ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට විනයධර බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කර වැඳ නමස්කාර කළා. එතකොට අර මෝහය දක්වා ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. මරණ ධර්මය කියන එක සිහි කළා. භාවනාවට පෙර ම රහතන් වහන්සේ කිව්වා, 28/08/2015 ආනෙඤ්ජ සප්පාය භාවනාව බලන්නෙයි කියලා. ඒ භාවනාවෙදි ඉගෙන ගත්තා, අලුත් රූප මගින් පරණ රූපය මරණවා, අලුත් රූපය මගින් අභිජ්ඣා වීමක් කියන එක, ඒකෙ සඳහන් වෙනවා. ඒක සිහි කළා. ඒකත් මැරිලා යනවා. මෙසේ විඤ්ඤාණ ධාරාව අර ඊයේ භාවනාවෙදි ඉගෙන ගත් ආකාරයට ලොකු diamond එක සහ කුඩා diamond එක මගින් කෙසේ හෝ පැවැත්වීම සිද්ධ වෙනවා කියන එක සිහි කළා.
ආනෙඤ්ජ සප්පාය භාවනාවෙදි, කායමුදුතාව ය මගින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වෙන බවත්, මේ කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය කොටසින් වන බලපෑම ඉවත් කිරීම ලෙස සැලකිය යුතු ය, යන වාක්‍යයට මම මනස යොමු කළා. එතකොට එතෙන්දි අපිට පේනවා ඔය මෝහයේ ඉඳන් පරාමාසයට, අර කාමරාග අනුසය පාර. ඒක ගිහිල්ලා සම්බන්ධ වෙනවා වේදනාවේ ඉඳන් චේතනාවට එන්නා වූ අර නාමරූප තියන තැන අප්පටිවේධය කියලා ලකුණු කරන තැනට. එතකොට මේක කාමරාග අනුසය මගින් අවිද්‍යා අනුසයට, අපි දන්නවා එතන contribute වෙලා ඒ අවිද්‍යා අනුසය රේඛාව දික් කළා ම නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය. එතකොට මේ කොටස අයින් වෙනවා කියලා කියන්නෙ, දැන් මෙතන අසම්පජානකාරීත්වය තුළ වූ අර තණ්හා කොටස ඉවත් වීම ලෙස තමයි, මේකේදි අපි කල්පනා කරන්න ඕන, සලකන්න ඕන.
එතකොට ඒ වගේ ම කායපාගුඤ්ඤතාවය මගින් ඉදංසච්චයට ඇතුල් වන අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක් අලුත් සංස්කාර පවතී යැයි බැස ගැනීමක් වේ ද, ඒක ඉවත් කරනවා. කායුජ්ජුකතාවය මගින් අර මෝහය ඇති තැන පවතිනවා යන අදහස ඉවත් කරන බවත් ඒක සිහි කළා. දැන් කායමුදුතාව මගින් යම් තණ්හාවක් හෝ තණ්හාවට තුඩු දෙන ඉච්ඡා ඉවත් කළත්, අප්පටිවේධය ධර්මය නිසා තවමත් කැරකෙනවා කියන එක වැටහුණා. එනම් සුභයි, සුඛයි, අත්ත, නිත්‍ය ධර්මයන් මැරී, මරණ ධර්මය ඇති වුණත් තවමත් ඉපදීමට නන්දි ස්වභාවයක් චිත්තය තුළ ඇත. මේ මගින් අප්පටිවේධය වීම කියන එක සිදු වෙනවා.
එතකොට අපිට පේනවා මෙහෙම නන්දියෙන් අර ජරාව, වේදනා, නාමරූප එතෙන්ට එනවා කියන එක. තවදුරටත් සංස්කාර නොකරමියි යන අධිට්ඨානය ඇත්තේ නිරෝධය වීම කියන එක, ඒකෙදි සිද්ධ වුණා. ඉතින් බොහෝ වෙලාවක් අර ආනෙඤ්ජ ස්වභාවයෙන් මේකේ පැවතුණා. මේ භාවනාවේ වෙනස තියෙන්නෙ අර ආනෙඤ්ජ ස්වභාවය බොහෝ කාලයක් පැවතිලා, ඊට පස්සේ නිරෝධය කියන එක වීම කියන එක තමයි.
ඒක තමයි මං කරපු භාවනාව.