ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
18/09/2015 භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. ඒකෙ අසම්පජානකාරීත්වය නැති වුවත් අප්පටිවේධය නිසා කැරකවීම සිදු වන බව සිහි කරනවිට යම්කිසි අදහසක් සිතට ආවා. එනම් අසම්පජානකාරීත්වය යනු තණ්හාව නැති වන විට මේ සියල්ල නැති වන බව නොවැටහීමයි. ඉතින් සම්පජානකාරීත්වය තියෙනවා නම් තවමත් අප්පටිවේධය යනු කුමක් ද? මළත් ඉපදෙනවා යන අදහස තවමත් සිතේ බැසගෙන ඇත. මෙසේ මිච්ඡා දිට්ඨි වීම නිසා, අභිජ්ඣා වීම අපි 18/09/2015 දුක්ඛ නිරෝධ භාවනාවේ අපි ඉගෙන ගත්තා.
එතකොට කායමුදුතාව මගින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තුළ වූ පැවතිය හැකි ය යන අදහස නිසා වූ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, එහෙමත් නැත්නම් hub එක තුළ වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වන බවත්, මේ කාමරාග අනුසය නිසා වන අවිද්‍යා අනුසය කොටසින් වන බලපෑම ඉවත් කිරීම ලෙස සැලකිය යුතු ය කියලාත් අපි එතන ඉගෙන ගත්තා. ඒ කියන්නෙ මේක ඉගෙන ගත්තේ අපි අර ආනෙඤ්ජ සප්පාය භාවනාවෙදි. මේක අලුත් රූප නිසා වන දේ ගැන තමයි පවසන්නේ. ඒ අලුත් රූප සඤ්ඤා කියලා අපි සාකච්ඡා කළා. ඉතින් මේක මට මේ රහතන් වහන්සේ කිව්වා “ඒ ආනෙඤ්ජ සප්පාය භාවනාව නැවතත් පොඩ්ඩක් බලන්න” කියලා.
එතකොට මේ අදහස හොඳින් විමසනකොට, මට දැන් ඉස්සෙල්ලා කිව්ව එක මට පෙනුණා, මේක cyclic nature එක කියලා. ඒ කියන්නෙ අර 28/08/2015 ආනෙඤ්ජ සප්පාය භාවනාවෙදි අපි ඉගෙන ගත්තා මේ 270, 360. අන්න ඒක මම සිහි කළා. එතෙන්දි අපිට පේනවා, කෙනෙක් රූපයක් හැටියට ඇඳගන්නවා නම් අර සඤ්ඤාව කියන තැන 5.4 කියලා ලකුණු වෙනවා. නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය චේතනාව මැද්දට එනවා. සඤ්ඤාවයි චේතනාවයි අතරට.
ඊට පස්සේ අපිට පේනවා ඉතින් චේතනාවෙ ඉඳන් ඉදංසච්චය, ඉදංසච්චයෙ ඉඳන් පරිදේවය, පරිදේවයේ ඉඳන් පරාමාසය හරහා අර නාමරූප කියන කොටසට එනවා. නාමරූපයෙන් චේතනාව. දැන් එතෙන්දි අපිට පේනවා අන්න rectangle එකක්. කොහොම ද? නාමරූප, චේතනා, චේතනා ඉදංසච්ච, ඉදංසච්ච පරිදේව, පරිදේව නාමරූප. එතකොට එතන අපිට පේනවා මේ නාමරූප, චේතනා කියන එකයි, ඉදංසච්ච පරිදේවය කියන එකයි parallel. එතැනින් ඔය rectangle එක හැදිලා තියෙනවා. මේ දෙක parallel වෙලා තියෙනවා. ඉතින් එතෙන්දි අර 360 කියන එක අපි ඉගෙන ගත්තා, ඒ පරණ ධර්මයෝ කියන ඒවා පරිදේව වෙලා තියෙනවා. 270° කිව්වහම අලුත් එක. දැන් පවතින්නා වූ සුඛ වේදනාව මිය ගියා 5.4. රූපයත් මරණයට පත් වුණා 4.4 නේ ද. එතකොට ඉතින් මේ අවස්ථාව ම තමයි අසාත අවස්ථාව. ඒ කියන්නෙ ඔය 14/09/2015 නිරෝධ භාවනාවෙදි අපි ඉගෙන ගත්තා නේ අර අසාත අවස්ථාව. සාතං අසාතං, අපි මේ භාවනාව තනිකර යන්නෙ, අර කෙනෙක් පටන් ගත්තොත් ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ඉතින් සාතං අසාතං කියලා, ඒ ගාථාවත් එක්ක නේ මේ ක්‍රියාවලිය දිගට ම ඇවිල්ලා තියෙන්නෙ.
