ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ගැන සිතනකොට ම සිත නතර වුණා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය පහ කරමි. සාතං අසාතං යමාහු ලෝකේ තමූප නිස්සයා පහොති ඡන්දො කියන ගාථාව සමඟ ඊයේ වගේ ම භාවනාව කරගෙන ගියා. භාවනාවට පෙර ම මරණ ධර්මය කුමක් දැ යි කියලා විමසීමක් සිදු වුණා. ඒ සඤ්ඤාවේ මරණය කියලා මට වැටහුණා. දිට්ඨිය බිඳීම ජරා ධර්මය, සංකල්පය බිඳීම ව්‍යාධි ධර්මය, සඤ්ඤාව බිඳීම මරණ ධර්මය. මේක හිතේ තබාගෙන භාවනාව කරගෙන ගියා. ඉතින් මෙතෙන්දි අපිට එනවා diagram එක. අර සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ. වේදනා, පරාමාස, ඉදංසච්ච කියන එක. ජරාවේ ඉඳන් වේදනාව හරහා අපි දන්නවා අසම්පජානකාරීත්වය අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. ඊළඟට වේදනා, චේතනා එතන තියෙනවා අපේ නාමරූප කියන එක. ඒක අප්පටිවේධය. ඒ වගේ ම වේදනාව, නාමරූපය අතරට අපිට ඉච්ඡා කියන එක ලකුණු කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට පේනවා අර π අකුර, පරාමාස ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චය. පල්ලෙහා පරිදේවය, පරිදේවයෙන් පරාමාසය, එතකොට චේතනාවෙ ඉඳන් විඤ්ඤාණයට අර Roman iii වලින් අපි ලකුණු කරනවා π අකුරේ. ඉච්ඡානිදානානි පරිග්‌ගහානි. ඉච්ඡාව නිසා ඇති වන තණ්හා අගයෝ අසම්පජානකාරීත්වයට බැස ගැනීම වේදනාව හරහා සිදු වන බව වැටහුණා. මෙයත් අප්පටිවේධයත් දෙක මගින් විඤ්ඤාණ ධාරාව ගැලීමට සලස්වන්නේ නම් මේකට parallel ධර්මය ඒ කියන්නෙ, දැන් අපිට පේනවා පරාමාස ජීවිත ඉන්ද්‍රිය කියන එක Roman i වලින් අපි ලකුණු කරන එක. ඒක parallel ධර්මයක්. ධම්මමච්ඡරියට parallel කියලා අපි ඕක කලින් පෙන්නුවා.
ඉතින් දැන් ලොකු diamond එක හරහා ඒ කියන්නෙ ලොකු diamond එක කියලා අපි කියන්නෙ වේදනා චේතනා ඉදංසච්ච භය අගති වේදනා කියන එක. එතකොට ඒක හරහා චේතනාවෙ ඉඳන් ඉදංසච්ච වීමත්, එතකොට එහෙනම් අපිට පේනවා ඒ π අකුරේ අර ii කියන කාරණාව. ඉදංසච්ච පරිදේව වීම සමඟ ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ වීම කියන එක සිද්ධ වෙනවා. ඇතුළේ ඇති hub එක ඒ කියන්නෙ අපි දන්නවා නේ diamond එකක් පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව පරාමාස කියලා පොඩි diamond එක. අන්න ඒ diamond එක මේ අවස්ථාවෙදි වේගවත්. ඒ කියන්නෙ පරාමාසය තුළ ඇති අගයෝ භාවිතා කර hub එක වටේ ඇති තටාකය තුළ ඇති වතුර කැලඹවීමක් මෙන් සිතන්න ඕන.
ඒක කැරකීම නිසා අරක වටේ කැරකීම කියන එක සිද්ධ වෙනවා. මරණ මොහොතෙත් මේක සිද්ධ වෙනවා. මෙසේ අත්තා ධර්මය විඤ්ඤාණගත වී, නිච්ච සඤ්ඤා කියන ඒවා හටගන්නවා. කායුජ්ජුකතාවයෙන් පසුවත් ධර්මය ගලන අවස්ථාව විමසනකොට, ඊට ඉස්සෙල්ලා කිව්ව ධර්මය වටහා ගත්තා. මෙසේ මුලින් පැළවීම ඒ කියන්නෙ root එක චේතනාව කියන තැන මගින්, ඇටය මගින් පැළවීම seed එක. ඒ කියන්නෙ මෝහය කියන තැන. මෝහයට පසුව මරණ ධර්මය. විඤ්ඤාණ ආහාර පාරෙ සඳහන් කරලා තියෙනවා. අර විදිහට අපි ඉගෙන ගත්තා, ඒ root එකේ ඉඳන් seed එක දක්වා ඒක සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ අපි දන්නවා මෝහයට පසු මරණ ධර්මය විඤ්ඤාණ පාරෙ සඳහන් කරලා තියෙනවා කියලා. මෙම මරණ ධර්මය සඤ්ඤාවේ මරණයයි. කුමන සඤ්ඤාවේ ද? සුභ, සුඛ, අත්තා, නිත්‍ය කියන සඤ්ඤාවේ මරණයයි. අර විපල්ලාසයේ කෙළවරවල් ටික. ඒක ඇති වෙන්නේ එහෙම නේ අසුභයේ සුභයි කියලා විපල්ලාසය නේ ද?
එතකොට අන්න ඒවායේ මරණ ධර්මය කියන එක තමයි මෙතන තියෙන්නේ. සුභයි, සුඛයි, අත්තා, නිත්‍ය කියන සඤ්ඤාවේ මරණය. ඉතින් මේක දැක්කහම තමන්ගේ සිත නතර වෙනවා. නිරෝධ වීම කියන එක සිදුවීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමා මං කරපු භාවනාව.
ඉතින් මේ තත්වයේ ඉඳන් එලියට ආවහම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ තමන් ඉන්න ප්‍රදේශයන් එහෙම පේනවා. මට නම් පෙනුණා. නිකම්, අර zoom කරලා බලනවා වගේ. තමන්ට ළං කරලා බලන්න පුළුවන්කම කියන එක. ඒක සිද්ධ වුණා.