උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හතර නම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මෙතෙන්දි ඔය පරාමාසය තුළ වූ පවතිනවා යන අදහස මෝහය හරහා සිදුවීමත්, පැවතිය හැකි ය යන අදහස වේදනා, චේතනා, පරාමාස නිසා සිදුවීමත් මම සිහි කළා. ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ත්‍රිපීසියම ධර්මයට අනතුරුව චිත්තපාගුඤ්ඤතාවය මගින් අර පරාමාස සෝක නොවන්නේ නම් නාමරූපවල පවතිනවා යන අදහස මැකී යනවා fade වෙනවා කියන එක සිහි කළා. එතෙන්දි අත්තානුදිට්ඨියට තුඩු දෙන ධර්ම කොටස කියන එක මම මෙනෙහි කළා. එතකොට අපිට පේනවා අත්තානුදිට්ඨියට තුඩු දෙන ධර්ම කොටස කිව්වා ම, diagram එකක් හැටියට එනවා, වේදනා චේතනා පරාමාස භය අගති දිට්ඨි අනුසය වේදනා. එතකොට වේදනා චේතනා එකේ ධම්මමච්ඡරිය තියෙනවා. භය අගති වේදනා එකේ දිට්ඨි අනුසය තියෙනවා. සෝකය කියන එකත් ඒකෙ ලකුණු වෙනවා.
එතකොට අපි දන්නවා ත්‍රිපීසියම කියන එක අර විඤ්ඤාණ ඉදංසච්ච මෝහ අගති පරිදේව සංස්කාර. එතකොට ත්‍රිපීසියම තුළ යම් ධර්මයක් වේ ද, එය වම් පැත්තට ගමන් කිරීම මගින් අත්තානුදිට්ඨියට තුඩු දෙන ධර්ම කොටස සෑදෙන බව වැටහුණා. ත්‍රිපීසියමේ සංස්කාර, ධම්මමච්ඡරිය හා සම්බන්ධ වන බවත්, පරිදේව ධර්මයෝ සෝකය හරහා දිට්ඨි අනුසයටත්, කුලමච්ඡරියටත් සම්බන්ධ වීම කියන එක පෙනුණා. ඒ කෑලි දෙක දෙකකට සම්බන්ධ වෙනවා. එහි දී ධම්මමච්ඡරිය කරා යන්නා වූ සංස්කාර, භය අගති, වේදනා, ධම්මමච්ඡරිය හරහා වෙන බවත්, මෙය නිසා ඇති වෙන්නා වූ අත්තානුදිට්ඨිය ගැඹුරු බවත් මට වැටහුණා.
මේ භාවනාවට පෙර ම රහතන් වහන්සේ මට කිව්වා, 02/09/2015 මච්ඡරිය 3 භාවනාව බලන්නෙයි කියලා. ඒකෙදි බ්‍යාරොසනා කොටස හොඳට විමසලා බැලුවා. බ්‍යාරොසනා පටිඝසඤ්ඤා අපි ඒක බලලා තියෙනවා ඒ භාවනාවෙදි. ඒක බැලුවහම නිත්‍ය ස්වභාවයත් ඒකට තුඩු දෙන්නා වූ බොහෝ කාලයක් අරූප ධ්‍යාන තලවල ජීවත් වීම නිසා ඇති වූ උද්ධච්ච ස්වභාවය නිසා වන බලපෑම කියන එක මම සිහි කළා. මේ විදිහට මේ line 5 එක, ඒ කියන්නෙ ඉදංසච්ච, පරිදේව බලපෑම නිසා මනසිකාර ස්වභාවය ඒ කියන්නෙ අපි දන්නවා මේ කියන්නෙ මේ lightning sign එකේ කායපාගුඤ්ඤතාවය මගින් අයින් කරනවා කිව්වේ. ඒක දැඩි ලෙස බලපාන බව වැටහුණා. අර මනසිකාර ස්වභාවය line 5 එකෙන් එන්නා වූ එක. කුලමච්ඡරිය වූවා නම්, රූප හෝ ධ්‍යාන හෝ අළලා ධම්මමච්ඡරිය ප්‍රධාන සංස්කාරය කියන එක නිපදවනවා. ඒ කියන්නෙ අපි දන්නවා බ්‍යාරොසනා කියන line එකට එනකොට, ඒ කියන්නෙ අපි යවනවා නේ අර සඤ්ඤාවයි, චේතනාවයි අතර තියන ඒ line එකේ පටිඝ සඤ්ඤාවෙන් එන්නා වූ එක කියන එක සිද්ධ කරනවා. එතකොට ඒකෙ පැහැදිලි කිරීම, ඉතින් ඔය 02/09/2015 මච්ඡරිය 3 භාවනාවේ හුඟක් පැහැදිලිව පේනවා.
ඊළඟට අපිට පේනවා විඤ්ඤාණ සංස්කාර භය අගති වේදනා නිසා ඇති වන ධම්මමච්ඡරිය මෙම ප්‍රධාන සංස්කාරයට එනම් ඒ කියන්නෙ කුලමච්ඡරියට වඩා වැඩි වූ ගැඹුරු වූ ධර්මයක් ඇති කරනු ලබයි. කුමක් නිසා ද? ඒක තුළ, දැන් අපි ඉස්සෙල්ලා කිව්වා නේ දැන් පරිදේවයේ ඉඳන් සෝකය ධර්මය වෙනවා කියලා. අන්න ඒ ධර්මයට අනතුරුව නිත්‍ය ස්වභාවයට තුඩු දෙන්නා වූ අගයෝ විඤ්ඤාණයේ පැවතීම හේතු කොටගෙන, කිඳා බැස ඇත්තාහු ය. Firmly establish වෙලා තියෙන්නෙ ඒ ටික. එතකොට මේ භාවනාව කරද්දි ඔය lightning sign එකේ ඒ විඤ්ඤාණ සංස්කාර කොටස කියන එක මම සිහි කරද්දී සිත නතර වුණා. සිත ප්‍රභාස්වර වුණා, පුදුමාකාරයි ඒක. අත්තානුදිට්ඨිය සෑදෙන ආකාරය විමසනකොට සියලු ධ්‍යාන තලයන් ඉක්මවා සිත නිරුද්ධ වන ස්වභාවය මනා කොට දුටුවා. ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේකෙ පෙන්නනවා, මේ අර විඤ්ඤාණ කොටසේ තිබෙන්නා වූ එකේ අධික බලපෑමක් තියෙන්නෙ. ඒ කියන්නෙ අර ත්‍රිපීසියමේ සංස්කාර කියන point එකේ තියන ඒ කෑල්ල බොහොම ගැඹුරුයි.
ඒක තමයි කරපු භාවනාව.