Date: 26/09/2015 Name: Avijjā

ඒ බුදුපියවරුන්ට නමස්කාර කරමු. ඒ බුදුපියවරු දාහතර නම ම වැඩියා. පූජාවෙන් පස්සෙ, මම සිහි කරන්න පටන් ගත්තා ඊයේ භාවනාව ම නැවතත්. ඉතින් ඒ ඊයේ භාවනාව දීර්ඝ වශයෙන් කියන්න බෑ, ඒක බැලුවහම.

මං පටන් ගන්නෙ නම් ලෝභය නැති කරමි, කාමච්ඡන්දය. කාමච්ඡන්දය නැති කරනවා කියලා කියන්නෙ, අර සාත අසාත කියන එක, නැති වෙන්න ඕන. ඉතින් අපි ඔය ධර්මය බලලා අපි දැන් ඇවිල්ලා තියෙනවා තැනකට. ඒ කියන්නෙ අන්තිමට අසම්පජානකාරීත්වයයි අප්පටිවේධයයි කියන එක. අසම්පජානකාරීත්වය අපි දන්නවා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ කියන තැන. අප්පටිවේධය කියන එක නාමරූපය කියන එක. ඉතින් ඊයේ භාවනාවේ අවසානයට අපි ඉගෙන ගත්තා, අභිජ්ඣා කියන එක අපි සාකච්ඡා කරගෙන ආවා. එතෙන්ට ආවා අභිජ්ඣාවට හේතුවයි ප්‍රත්‍යයි කියන එක. ප්‍රත්‍යය වශයෙන් අපි දැනගත්තා කාමය කියන එක හේතුව මිච්ඡා දිට්ඨියයි කියන එක.

ඊළඟට ආපහු කාමය කියන එක ඇති වෙන්නේ, අපි ඉගෙන ගත්තා කුලමච්ඡරිය කියන එක. දැන් ඊයේ පෙන්නුවා කුලමච්ඡරිය කියන එක ඇති වන්නේ නන්දියෙන් කියන එක. එතකොට මේ අවස්ථාව තමයි, මං හුඟාක් ම බැලුවේ. මේ භාවනාවේ ඒ කියන්නෙ දැන් කෙනෙකුට එකපාරට ම තේරෙන්නෙ නෑ නේ, කොහොම ද මේ කුලමච්ඡරිය කියන එකට එන්නෙ නන්දියෙන් කියලා.

ඉතින් අපි සාමාන්‍යයෙන් අභිජ්ඣාව කියන එක ඇති වෙනකොට අපි පෙන්නුවා අර කාමච්ඡන්දය ඇති වෙලා ඇති වෙන එක. දැන් ඊයේ පෙන්නුවා අනිත් පැත්තට. ඒ කියන්නෙ විඤ්ඤාණය මැරිලා, ඊට පස්සේ එන්නා වූ අවස්ථාවෙදි සිද්ධ වෙන්නා වූ දේ තමයි එතෙන්දි බැලුවේ. ඉතින් ඒක සඳහා රහතන් වහන්සේ මට කිව්වා අර ආනෙඤ්ජ සප්පාය සූත්‍ර භාවනාව අපි කළා නේ, මේ 28/08/2015 ආන්න ඒ කොටස බලන්න කියලා. ඉතින් ඒකෙ පෙන්නුවා මේ අලුත් රූපයක් කියන එක මැරෙනවා පරණ එක නිසා. පරණ එක අලුත් එක නිසා මැරෙනවා කියන එක. ඕකෙ තියෙනවා නේ අර 270°යි 360°යි කියන එක. එතෙන්දි පෙන්නුවා 360° කියන එක පරණ එක. ඒක පරිදේව වෙලා තියෙනවා. ඒ කියන්නෙ හතර වෙනි රවුම ගිහිල්ලා තියෙන්නෙ 4.4 දි අපි දන්නවා මරණය එහෙම වෙලා නේ ද. එතකොට 270° කියන එක අලුත් එක. දැන් පවතින්නා වූ ඒ සුඛ වේදනාව මිය ගියා. රූපයත් මිය ගියා කියලා අපි එතෙන්දි බලලා තියෙනවා. ඔන්න ඔය අවස්ථාවත් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

