Date: 25/09/2015 Name: Bhayāgati

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට හතර නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අර කාමච්ඡන්දයේ ඉඳන් පටන් අරගෙන, සාත අසාත, ඒ විදිහට දිගට ම ඒ භාවනා වැල ම දිගට ම කරගෙන ගියා. ඒකෙ අවසානයට අපි ඊයේ ඉගෙන ගත්තා මේ ත්‍රිපීසියමේ ධර්මය, අත්තානු දිට්ඨියේ ධර්මය හා සම්බන්ධ කරපු එක. එහි දී අර භය අගතිය දක්වා පාරවල් දෙකකින් එන බව සිහි කළා. Lightning sign එකේ උඩ කොටසත් යට කොටසත් දෙක ම භය අගතිය හා සම්බන්ධ වෙනවා.

එතකොට මෙතෙන්දි කෙනෙකුට ඉතින් ඒ diagram එක නම් ඉතින් ඇඳගන්න පුළුවන් හැමෝට ම අපිට පේන්නෙ එතන lightning sign එකේ අර විඤ්ඤාණයේ ඉඳන් කෙළින් ම භය අගතියට රේඛාව, මැද්දේ අර සංස්කාර කියන තැන කැපෙනවා. එතකොට ඊළඟට සංස්කාරයෙන් ඉදංසච්චය. ඉදංසච්චයෙන් පරිදේවය, පරිදේවයෙන් භය අගතියට එනවා කියන එක තියෙනවා. ඉතින් වම් අත පැත්තට ඕක එන්නෙ, අර අත්තානුදිට්ඨියට අපි සලකුණු කරපු diagram එක, ඒ කියන්නෙ භය අගති, වේදනා, චේතනා, පරාමාස, භය අගති. උඩ කොටසින් සිදු වන භය අගතිය දක්වා ඒම, පළමුව සිදු වෙනවා. ඒ කියන්නෙ විඤ්ඤාණ, සංස්කාර, භය අගති කියන එක තමයි කලින් සිද්ධ වෙන්නෙ. ඒක තුළ පවතිනවා යන අදහස කියන එක ඇත. මිච්ඡා දිට්ඨිය ඇත. මෙය මත තමයි පරිදේවයේ සිට භය අගතිය දක්වා එන ධාරාව ගලන්නේ. ඒ කියන්නෙ line 5 එක තුළ, පැවතිය හැකි ය යන අදහස තියෙනවා. එය භය අගතිය දක්වා යන්නේ භය අගතිය තුළ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය කියන එක ගලනවා. මෙසේ odd පථය හා even පථය හරහා ජාති වීම ඊළඟට සිද්ධ වෙනවා. ජාතියට පැමිණියා නම් නන්දිය ඇත. ඇයි මැරිලා ඉපදෙන්න කැමැත්ත නේ නන්දිය කියන්නෙ. එතකොට කාම ආශ්‍රව දක්වා ගොස් රාග සල්ලය හරහා රූප ස්පර්ශ කරන්නේ කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා.

දැන් ඒක නිසා අභිජ්ඣා වෙනවා කියන එක, සිද්ධ වෙනවා. මතක නේ අර ලකුණු කරන්නේ අභිජ්ඣා වම් පැත්තෙන් කාමච්ඡන්ද නන්දිය කියන එක. ඉතින් අපි ඉගෙන ගත්තා ඔය අභිජ්ඣා කියන එක ප්‍රත්‍යය හැටියට කාමය හේතුව හැටියට මිච්ඡා දිට්ඨිය. ආපහු කාමය ඇති වෙන්නේ කුලමච්ඡරිය. ඉතින් මේ භාවනාව ලියන වෙලාවේ රහතන් වහන්සේ පෙන්නුවා මේ කුලමච්ඡරිය කියන එක ඇති වෙන්නේ නන්දියෙන්. නන්දිය තියෙන්නෙ ඊටත් පල්ලෙහායින්. එතකොට figure එකක් හැදෙනවා අපිට නන්දිය, කුලමච්ඡරිය, කාමය, අභිජ්ඣා කියලා. ඒකත් මෙතන ඇති වෙනවා.

“මෙහි දී නන්දිය හරහා කාමච්ඡන්දය වීමත් එමගින් අභිජ්ඣා වීම ඇති වීමත් විශේෂිතයි” කියන එක රහතන් වහන්සේ පවසනවා. යම් විඤ්ඤාණයක් සකසන්නේ එහි දී, ඒ කියන්නෙ අපි මුලින් විඤ්ඤාණය සකස් කරගෙන යනවා නේ. Construction and maintenance කියලා දෙකක් තියෙනවා නේ. එතකොට හදාගෙන යනකොට එතෙන්දි කාමච්ඡන්දය වෙලා නන්දිය ඇති වීම කියන එක, අපි කලින් ඉගෙන ගත්තා. මෙම අවස්ථාවේ දී මිය ගියා වූ විඤ්ඤාණය නිසා නැවත හටගැනීමක් ඒ කියන්නෙ පුරුකෙන් පැළවීමක් කියන එක තියනවද අර බීජ සූත්‍රයේ ඉගෙන ගත්තේ. එහි දී, නන්දිය හරහා කාමච්ඡන්දය කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් අපිට පේනවා එහෙම නම් ත්‍රිපීසියමෙන් අත්තානුදිට්ඨිය, අත්තානු දිට්ඨියෙන් අභිජ්ඣා දක්වා ම ගමන් කරනවා කියන එක.