ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි වැඳ නමස්කාර කළා. මේ විදිහට මේ තුන් නම සිහි කරන්නේ, සිත ප්‍රභාස්වර ස්වභාවයට පත් වුණා. මච්ඡරිය 5 භාවනාවේ කරුණු සිහි වීම නිසායි ඒක සිද්ධ වුණේ. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම, 28/08/2015 ආනෙඤ්ජ සප්පාය භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඒකේ අවසානෙට මම ලියාගෙන තියෙනවා ඔය රූප සඤ්ඤාව කායමුදුතාව මගින් නැති වෙනවා කියන එක. ඉතින් එතන අපිට පේනවා මේ ජරාව, වේදනාව, ඊළඟට උඩ තියෙන්නේ රූප සඤ්ඤා, ඉතින් අපි ඔතන අසම්පජානය කියලා ලියනවා. නාමකායේ පටිඝසම්ඵස්ස අගයෝ කියලාත් ඕකට ම කියනවා. ඉතින් ඔය වේදනාව හරහා නාමරූපයන් කරා ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් අපි ඔතන ජරාවේ ඉඳන් වේදනාවට තියෙන එක පටිඝානුසය කියලා නේ කියන්නේ. එතකොට ඒ පටිඝානුසය අවිද්‍යා අනුසයෙන් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔය අවිද්‍යා අනුසය ඇති වෙන්නේ කාමරාග අනුසයෙන් නේ ද?
එතකොට දැන් එහෙම නම් අපි දන්නවා මේ රූප සඤ්ඤාව කායමුදුතාව මගින් මේක නැති වෙනවා. ඉතින් මේක සම්බන්ධ වෙනවා ඔය bell shaped curve එකේ A, B, C කියලා කියනවා නේ. ඒ A, B, C කියන එකේ 270°ක් කැරකිලා අර සුඛ වේදනාව, දැන් පවතින්නා වූ සුඛ වේදනාව මිය ගියා කියන්නේ. ඔන්න ඕක මම ටිකක් ගැඹුරට විමසුවේ. ඉතින් මෙතන A කියලා කිව්වහම අපි බලන්න ඕනෙ අර පෙර තිබුණා වූ සුඛය, තමයි A කියන්නේ. එතකොට B කියන්නේ දැන් සුඛය. C කියන්නේ පසු සුඛය. ඔන්න ඔය ආකාරයටයි සිතන්න ඕනෙ. ඉතින් 3.3 මතක නේ. 3.3 කියන එක තමයි C කියන්නේ නේ ද? ඉතින් ඕක තමයි ඔය 270°ක් කැරකුණා කියන එකේ අදහස ඒ ඔතන තියෙන්නේ. එතකොට ඒක එකපාරට ම කෙනෙකුට තේරෙන්නේ නෑ. එතකොට කාම සඤ්ඤාව කියන එක සංස්කාරය නිසා විඤ්ඤාණය පැවතීමට ඇති කැමැත්ත, කායපාගුඤ්ඤතාවය මගින් නැති වෙනවා කියන එකත් ඒ ආනෙඤ්ජ සප්පාය භාවනාවේ අවසානෙට මම ලියාගෙන තියෙනවා. එතකොට ඉතින් ඒක අපි කල්පනා කරන්න ඕනෙ අර මනසිකාරයේ යට කොටස, lightning sign එක, අන්න ඒක මගින් සිදු වෙන එක.
ඉතින් බුදුපියවරු තුන් නම ම සිහි කරනවිට ම අත්තා සඤ්ඤා තුනක් පෙර, දැන්, පසු වශයෙන් මම දුටුවා. මේක අපි කලින් බැලුවා, ඒ කියන්නේ මෙතන තියෙනවා වේදනාවයි සඤ්ඤාවයි අතර පෙර අත්තා ධර්මය. අපි මුලින් ලිව්වේ අත්තා ධර්මය කියලා. දැන් කියනවා ඒක පෙර අත්තා ධර්මය. එතකොට කෙනෙකුට ඉතින් diagram එකක් හැටියට හදා ගන්නවා නම් ඉතින් රූප, ස්පර්ශ, සඤ්ඤා, වේදනා, තිත් රේඛාවකින් අර කුඩේ යට ඉඳන් උඩට එන එක පෙර අත්තා ධර්මය. ඊට පස්සේ නාමරූපය හරහා චේතනා පරාමාස තියෙනවා. එතකොට එතන අපිට තියෙනවා පරාමාසයයි චේතනාවයි අතර අපි අර උඩ අතට ඒ ලියන්නේ දැන් අත්තා ධර්මය. ඊට පස්සේ ඉතින් ඔය චේතනාවෙන් එහා පැත්තට අත්තා ගිහිල්ලා ඊට පස්සේ අපේ විඤ්ඤාණය කියන එක සැකසෙනවා.