එතකොට අපිට පේනවා, අපි එහෙම නම් දැන් මේ මැරිලා අනිත් පැත්තෙන් පල්ලෙහා පැත්තෙන් එනවා, පරිදේව සෝක ජාතිය දක්වා එහෙම ඇවිල්ලා, අපි ඊයේ ඉගෙන ගත්තා නේ ඒකෙන් නේ යන්නේ කියලා, අපි උඩට කාම ආශ්‍රව ඇති වෙලා රාග සල්ලයෙන් රූපයෙන් ස්පර්ශ කරන්න යනවා කියන එක. ඉතින් මේකෙ හොඳට පේන්නෙ දැන් අපි අර වේදනාව මැරිලා අපි ඒ වේදනාවන් පතනවා නේ. අන්න ඒක තමයි මෙතන නන්දිය. අපි සාමාන්‍යයෙන් රූපයත් එක්ක තමයි අපි නන්දිය හුඟක් මෙතන කල්පනා කළේ. දැන් කල්පනා කරන්න දැන් ඒ වේදනාවන් නැති වෙලා. ඒ වේදනාවන් කුලයන්. ඒ වේදනා කුලයන් තමයි අපි නැවත නැවතත් ඉල්ලන්නේ. එහෙම නම් අපි යන්නෙ කුලමච්ඡරියට, වේදනාව නිසා. ඉතින් එතන මම බොහෝ වෙලා හිටියා. ඒ කියන්නෙ ඔතන ම සිත නතර වෙලා ඔය මිනිත්තු විස්සක් විතර මං දිගට ම සිත නතර වෙලා හිටියා හිතන්නත් අමාරුයි.

ඊට පස්සේ පොඩ්ඩක් ඒකෙන් එළියට ආවට පස්සෙ මට පේනවා, එහෙම නම් මේකෙන් යන්නෙ මොකක් ද, අපි යන්නෙ අර උඩට නේ. ඒ කියන්නෙ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක නේ කුලමච්ඡරිය line එක නේ ද. ඒක දික් කළා ම යන්නේ අසම්පජානයට කියන එක.

එහෙම නම් අපිට පේනවා, මේ නන්දිය තුළ කෑලි දෙකක් තියෙනවා. මොකක් ද කෑලි දෙක? එකක් තමයි අසම්පජානය කියන එක. ඒකට තිබෙන්නා වූ කැමැත්ත. අසම්පජානය කියලා කියන්නෙ තණ්හාව නැති වුණා ම නැති වෙනවා කියලා දන්නෙ නැති කතාව තියෙනවා, ඒකෙ ගැඹුරට බැහැගෙන. එතකොට ඒක ප්‍රධාන සංස්කාරය වෙනවා නේ, ධම්මමච්ඡරිය ඇති වෙන්න. දැන් යන්නෙ අප්පටිවේධයට කියන එකට. එහෙම නම් ඒ අප්පටිවේධය, නිකම් නෙවෙයි ඒක ඇති වුණේ, අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා කියන එක නොදන්නා බව. ඔන්න ඔය කාරණා දෙක තමයි නන්දිය තුළ තියෙන්නෙ ගැඹුරට බැහැලා. අසම්පජානයේ කතාවයි ඊළඟට අප්පටිවේධය ඇවිල්ලා තියෙන්නෙ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යනවා කියන, හැඟීමක් එහෙම අවබෝධයක් නැතිකම කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් බොහෝ වෙලාවක් මේකේ අර කුලමච්ඡරියෙ කතාව තේරුම් ගැනීම නිසා ම මිනිත්තු විස්සක් විතර, එහෙම ම දිගට ම ඉන්න පුළුවන් සිත දුවන්නෙ නැතිව නතර වෙලා, ඒ විදිහට මේ භාවනාවේ.