Date: 29/09/2015 Name: Macchariya 5

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, කියලා වැඳ නමස්කාර කළා. මෙතෙන්දිම සිත නතර වුණා. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඒ හේතුව වුණේ, භාවනාවට පෙර ම 02/09/2015 මච්ඡරිය 3 භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. එම භාවනාවේ බ්‍යාරොසනා කොටස හොඳින් විමසුවා. අර සම්මා ඥාන කොටස ඇති බවත් නිත්‍ය ස්වභාවය පහව ගොස් ක්‍රෝධ නොවන බවත් ඉගෙන ගත්තා. එතෙන්දි උද්ධච්චය තුළ පවතිනවා යන, ඒ කියන්නෙ ආස්වාද ඉන්ද්‍රිය නිසා වන බලපෑම ඉවත් වීම බැලුවා. ඉතින් මේ නිත්‍ය ස්වභාවය නැති වීමට නම් තුන් ධර්මයක් චේතනාව දක්වා ගමන් කිරීම නැවතිය යුතුයි කියන, එක මං මෙනෙහි කළා.

ඒ කියන්නෙ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට, වේදනාවේ ඉඳන් චේතනාවට, පරාමාසයේ ඉඳන් චේතනාවට එන්නා වූ අත්තා කියන එක, ඒක නැති වෙන්නෙ නැත්නම් මේක නැති වෙන්නෙ නෑ. ඊයේ භාවනාවත් සමඟ මේක සම්බන්ධ වුණා. ඊයේ භාවනාව අවසානයේ දී අපි ඉගෙන ගත්තා සඤ්ඤාවේ ඉඳන් නාමරූප, අර කුඩයේ දකුණු අත පැත්ත, අරූප ධ්‍යාන නිසා පවතිනවා කියන සඤ්ඤාව. ඊළඟට වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා, වේදනාවේ ඉඳන් නාමරූපයට එන එක. ඊළඟට ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන, සාමාන්‍ය වූ සඤ්ඤා නිසා වන වේදනා, අන්න ඒ කොටස මෙනෙහි කළා.

මෙසේ කුලමච්ඡරිය නැති වීමට නම් වේදනාව දක්වා එන්නා වූ සියලු පථයෝ නැවතිය යුතු ය. අත්තානු දිට්ඨි triangle එකට සිත යොමු වුණා. වේදනා නිරෝධ භාවනාවේ කරුණු සිතට පැමිණියා. නිරෝධය කරා ගමන් කළා. නැවතත් මෙනෙහි කරන්න උත්සාහ කළා ම, නිරෝධයට ම පුනපුනා පැවතුණා. කැමති පරිදි නිරෝධය සිහි කරන්නේ, නිරෝධ වීම කියන එක සිදු වුණා. මේකෙ අදහස තියෙන්නෙ මේ භාවනාවේ. ධම්මමච්ඡරිය නැති වීමට නම් ප්‍රධාන සංස්කාරයෝ කුලමච්ඡරිය නැති වෙන්න ඕන. පෙර පෙන්වා දීපු අයුරින්. ඒ කියන්නෙ මච්ඡරිය 2 භාවනාව අපි කළා, 01/09/2015. ආවාසමච්ඡරියත්, රූප ලාභ වශයෙන් නොගැනීම අත්තා නොවීමත්, අර මච්ඡරිය 4 භාවනාවෙදි පෙන්නා දුන්නා, ව්‍යාපාදයේ බලපෑම නිසා වණ්ණ මච්ඡරිය. ඒ කියන්නෙ රූපය පවතී යැයි කියලා සිතාගෙන වණ්ණ මච්ඡරිය ඇති වෙනවා. එනම් ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන උද්ධච්ච කොටස බැස යෑම, අත්ත සඤ්ඤාව පහ වීම මගින් සිදු වෙලා, වණ්ණ මච්ඡරිය බැස යෑමක් කියන එක, අන්න ඒක හොඳින් මට වැටහුණා. ඉතින් ඒ කියන්නෙ ධම්මමච්ඡරියට එන්නා වූ ප්‍රධාන සංස්කාරයේ ඉඳන් ඒ ඔක්කොම components ටික නැති වෙලා යන්න ඕන. ඉතින් ඒක තමයි ඔය ඊයේ භාවනාවත් එක්ක connect වෙලා ඒක පේන්නෙ.

ඉතින් ඒක තමයි කරපු භාවනාව.