ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මම භාවනාව පටන් ගත්තෙ, ලෝභය නැති කරමි කාමච්ඡන්දය පහ කරමි කියන තැනින්. ඉතින් එතනින් අපි දන්නවා කාමච්ඡන්දය කියන එක, ඒ සාත අසාත ඒක නිසායි ඒක සිද්ධ වෙන්නෙ කියන එක. ඉතින් අර ඉස්සෙල්ලා වගේ ඒ භාවනාව මං කරගෙන ගියා. අර rectangle එක දැන් අපි දන්නවා නේ එතනින් ඇවිල්ලා තියෙන්නෙ සාත අසාත කියලා අන්තිමට අසම්පජානකාරීත්වයයි අප්පටිවේධයයි.
එතකොට එතනින් අපිට හැදිලා තියෙනවා ඒ නාමරූපත් එක්ක අර rectangle එක. එතකොට අපි ඉගෙන ගත්ත ඔය කායමුදුතාව, ඒ rectangle එකේ උඩ කොටස, නාමරූපයේ ඉඳන් චේතනාවට යන එක නවත්වනවා කියලා. ඉතින් ඊට පස්සේ අර lightning sign එක බැලුවා. ඒකෙ, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට යන කොටස අපි ඉගෙන ගත්තා, කායපාගුඤ්ඤතාවය මගින් එතන නවත්වනවා කියන එක. ඒ වගේ ම අපි ඉගෙන ගත්තා, අර කායුජ්ජුකතාවය මෝහය ළඟ තිබෙන්නා වූ තැන, නිත්‍යභාවය කියන එක, එහෙම අයින් කරනවා කියලා. ඉතින් ඒක මතක ඇති අර ථීනය අවස්ථාව එතනින් එහා පැත්තට යන්න දෙන්නෙ නැතිව, අවිද්‍යා ආශ්‍රවය වෙන්න දෙන්නේ නැහැයි කියලා.
එතකොට ඒ වගේ ම අපි ඉගෙන ගත්තා අර ත්‍රිපීසියම. ඒ ත්‍රිපීසියමේ අපි දැක්කා ඒක අත්තානු දිට්ඨියත් එක්ක සම්බන්ධ වෙන හැටි. දැන් එතකොට අපි දන්නවා ඔය විඤ්ඤාණයේ ඉඳන් අර මැද්දේ තියන සංස්කාරය, ඒ කියන්නෙ පරාමාසයයි ඉදංසච්චයයි අතර තියන සංස්කාරය. ඔය රේඛාව දික් කළා ම භය අගතිය දක්වා ගමන් කරනවා කියන එක, ඒක ඉක්මනින් සිද්ධ වෙනවා කියලත් ඉගෙන ගත්තා. ඔය රේඛාව parallel වෙනවා, අවිද්‍යා අනුසය රේඛාවට. ඒ රේඛාව ඇන්දොතින් ඒ වේදනාව අපි දන්නවා නේ අර වේදනාවයි ජරාවයි ඒ රේඛාව දික් කළා ම අසම්පජානයට යන්නෙ. දැන් ඔය කිව්ව රේඛාව parallel වෙනවා ඒකට.
ඊට පස්සේ දැන් මට තේරුණා මේ භාවනාව යන්නෙ, දැන් ඊයේ අපි කතා කළා නේ, අර නන්දිය තුළ, අසම්පජානයයි අප්පටිවේධයයි කියන එක. ඒ අප්පටිවේධය කිව්වහම අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එක නොදන්නාකම කියන එක.
එහෙම නම් ඉතින් අද භාවනාවේ බලන්න තියෙන්නෙ ඔය අවිද්‍යා ආශ්‍රවයට යන එක. එතකොට අවිද්‍යා ආශ්‍රවයට යනවා කියන එක සිද්ධ වෙන්නෙ, අන්න එතෙන්දි මම රහතන් වහන්සේගෙන් උදව්වක් ඉල්ලුවහම, බලන්නෙයි කියන එක කිව්වා අර “නාමරූප චේතනා පරාමාස ථීන diamond එකක් තියෙනවා නේ” එතන. එතකොට අන්න ඒ කෑල්ල බලන්න කිව්වා. එතකොට දැන් අපි ඉගෙන ගත්තා, කායුජ්ජුකතාවය මගින් අර ථීනයේ ඉඳන්, දැන් අට වෙනි රවුම නේ. එතනින් පස්සෙ තවත් කරකවලා අවිද්‍යා ආශ්‍රව වෙන්න ඉඩ දෙන්නෙ නැහැයි කියලා. ඒක කැරකුවහම තවදුරටත් අවිද්‍යා ආශ්‍රවයන් ඇති වෙනවා. එහෙම නම් අවිද්‍යා ආශ්‍රවයට යන්න නොදෙන එක තමයි මෙතනින් අපි ඒක කරන්නෙ. ඉතින් දැන් සම්පූර්ණයෙන් picture එක පේනවා නේ. දැන් මෙතන මේ diamond එක යන්න දෙන්නෙ නැත්නම් ඉතින් එහෙනම් ඉතින් නාමරූප කියන කොටස කියන එක, ඒක නැති වෙන්න ඕන. ඉතින් නාමරූප කියන එක නැති වෙන්න නම්, ස්පර්ශයේ කතාව නැති වෙන්න ඕන. ඉතින් එහෙනම් අර සාතං අසාතං ගාථාව, කෙළවරට එනවා. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
එතකොට රූපයේ විභූතිය කොහොම ද ඇති වෙන්නේ? “න සඤ්ඤ සඤ්ඤී න විසඤ්ඤ සඤ්ඤී” ඒ ගාථාවට එන්න ඕන. ඒකෙ පෙන්නුවා නේ ඔක්කොම මේ සඤ්ඤා නිසා නේ ද පපඤ්ච සඞ්‌ඛා කියලා එතනින් ඒකෙ, එතෙන්ට ම එන්න ඕන. ඒ හැර වෙන විසඳුමක් ඇත්තෙ නෑ. බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මය ම තමයි එතන තියෙන්නෙ. ඉතින් එතකොට දැන් ඉතින් මේකෙ බැලුවහම bottom line එක හැටියට පේන්නෙ, රූපය අයින් කරනවා කියන එක විතරක් නෙවෙයි රූපයේ විභූතිය කියන එක. ඒ ධර්මයටත් expectation එකක් නැති වෙන්න ඕන. රූපය හොයන්නේ නැති වෙන්නත් ඕන. දැන් ඔයගොල්ලො අලුතෙන් ධර්මයක් බලාපොරොත්තු වෙනවා නේ. ධර්මයක් හොයන්නේ නැති වෙන්නත් ඕන. දෙක හොයනවා නම්. හොයනකන් කැරකෙනවා. ඔන්න ඕකයි තියෙන්නෙ. දෙපැත්ත ම නැති වෙන්න ඕන. ඒ හැරෙන්න විසඳුමක් නෑ. ඒ කියන්නෙ ඔක්කොම මච්ඡරි ටික යන්න එපායැ, ධම්මමච්ඡරිය දක්වා ම ඒක යන්න ඕන. ධම්මමච්ඡරිය අප්පටිවේධ line එක නේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.