එතකොට එහෙම නම් ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා ඒක පසු අත්තා ධර්මය. එතකොට එතන නිත්‍යභාවය කියන එක එහෙම අපි මතක ද හැදෙන හැටි ලියලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ අත්තවාද උපාදාන වෙලා තියෙන්නේ ඒකට තමයි. දැන් එහෙම නම් පෙර අත්තා ධර්මය, දැන් අත්තා ධර්මය, පසු අත්තා ධර්මය කියලා අත්තා ධර්ම තුනක් අර අනුපිළිවෙළට ඇවිල්ලා තියෙනවා. එකක් සඤ්ඤාවට යටින්, එකක් චේතනාවට යටින්, අනිත් එක විඤ්ඤාණයට යටින්. මෙම අත්තා ධර්මයෝ තුන් දෙනා අර bell shaped curve එකේ A, B, C හා සම්බන්ධ වෙනවා. A කියන එක පෙර අත්තා ධර්මය. B කියන එක දැන් අත්තා ධර්මය. C කියන එක පසු අත්තා ධර්මය. එතකොට අපි ඔය A කියන එක බැලුවොතින් පෙර අත්තා ධර්මයක් වී ද, මෙය නිසා වූ යම් සුඛ වේදනාවක් වී ද, අලුතෙන් ඇති වන ස්පර්ශ වන රූප නිසා, ඒ කියන්නේ සාත ධර්මය කියන එක වුණා. සිදු විය. අන්න ඒක තමයි point එක. ඊළඟට දැන් යම් අත්තා ධර්මයක් වී ද, ඒක තමයි මේ B point එක මේ කියන්නේ. මෙය නිසා වූ යම් සුඛ වේදනාවක් වී ද, මෙය B point එක හා සැසඳිය යුතු ය. B ලෙස සැලකිය යුතු ය. ඊළඟට C කියන එක කතා කරනවා නම් සංස්කාරය නිසා විඤ්ඤාණය හටගන්නේ, මෙය නිසා පසු සඤ්ඤාවක් අලුත් සංස්කාර නිසා වී ද, එතකොට ඔතෙන්දි අර කායපාගුඤ්ඤතාවයත් එක්ක කල්පනා කරන්න ඕනෙ ඒ වෙලාවේ අපි හිතපු විදිහට. පසු අත්තා ධර්මය විඤ්ඤාණය පවතී යැයි නිත්‍ය යැයි හටගැනීම point C ලෙස සැලකිය යුතු ය. 270 කරකවන එක මතකයි නේ. සුඛ වේදනාව මිය ගියා යැයි පැවසුවේ මේ නිසා ය. නමුත් මෙය වැටහෙන්නේ 5.4, සුඛ වේදනාව මිය ගියා යැයි සිතූ විට පමණි. කුමක් නිසා ද? 5.5. අත්තා වීමට, මතක නේ 5.5 තමයි අත්තා කියන්නේ. අත්තා වීමට නම් යමක් පරාමාස වී තිබිය යුතු ය. පරාමාස වීම 5.4දී සිද්ධ වුණා.
මෙම භාවනාව කාය මුදුතා, කායපාගුඤ්ඤතා, කායුජ්ජුකතා හොඳින් සිහි කරන්නේ නම් පමණක් මනාව වැටහේ. ඉතින් භාවනාවේදි මට පැවසුවේ විරිය භාවිතා කරන්නේ නම් මේක නවත්තන්න පුළුවන්. ඒ විරිය කියනකොට ඉතින් අපි අර මුල ඉඳන් පටන් ගන්න විරියවල් තුනක් අපි පෙන්නනවා නේ. ඉතින් ඕක, විමුක්ති ඤාණදස්සන එකේ නම් අපි විරිය ලකුණු කරලා තියෙන්නේ විරිය 2, විරිය 4, විරිය 5 කියලා. අන්න ඒක මගින් නවත්තන්න පුළුවන් කියලා, ඉතින් මේකේ ඉතින් හොඳට නිරෝධයට තමන්ට යන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.