Date: 23/09/2015 Name: Attaanuditti

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හය නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. භාවනාවට පෙර ම 26/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. ඒකෙදි අපි ඉගෙන ගත්තා අර කාමච්ඡන්දයේ ඉඳන් අවිද්‍යාව කියන තැනට එනවා පැවතිය හැකි ය කියලා, අර සඤ්ඤාව අපි කතා කරන්නේ. අවිද්‍යාවේ ඉඳන් ඒ සඤ්ඤාව කියන තැන ඉඳන්, තණ්හාව කියන එක ඇති වෙනවා. අවිද්‍යා පච්චයෙන් සංස්කාර කියලා කියන්නෙ මේකයි කියලා අපි ඉගෙන ගත්තා.

එතකොට පෙර මිච්ඡාදිට්ඨික අගය, අත්තානුදිට්ඨිය නිසා ඇති වී සඤ්ඤාව මගින් දිය උල්පතින් වතුර ගැලීමට ඉඩ දීම කියන එක මම සිහි කළා. ඉතින් මෙතෙන්දි diagram එකක් කෙනෙක් හදාගන්න ඕනි. ඒ රූප, සඤ්ඤා, චේතනා, ඊට පස්සේ ස්පර්ශ, නාමරූප, ජීවිත ඉන්ද්‍රිය, වේදනා, පරාමාස, ඉදංසච්ච. පල්ලෙහායින් සෝකය කියන එක තියෙනවා. ඊළඟට මෝහයේ අගතිය කියන එක තියෙනවා. එතකොට අර ඒ ඉස්සෙල්ලා භාවනාවෙදි ම අපි ඉගෙන ගත්තා මේ කායපාගුඤ්ඤතාවය මගින් අර පෙර මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් වෙනවා කියලා. ඒ කියන්නෙ අර සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා එතන ඒක ලකුණු කරගන්න ඕන, ඒක ඉවත් කරනවා කියලා. ඊළඟට අපි දන්නවා ඉතින් මේ පෙර සංස්කාරයන් චිත්තමුදුතාව මගින් ඉවත් වෙන්න ඕන. නැත්නම් කායපාගුඤ්ඤතාවය ඇති වෙන්නේ නෑ. ඊළඟට අපි දන්නවා කායමුදුතාව මගින් දැන් මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් කරනවා. ඒක අපි කල්පනා කරන්න ඕන, අර වේදනාවේ ඉඳන් නාමරූප, ඒ වගේ ම ඒ පරාමාස නාමරූප ඒ රේඛා දෙක තමයි අපි සලකන්න ඕන.

එතකොට, ආපහු කෙනෙක් ලකුණු කරගන්න ඕන අර අත්තානුදිට්ඨිය නිසා පෙර මිච්ඡා දිට්ඨිය අගයක් ඇති වෙනවා කියලා, අර මෝහයේ ඉඳන් පරිදේවය දක්වා තිබෙන්නා වූ තැන. එතකොට දැන් එහෙම නම් අපිට පේනවා මෙතන, කායමුදුතාව මගින් වේදනා නාමරූප සහ පරාමාස නාමරූප ඒ කියන්නෙ කාමරාග අනුසය මගින් වෙන දේ තමයි ඒ දෙවෙනියට පෙන්නුවේ. පාරවල් ඔස්සේ ධාරාව ගැලීම කියන එක නවතිනවා. ඊළඟට කායපාගුඤ්ඤතාවය මගින් සඤ්ඤා නාමරූප වීම කියන එක නවත්වනවා. කෙසේ ද? ඊයේ ඉගෙන ගත් ධර්මයේ දී lightning sign එකේ අපි ඉගෙන ගත්තා ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට එන එක නැවතීම කරනවා කියලා. අන්න ඒක මගින් තමයි ඒක සිද්ධ වෙන්නෙ.

එතකොට ඉදංසච්ච පරිදේව සිදු වූවා නම්, අලුත් සංස්කාර පවතී යන සඤ්ඤාවක් හටගන්නේ දිය පහර ගැලීමට ඉඩ දෙන්නේ ය. සඤ්ඤා, නාමරූප වන්නේ ය. දැන් පේනවද දිය පහර ගලන්න අර පහළ මෝහයේ ඉඳන් එන්නා වූ එකට අමතරව මෙතන මේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට ඇවිල්ලා අරකට support කරනවා කියන එක තියෙනවා. අන්න ඒක අපි හිතුවේ නෑ, කලින්. එතකොට ඒ අර අපි බැලුව නේ මනසිකාර rectangle එකෙන් නේ ඒක සිද්ධ වෙන්නෙ නේ ද, ඒකෙ යට කෙළවර. ඊළඟට අපිට පේනවා කායුජ්ජුකතාවය මගින් අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර. ඒ කිව්වේ මොකක් ද අර තණ්හාව කියන එක ඇති වෙනවා කියන එක වීමට යමක් තුඩු දෙන්නේ ද එය නවතයි. කෙසේ ද? මෝහය නමැති ගලේ වැදී කුඩු වී ගියත් තාමත් පවතිනවා යන අදහසට තුඩු දෙන්නා වූ, අර π අකුර සෑදීමෙන් ඇති වන අවිද්‍යා ආශ්‍රව. අපි දන්නවා ඒක අත්තවාද උපාදානය හරහා වෙන ධර්මය යැයි කියලා අපි දන්නවා. අන්න ඒක නවත්වනවා. මෙසේ නාමරූප දක්වා යම් ධර්මයක් ගලයි ද, එය කායමුදුතා, කායපාගුඤ්ඤතා, කායුජ්ජුකතා මගින් නවත්වනවා. දැන් එතන හරි ලස්සනයි. එතන නාමරූපයට එන්නා වූ ඒ පාරවල් තුන.

s_attanuditti_D2.jpg

නමුත් මෙය සම්පූර්ණ නොවේ. කුමක් නිසා ද? තවමත් අත්තානුදිට්ඨිය නිසා වේදනාව කරා එන්නා වූ දිට්ඨි අනුසය නිසා වන, බලපෑම කියන එක තියෙනවා. අර පල්ලෙහායින් එන්නා වූ 40% පාර. ඒ කෑල්ල. චිත්තපාගුඤ්ඤතාවය මගින් පරාමාස ඉඳන් සෝකය දක්වා එන එක නොවන්නේ නම් මෙය නැවතිය හැකි ය. චිත්තපාගුඤ්ඤතාවයේ දී ඉගෙන ගත්තා නේ අපි පරාමාසයේ ඉඳන් එන එකකටවත් අපි සැලෙන්නේ නැහැයි කියලා. එසේ නවතින්නේ නම් නාමරූපවල පවතිනවා යන අදහස මැකී යනවා. Fade වෙලා යනවා.

ආන්න ඒක තමයි මං කරපු භාවනාව.