ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා පැවතිය හැකි ය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨීන් පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම නැවත කරගෙන ගියා. භාවනාවට පෙර ම අර 27/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. ඒකෙ අවසානයට තියෙන්නෙ අර π අකුර සිහි කරන භාවනාව. ඉතින් ඊයේ භාවනාවෙදි අසම්පජානකාරීත්වය නැති වුණත්, අප්පටිවේධය නිසා කැරකවීම සිදු වෙනවා කියන එක වටහා ගත්තා. අද භාවනාවෙදි π අකුර අවස්ථාව හොඳින් සිහි කරන්නේ, එතන සුභ, සුඛ, අත්තා, නිත්‍ය යන්න මැරීම ඒ කියන්නෙ මරණ ධර්මය සිදු වූවත්, පෙර පැවතියා වූ පුරුද්ද නිසා, මළත් ඉපදෙනවා යන අදහස නිසා, නැවතත් අභිජ්ඣා වීම සිදු වන බව මට වැටහුණා. කෙසේ ද?
30/08/2015 දුක්ඛ නිරෝධ අරිය සච්ච භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, π අකුර සෑදෙන අවස්ථාවෙදි අලුත් සංස්කාර නිසා පවතිනවා යන පසු සඤ්ඤාවක්, විඤ්ඤාණය සෑදීම නිසා ඇති වූවා ද, ඒ මගින් අභිජ්ඣාවල පැවති අගය ම තහවුරු කරනවා කියලා. ඒ කියන්නෙ ඔය π අකුරේ අපි දන්නවා පරාමාසයෙ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි අර Roman i වලින් ලකුණු කරනවා. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට Roman ii වලින් ලකුණු කරනවා. ඉදංසච්චයෙ ඉඳන් පල්ලෙහාට line 5 එකේ අපි පෙන්නුවා අලුත් සංස්කාර නිසා වන පසු සඤ්ඤාව කියලා. ඊළඟට පරිදේවයේ ඉඳන් පරාමාසයට එනවා අර line 7 එක හරහා අනිත් පැත්තට ගමන් කරනවා. අර මෝහයේ ඉඳන් එන්නා වූ line එක අර පවතිනවා කියන අදහස එහෙම ඇති කරන. එතකොට දැන් අපි මෙතෙන්දි ඉගෙන ගත්තා, මේක මෙහෙම තහවුරු කරනවා. ඒක නිසා i හරහා ම ii සිදු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මෙසේ අප්පටිවේධ ධර්මයන්ගෙන් පටන්ගෙන නැවතත් අප්පටිවේධය කරා ම ගමන් කරනවා කියලා මට මේ භාවනාවෙදි වැටහුණා.
මොන ආකාරයට ද ඒක සිද්ධ වෙන්නෙ? කෙනෙකුට පේනවා නාමරූප point එක අපි අප්පටිවේධය. එතනින් පරාමාසයට යනවා. පරාමාසයෙන් ආපහු අපි යනවා අර i එක දිගේ ගමන් කරන්නා වූ එක ජීවිත ඉන්ද්රිය දක්වා. ඉතින් ඔතන ඔය අභිජ්ඣාව නේ ඔය දෙකෙන් ම පෙන්නන්නෙ. එතකොට කොයි ආකාරයට ද මේක අප්පටිවේධයෙන් අප්පටිවේධයට එනවා කියන්නෙ? අර π අකුර සෑදීම නිසා අපිට ඇති වෙන්නේ මොකක් ද, අත්තවාද උපාදානය. ඉතින් අත්තවාද උපාදානය වුණා නම්, අපි එහෙනම් දිට්ඨි ආශ්‍රවයට ආවා, අවිද්‍යා ආශ්‍රවයට ආවා, මෝහය කියන තැනට ආවා. එතකොට ඒ මෝහය කියන තැනට ආවා නම්, එහෙම නම් අපිට පේනවා අවිද්‍යා ආශ්‍රව හරහා මේක සිද්ධ වුණා. මේක පරාමාසයට ආපහු ඇතුල් වෙනවා.
එතකොට, ඉතින් මේක තමයි කරපු භාවනාව. ඒ කියන්නෙ මේ දක්වා කරපු භාවනාවන් ඔක්කෝම එකට එක්කහු වෙලා, ඒ භාවනාව අප්පටිවේධයෙන් අප්පටිවේධයට ම අපි ගමන් කරනවා කියන එක තමයි මේකෙ තේරුම් ගත්තෙ.
ඒක තමා මං කරපු භාවනාව.