ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවායි මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා.
ඊයේ භාවනාවේදි අපි තේරුම් ගත්ත කාරණයක් තියෙනවා. කායමුදුතාව මගින් B point එක නැති කරන බවත්, කායපාගුඤ්ඤතාවය මගින් C point එක නැති කරන බවත්, කායුජ්ජුකතාවය මගින් C වලින් එහාට යන එක නැති කරන බවත් ඊයේ මම වටහා ගත්තා. මෙම ධර්මය කෙසේ ද යන්න අද හොඳින් විමසලා බැලුවා.
ඉතින් මේකේ අපි දන්නවා, ඔය diagram එකක් වශයෙන් බැලුවොතින් වේදනා, චේතනා, සඤ්ඤා, පරාමාස, එතන මැද්දේ cross එක නාමරූප. එතකොට කායමුදුතාව මගින් නැති වීම කියන එක අපි කලින් ලකුණු කරලා තියෙනවා වේදනාවේ ඉඳන් නාමරූපයට එන එකත්, පරාමාසයේ ඉඳන් නාමරූපය දක්වා එන එකත්. එතකොට ඒ වගේ ම අපි පහුගිය දවස්වල ඉගෙන ගත්තා ඔය වේදනාවේ ඉඳන් ඒ නාමරූපය දක්වා එන්නා වූ එක, වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා කියලා අපි ඉගෙන ගත්තා එතෙන්දි. එතකොට දැන්, අපිට පේනවා ඉතින් ඔය line එක එන්නේ නන්දිය හරහා. නන්දියෙන් ජාතිය, එතනින් අපිට වේදනාව දක්වා එනවා කියන එක.
එතකොට වත්ථූපම slide එකේදි, දෙවනි slide එකේදි අපි ඉගෙන ගත්තා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣා. පරාමාසයේ සිට අර උඩ සංස්කාර, අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය කියන point එක, අන්න ඒක දක්වා පැමිණීමත්, මෙම දුර්වල වූ සඤ්ඤාව නාමකායේ පටිඝසම්‌ඵස්‌සය මගින් ඉදංසච්චයට තල්ලු කරන බවත්, මෙසේ සුභ යැයි ගැනීම සිදු වන බවත් අපි ඉගෙන ගත්තා. ඉතින් මේක නේ ද මේ කායමුදුතාව මගින් නැවැත්වීමට උත්සාහ කරන්නේ. මෙතෙන්දි සම්පූර්ණයෙන් නතර වෙන්නේ නෑ. කුමක් හින්ද ද? වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤාවෝ නාමරූප දක්වා ඒම පමණයි නතර වෙන්නේ. මෙම ධර්මයන්ට ඇති වූ නන්දි ස්වභාවය චේතනාව දක්වා පැමිණ, දුර්වල වූ සඤ්ඤාව තල්ලු කිරීම කියන එක නවතිනවා. මේ නිසා bell shaped curve එකේ B point එකට යෑම වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා නිසා සිදු නොවේ. කායපාගුඤ්ඤතාවය මගින් C දක්වා යෑම කියන එක නවත්තනවා bell shaped curve එකේ. මෙහි දී විශේෂත්වය වන්නේ අරූප ධ්‍යාන නිසා පවතිනවා කියන සඤ්ඤාව කියන එක නැවතීමයි. අපි ඒකත් ඉගෙන ගත්තා නේ. ඒක සඤ්ඤා නාමරූප, මෙතන අරූප ධ්‍යාන නිසා පවතිනවා කියන සඤ්ඤාව.
