ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවට පෙර ම, රහතන් වහන්සේ ඔය 26/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඒකෙ තියෙනවා ඔය කාමච්ඡන්ද පැවතිය හැකි ය අවිද්‍යාව, අවිද්‍යාවෙන් අර තණ්හාව. ඒ අවිද්‍යාව කියන තැන සඤ්ඤාව නේ තියෙන්නෙ. එතකොට අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කියන එක.
ඉතින් ඕකෙ සම්බන්ධතාවයක් තියෙනවා. මේ 02/08/2015 ඒ නිබ්බාන භාවනාවේ, ඒකෙ diagram එකක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකට මනස යොමු වුණා. ඒකේ තියෙන්නෙ මොකක් ද ඔය අත්තානුදිට්ඨිය නිසා අර මෝහ අගතියේ ඉඳන් මිච්ඡාදිට්ඨික පෙර අගයක් කියන එක තියෙනවා. ඒකෙන් අපිට අර සඤ්ඤාව දක්වා පවතිනවා කියලා එන එක. ඉතින් ඔතන අපි ඉගෙන ගත්තා, ඔය කායපාගුඤ්ඤතාවය මගින් ඉවත් වෙනවා කියලා ඒ සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා එන්නා වූ ඒ කොටස. එතකොට ඊළඟට ඒ diagram එකේ ම, වේදනාව ඉඳන් චේතනාව දක්වා යන රේඛාව අපි දන්නවා නාමරූප එතන, පරාමාසයේ ඉඳන් නාමරූපයට එන්නා වූ රේඛාවකුත් තියෙනවා. ඒ රේඛාවේ, කායමුදුතාව මගින් ඉවත් වෙනවා කියලා, ඒ රේඛා දෙක අපි ඉගෙනගෙන තියෙනවා.
එතකොට ඔය දැන් ඊයේ භාවනාව බලද්දී, මම තේරුම් ගත්තා, ඔය කුඩය තුළ වූ අත්තා ධර්මය කියන එක. කුඩය කියලා කියන්නෙ, අර ස්පර්ශ සඤ්ඤා නාමරූප, ඔතන නේ අපි එන්නෙ, අර තණ්හාවෙන් අවිද්‍යාවෙන් අපි අර මාළුවා අරිනවා වාගේ, වතුර අරිනවා කියලා කිව්වෙ, මේ වේදනාවේ ඉඳන් එන්න. එතකොට ඒක අර අත්තානුදිට්ඨිය නිසා සිද්ධ වෙන එක නේ. එතකොට දැන් ඔය දකුණු අත පැත්තෙ තියෙන්නෙ සඤ්ඤා ඉඳන් නාමරූප කියන එකට, වම් අත පැත්තෙ තියෙන්නෙ ස්පර්ශයේ ඉඳන් සඤ්ඤාවට. පහළ තියෙන්නෙ වේදනා, එතකොට එතන අපේ කුඩය කියන එක තියෙනවා. ඉතින් ඔතන කෙනෙකුට ලියාගන්න පුළුවන් අත්තා ධර්මය කියලා වේදනාවයි සඤ්ඤාවයි අතර තිත් රේඛාවකින් යා කරලා.
එතකොට අපිට පේනවා මේ ඊයේ භාවනාවලදි අපි පෙන්නුවේ, අර ආපහු අත්ත සඤ්ඤාවක් තියෙනවා නේ අපේ පරාමාසයේ ඉඳන් චේතනාවට උඩ අතට ලියන අත්තා. දැන් මෙතනත් තියෙනවා, වේදනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා අත්තා ධර්මය කියන එක. ඉතින් ඔය “න සඤ්ඤ සඤ්ඤී න විසඤ්‌ඤ සඤ්ඤී” කියන ගාථාවේ, මේ කුඩය දෙකට බෙදෙන බව මට මෙනෙහි වුණා.
