනවා කියලා. ඒ කාමේසු සංයුක්ත නොවීමට නම් ජාති නොවිය යුතු ය කියන අදහස. අන්න ඒකට මගේ සිත යොමු වුණා. ඉතින් ඒකෙ අපිට පේනවා මේ කාම ආශ්‍රවවලට එන්න අර odd පථයේ ඇවිල්ලා ප්‍රියේහි විප්පයොගයෙන් ජාති odd පථයේ ඇවිල්ලා ඒක උඩ අර උපායාසය හරහා අපිට ඊළඟට එනවා පැවතිය හැකි ය කියන අගය. එතකොට එතෙන්දි එහෙනම් අපිට පේනවා කාම ආශ්‍රව වීම ජාතිය හරහා සිදු වුණා. මෙහි පවතිනවා පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨීන්ගේ වර්ධනයක් growth එකක් එතන තියෙනවා. කාම ආශ්‍රව යනු දුක්ඛයේ සුඛන්ති විපල්ලාසයේ පසු සඤ්ඤාවයි. එහෙනම් සුඛ යැයි කියලා අරගෙන තියෙනවා. සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක.
දැන් අපිට පේනවා, මේ ජාතිය කියන එක දුකයි. සත්‍ය වශයෙන් ම දුකයි. අන්න ජාතියට මනස යොමු වෙන්න ඕන. ජාතිය කියන එක දුකයි. එතකොට මේක නොදන්නා වූ සත්වයා සුඛ යැයි සිතාගෙන කාම ආශ්‍රව කියන එක ඇති වෙනවා. මේ විදිහට අප්පටිවේධයත් ජාතිය නිසා ම ඇති වූ ජරාව, එතකොට ජරාව කීව්වම අපි දන්නවා, ඉතින් 5.3 සඤ්ඤාවේ ජරා, ඊළඟට ඒකත් එක්ක ම 5.4 සුඛ වේදනාවේ මරණය ආදී ධර්මයන් තියෙනවා. අන්න ඒවා නිසා අසම්පජානකාරීත්වයත් ඇති වෙනවා. අපි දන්නවා, ජරාවේ ඉඳන් අර අවිද්‍යා අනුසය වේදනාව හරහා අපි අසම්පජානකාරීත්වයට යනවා. ඒක ඇති වන බව දන්නේ දක්නේ නිරෝධය කරා ගමන් කළා. මනෝමය කාය රූපයන් කරා ගමන් කරන බවත්, යම් ඡායාවක් සහිත රූපයක් දැකීමට පටන් ගත් විගසින් නිරෝධ වී රූපය නැසී යන බවත් දුටුවා. මේක හරියට නිකන් අර building එකක් හරි කොහේ හරි තැනකට මෙහෙම තමන් බොහෝ ම යනවා කියන එක තමන්ට පේනවා, අර රූප ඡායාවක් වගේ එනවා. ඒ රූපය තමන් දකින්න පටන් ගන්නකොට ම ඒක හඳුනා ගන්නත් පෙර ම වාගේ තමන්ගේ මනස නිරෝධයට යනවා. ළං වෙනවා නිරෝධ වෙනවා.
ඔන්න ඔය විදිහට තිබුණේ. ඉතින් මේ රහතන් වහන්සේ මේක ලියනකොට පෙන්නුවා “මෙම අවස්ථාවෙදි මනෝමය කාය රූප කරා ගමන් කිරීම නිතැනින්, ඒ කියන්නෙ effort එකක් නැතුව සිදුවීම සුපුරුදු වූ ක්‍රියාවලියක් වූවත්, එහි රූප අල්ලා ජීවත් වීමට ඇති හැකියාව සිඳී ඇත.” ඒ කියන්නෙ මනෝමය කායේ තියෙනවා මේ රූපයන් කරා නිතැනින් ගමන් කරන ස්වභාවය සාමාන්‍යයෙන්. මේ අසම්පජානකාරීත්වයයි අප්පටිවේධයයි කියන එක තේරුම් ගත්ත මනුස්සයාට අර ඒ රූපයන් කරා මනෝමය කාය ගියාට ඒක පැවතීමක් නෑ. නිරෝධය කරා එයා ගමන් කරනවා. ආන්න ඒක තමයි මේ කරපු භාවනාව.