අපි දන්නවා මෙතෙන්දි මේ C point එක කියන එක දෝමනස්ස සහගතයි අර වේදනාව දෙකක් සසඳලා බලලා ඇති වුණා වූ දේ නේ. ඉතින් අපි එසේ දෝමනස්ස වන්නේ පෙර වින්දා වූ දෙය මගේ යැයි ගත්තා නම් පමණයි. කාපු කෑමක් ගැන යම්කිසි මේකක් තියෙනවා නම් ඒක මගේ කියලා ගත්තේ නැත්තන් ඔය ප්‍රශ්නේ නෑ නේ. එතකොට අන්න ඒ අර්ථයෙන් ම කල්පනා කරන්න ඕනෙ මෙතනත්. එනම් පසු අත්තා ධර්මයක් බව වටහා නොගත්තා නම් පමණි. දැන් අපි අර ඊයේ සම්බන්ධ කරා නේ පසු අත්තා ධර්මයට ඒක. ඉතින් අපි දන්නවා පසු අත්තා ධර්මය ඉදංසච්චයේ ඉඳන් අර විඤ්ඤාණය දක්වා එතන තියෙන්නා වූ එක. දැන් වේදනා සහගත වූ ධ්‍යාන සඤ්ඤා නිසා හෝ, අරූප ධ්‍යාන නිසා පවතිනවා කියන සඤ්ඤා නිසා හෝ පැවතීමක් නැති බව වටහා ගත්තා වුවත්, මරණ ධර්මය සිහි කිරීමේදි වටහා ගත් ධර්මයන්ට අනුව තවමත් පවතී යන අදහස ඇත්තේ ය.
මරණ ධර්මයේදි අපි ඉගෙන ගත්තා සුභ, සුඛ, අත්තා, නිත්‍ය සියල්ල මිය ගියා. තවමත් පවතිනවා යන අදහස පෙර පැවතීම, භවයෙන් භවයට යෑම නිසා ම ඇති වී ඇත. උදාහරණ වශයෙන් නිරෝධය කරා ගමන් කර හෝ පැවතිය හැකි යැයි සිතීම පහව ගොස් නැත. කෙනෙකුට හිතන්න පුළුවන් මං නිරෝධයට ගිහිල්ලා හරි මං ඉන්නවා කියන එක. ඉතින් මේ මගේ භාවනාවේ නම් ඉතින් නිරෝධය වීම කියන එක මේ වෙනකොට සිද්ධ වෙලා තිබුණේ. සිද්ධ වෙලා එලියට ඇවිල්ලා තමයි මෙතන මේකත් පේන්නේ.
මෙසේ ඇති වූ අත්ත ස්වභාවය නිසා යම් නිත්‍ය ස්වභාවයක් ඇත්ද, ඒ නිසා මෝහ වීම වැළැක්වීම කායුජ්ජුකතාවය මගින් සිදු කරනවා. ඒ කියන්නේ අපි දන්නවා අර විඤ්ඤාණයේ ඉඳන් අර පල්ලෙහාට නිත්‍ය කියලා එනවා, එතනින් අර නිත්‍ය ස්වභාවය නිසා දිට්ඨි ආශ්‍රව, එතනින් අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයෙන් මෝහය දක්වා එන්නා වූ එක. එතකොට ඒ කායුජ්ජුකතාවය මගින් ඔය විදිහට නවත්තනවා නම් bell shaped curve එකේ C point එකෙන් එහාට යෑම කියන එක නවතිනවා. ඒ කියන්නේ නැවතත් curve එකක් සෑදීම නතර වීමට පසුබිම සාදා දෙනවා. Ground එකයි හදලා දෙන්නේ එයා. ආපහු මළාට පස්සේ තව bell shaped curve එකක් හදන්න යන්නේ නෑ, C point එකෙන් නැති වුණාට පස්සේ.
ඉතින් අපිට ඕක අර වට අටේ කතාවේදි එහෙම එහා පැත්තට කරකවන්න යන්නැහැයි කියලා පෙන්නුවේ. මෙම අවස්ථාවේ දී චිත්තපාගුඤ්ඤතාවය ඇත්තේ නම් සර්වප්‍රකාරයෙන් නැවතීම කළ හැකි ය. අපි මේක ඉගෙන ගත්තා ඔය 23/09/2015 අර අත්තානුදිට්ඨිය භාවනාවෙදි අවසානයට සඳහන් කළා නේ නාමරූපවල පවතිනවා යන අදහස මැකී යනවා කියලා අර, පරාමාසයේ ඉඳන් සෝකයට එහෙම එන්නේ නැත්තන් කියන එක.
ඉතින් ඒක තමයි මේ කරපු භාවනාව.