එතකොට එහෙම නම්, මේ කායමුදුතාව මගින් අර square එක මගින් කරන ක්‍රියාවලිය තමයි නවත්වන්නේ. එහෙම නැත්නම් නැවතීමට උදව් උපකාර කරනවා. මෙම ධර්මය මං විමසනකොට මට පේනවා, මේ යමක් zoom කරලා බලනවා වාගේ. අර උඩ ඉඳගෙන මෙහෙම යමකට එන්න එන්න ළං වෙවී ළං වෙවී එනවා වගේ. ඒ ධර්මයට ම මනස එහෙම යොමු වෙලා එනවා. අපි රූපයක් බලනකොට ටිකක් අර මේක බලන්නෙයි කිව්වම අර ළං වෙලා බලන්නෙ. අන්න ඒ වගේ.
මේක මනසිකාරය යැයි කියලා මට සිහි වුණා. බුදුපියා විමසුවා ම “ඒ එසේ ය කියලා” පැවසුවා. ඒක තමා මනසිකාරය. මේ square එකෙන් පෙන්වන්නෙ මනසිකාරය area එක. ඒක තමයි මේ පෙන්නන්නෙ. මේ ධර්මය මෙනෙහි කරන්න කරන්න කෙනෙකුට යමක් ගැන බොහොම ළං වෙලා බලනවා වගේ බලන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. ඊළඟට අර ඉස්සෙල්ලා භාවනාවෙන් ආපහු පෙන්නනවා, ඒ ආනෙඤ්ජ සප්පාය භාවනාවෙදි, කායපාගුඤ්ඤතාවය මගින් ඉදංසච්චයට ඇතුල් වන අලුත් සංස්කාර නිසා පසු සඤ්ඤාවක්, අලුත් සංස්කාර පවතී යැයි බැස ගැනීමක් වේ ද, ඒක ඉවත් කරනවා. සාරම්භ නොවේ. මේ කතා කරන්නෙ ඉදංසච්ච වුණොත් වන දේ කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේක ගැන මෙනෙහි කරනකොට මනෝමය කාය ඉහළට ඇදිලා යන ස්වභාවය කියන එක දුටුවා. එතකොට මේක මොකක් ද?
මෙතෙන්දි මං lightning sign එකක් දුටුවා. Lightning sign එක තමයි, දැන් අපි සාමාන්‍යයෙන් මතක ද අපි ලකුණු කරගන්නවා පරාමාසයයි ඉදංසච්චයයි අතර සංස්කාරය කියන එක ලියනවා. ඒ සංස්කාරයේ ඉඳන් උඩට විඤ්ඤාණය. අපි ඉතින් ලකුණක් කර ගත්තොතින් රේඛාවක් ඇන්දොතින් විඤ්ඤාණ සංස්කාර, සංස්කාර ඉදංසච්ච, ඉදංසච්ච පරිදේව. අන්න එතෙන්ට ආවා නම් අන්න lightning sign එක එනවා. ඉතින් ඕක ගැන අපිට හැඟීම් ගොඩක් තියෙනවා. මතක ද අපි බැලුවා අර කාමරාග අනුසය කියන එක පැහැදිලි කරනකොට ත්‍රිපීසියම, අර උඩට කෑල්ලක් ගිහිල්ලා එහෙම තියෙන්නෙ සංස්කාර එතනින් මැද්දේ ඉඳන් නේ තියෙන්නෙ. එතකොට මේ lightning sign එක එහෙනම්, විඤ්ඤාණ සංස්කාර ඉදංසච්ච පරිදේව. මේක කුමක් ද කියා බුදුපියා විමසුවා ම, මේක තමයි “විඤ්ඤාණ ධාතුව” කියලා බුදුපියා පැවසුවා.
මේ නිසා තමා අපි විඤ්ඤාණඤ්චායතනය කරා ඇදගෙන යන්නෙ යොමු කරන්නෙ. මෙසේ එක ධර්මයක් මගින් zoom කරනවා වගේ මනසිකාරය, තව ධර්මයක් මගින් ඒකෙන් ඉවත් වීම කියන එක. ඒ කියන්නෙ විඤ්ඤාණඤ්චායතනය කියන එක සිද්ධ වෙනවා. Lightning sign එකින් උඩට යනවා. අරකෙන් zoom කරනවා. මේ භාවනාව ඉතාමත් සුඛ සහගතයි. ප්‍රඥාව කියන එක පුදුමාකාර විදිහට හොඳින් පවතිනවා. ඇයි ඉතින් මේ දෙක අතර නේ තියෙන්නෙ මනසිකාරයයි විඤ්ඤාණඤ්චායතනයයි ඒ දෙක තමයි තියෙන්නෙ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.