ඒ කියන්නෙ අපි දන්නවා ඔය ඥාන පථයේ තියෙනවා, අරූප ධ්‍යානය කියන ලකුණු කරන කොටස. ඒකෙ අපි ඒ රේඛාව ලකුණු කරනවා, මේ ශ්‍රද්ධාවේ ඉඳන් සතිය දක්වා. එතකොට සතිය කියන එක තියෙන්නෙ ස්පර්ශයයි සඤ්ඤාවයි අතර. එතකොට අන්න ඒ කොටස මගින්, අන්න මේ කුඩය දෙකට බෙදෙනවා. අපි බලන්නෙ කුඩයේ දකුණු පැත්ත. එතකොට ඒ දකුණු පැත්තෙ සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා කියන එක, අරූප ධ්‍යානය නිසා ඇති වන පවතිනවා කියන සඤ්ඤා කොටස. ඒක තමයි ඒ පෙන්වන්නෙ. ඒ කියන්නෙ කුඩේ දකුණු පැත්තෙ තියන එක. ආපහු කුඩේ දකුණු පැත්තෙ, අපිට පේනවා රේඛාවක් වශයෙන් ලකුණු කළොතින් ඉතින් වේදනාවේ ඉඳන් නාමරූපයට තියන එක. එතකොට ඒවා තමයි වේදනා සහගත වූ, ධ්‍යාන සඤ්ඤා. උඩ තියෙනවා අරූප ධ්‍යානය නිසා පවතිනවා කියන සඤ්ඤාව, පහළ වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා.
දැන් කුඩයේ වම් අත පැත්ත බැලුවා. එතකොට වම් අත පැත්තෙදි අපිට පේනවා, ඔය ස්පර්ශයේ ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. ආන්න ඒක තමයි මේ සාමාන්‍ය සඤ්ඤාවක් ordinary perception කියන එක. අපි අර ඉගෙන ගත්තා නේ කලහ විවාද සූත්‍ර ඒ diagrams වල දී diagram 2 දී, න සඤ්ඤ සඤ්ඤී න විසඤ්‌ඤ සඤ්ඤී කියන ගාථාව.
එතකොට මෙන්න මේ කොටස බැලුවහම, මනස ඉතාමත් ම උතුම් ස්වභාවයකට පත් වුණා. ධර්මයවත් හොයන්නේ නෑ. දැන් ඊයේ පෙන්නුවා නේ ධර්මයවත් හොයන්න හොඳ නැහැයි කියන එක. ධර්මයවත් නොසොයයි. හරී සැනසීමක් තියෙනවා. නමුත් මේ සියල්ල ගැන ම අවබෝධයක් තියෙනවා. මනස ස්ථාවරයි. රූපයන්ගේ විභූතිය මනා කොට පවතිනවා, ඒ අවස්ථාවෙදි. ඉතින් දැන් ඔය අත්ත සඤ්ඤාවක් අපි කිව්වා නේ වේදනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා ඒ කුඩය කියන කතාවෙදි. දැන් ඔය සඤ්ඤාවේ ඉඳන් ස්පර්ශයට තියන එක, අපි අනිත් පැත්තට දික් කළොතින් මොකද වෙන්නෙ සඤ්ඤා ස්පර්ශ ගිද්ධිලෝභ. ආන්න එතෙන්ට ආවා. එතකොට උඩ තියෙන්නෙ රූපය. රූපයේ ඉඳන් ඔන්න ස්පර්ශය පල්ලෙහා ගිද්ධිලෝභය. එතකොට මේකෙ කිසිවක් නෑ. රූපයත් ඒ ගැන ඇති වුණා වූ ගිද්ධිලෝභයත් නිසා ඇති වූ පුහු සඤ්ඤා පමණක් බව හොඳින් වැටහිලා, මම බොහෝ වෙලාවක් ඒකෙ හිටියා. ඇතියි කියලා පැවසුවා. ඒ වෙලාවෙ කිව්වා අකනිට්ඨාවට යෑමට සුදුසුයි කියලා මේ වෙලාවෙදි. එහි ගියත් කිසිම බුදුවරයකුටවත් ඇල්මක් නැති බව හොඳින් ම වැටහුණා.
මේක තමයි මං කළ භාවනාව.