ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. මට දැන් එක බුදුපියෙක් සිහි කරනකොට ම අර සිත නතර වෙන ස්වභාවය තියෙනවා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අර rectangle එකට මනස යොමු කළා. ඒ rectangle එක මතකයි නේ. නාමරූප චේතනා ඉදංසච්ච පරිදේව නාමරූප කියන rectangle එක. භාවනාවට පෙර ම 23/08/2015 නාමරූප නිරොධො සළායතන නිරොධො භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. ඒකෙදි අපි දන්නවා අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නා දුන්නා අර වේදනාව පැවතිය හැකි ය, පරාමාසය පැවතිය හැකි ය, පවතිනවා, ඉදංසච්චය පැවතිය හැකි ය. මෙම ධර්මයෝ නිරෝධ වෙනවා නම් වේදනාව නිරෝධ වෙනවා. වේදනාව නිරෝධ වෙනවා නම් තණ්හාව නිරෝධ වෙනවා. තණ්හාව නිරෝධ වෙනවා නම් කැරකවීමක් නෑ. විඤ්ඤාණ ධාරාව අල්ලාගෙන ඉඳීම කියන එක සිදු වෙන්නේ නෑ. ඉතින් සළායතනයේ නිරෝධය සඳහා තුන් ධර්මයක් නිරෝධ වෙන්න ඕන.
පළවෙනියට අපි දන්නවා අලුත් රූප සෙවීම, අර කාමේසු සංයුක්තො කියන එක නිරෝධ වෙන්න ඕන. දෙවෙනියට අපි දන්නවා, නාම කියන එක සිදු නොවෙන්න ඕන. වේදනා අගයෝ වැඩිදියුණු කිරීම නිරෝධ විය යුතුයි. විඤ්ඤාණ ධාරාව පවතිනවා යන දිට්ඨිය නිසා ඇති වූ චිත්තය අත්නොහැර අල්ලා ගැනීම නිරෝධ විය යුතුයි. අන්න ඒක තමා තුන් වෙනි කාරණය අජ්‌ඣොසන්‌නා.
එතකොට මෙන්න මේ ධර්මය විමසීමේ දී ඒක තමයි, පළවෙනි එක. විමසීමේ දී rectangle එක. ඒකේ අපි දන්නවා නාමරූප ඉඳන් චේතනා. සළායතන. චේතනා කියන තැන සළායතන. එතන කොටස මගින් සිදු වන ක්‍රියාවලිය නිරුද්ධ වෙනවා කියන එක මට වැටහුණා. එතකොට rectangle එකේ උඩ කෑල්ල යන්නෙ නෑ. ඒකෙන් ම සිත සාන්තභාවයට පත් වුණා. මොකද ඒ කෑල්ල යන්නෙ නැත්නම් අර පල්ලෙහාට එන එකත් අඩු වෙනවා නේ. එතකොට ඒ ඉන්න කැමැත්තක් කියන එක ඇති වුණා.
එතකොට එතෙන්දි තේරුම් ගත්තා, තවමත් මච්ඡරිය පවතින බව හොඳින් දැනුණා. සිත සාන්තයි හොඳයි. නමුත් යම් වූ මච්ඡරියක්, මං ධම්මමච්ඡරිය ඒකෙ දක්වාමත් ඒකෙ ගමන් කළා, තියෙනවා කියන එක. ඉතින් අපි අර භාවනාවෙදි කලින් ඒ දැන් සඳහන් කරපු භාවනාවෙදි 23/08/2015 භාවනාවෙදි ඉගෙන ගත්තා නේ අර satisfaction එක maximise කරනවා කියලා. අර ගල් උඩින් වතුර පාර යවනවා වගේ ධාරාව මෙහෙයවනවා. මනසිකාරය. එතෙන්දි කිව්වේත් මනසිකාරය තමයි ඒක කරන්නෙ කියලා. එතකොට ඒක මට සිහි වුණා.
ඊළඟට දෙවෙනියට මං බැලුවා, ඔය විඤ්ඤාණ, සංස්කාර, ඉදංසච්ච, පරිදේව කියන lightning sign එක. කායපාගුඤ්ඤතාවය මගින් මේක නවතිනවා නම්, rectangle එකේ ඉදංසච්ච පරිදේව කොටස නැති වී යනවා. මනසිකාරය අවසන් වී rectangle එක නතර වෙන බව සිහි කළා. එතකොට ධර්මය නොදුවවයි. මෙන්න මේ අවස්ථාවේ දී ඉතාමත් ම පැහැදිලිව ම විඤ්ඤාණඤ්චායතනයේ සිටින බව දැනුණා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් විඤ්ඤාණඤ්චායතනයේ. අර ඉස්සෙල්ලා එකෙත් එහෙමයි. දැන් කාරණා දෙකක් කිව්වා.
තුන් වෙනි එකට, මං බැලුවා, මේ ත්‍රිපීසියම කියන එක. මේ ත්‍රිපීසියම මම ඊයේ දැක්කා ඒක සඳහන් නොකළාට. ඒක තමයි අර සංස්කාර, විඤ්ඤාණ, ඉදංසච්ච, මෝහ, පරිදේව, සංස්කාර. ඕකෙන් හැදෙනවා ත්‍රිපීසියමක්.
එතකොට කායුජ්ජුකතාවය මගින්, අපි දන්නවා π අකුර අපිට හැදීම නිසා අත්තවාද උපාදාන වී අවිද්‍යා ආශ්‍රව වීමට ඉඩ දෙන්නේ නැත්නම්, ඉඩ නොදේ නම් මෙම ත්‍රිපීසියම නැති වෙන බව මෙනෙහි කළා. අන්න එහෙම මෙනෙහි කරනකොට විමුක්ති සහගත චිත්තය ඇති වුණා. හොඳට පැහැදිලිව ඉන්නවයි කියන එක. හත් වන ධ්‍යානය සහ එයින් එහාට විමුක්ති සහගතව ඉන්නා බව මනා කොට වැටහුණා.
මෙම ධර්මයන් සිහි කරන්නේ, දැන් අවස්ථා තුනක් කිව්වා. අර rectangle එකේ උඩ කෑල්ල. ඊළඟට lightning sign එක නිසා අර rectangle එකේ යට කෑල්ල යන හැටි. ඊළඟට තුන් වෙනියට පෙන්නුවා ත්‍රිපීසියම. මේ අවස්ථා තුන ම මේ ධර්මයන් මෙහෙම මෙනෙහි කළහම නොපිරිහී පවතින චිත්තයක් ම සිදු වුණා. මෙසේ නොවැටී සිටින්නේ නම් ජීවිත ඉන්ද්‍රිය මගින් යම් ධර්මයක් බිහි කරන්නේ ද ජනනය කරන්නේ ද එය නැවතිය හැකියි.
ආන්න ඒක තමා මං කරපු භාවනාව.