Date: 03/10/2015 Name: Sakkaya Ditti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර ම 08/09/2015 ධම්මකාය භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඒකේ අසම්පජානකාරීත්වය ඇති වෙන විදිහ නැවතත් හොඳින් බැලුවා. ඉතින් මෙතෙන්දි කෙනෙකුට diagram එකක් වශයෙන් ලකුණු කරගන්නවා නම් පේනවා විඤ්ඤාණය, ඊළඟට අර පරාමාසයයි ඉදංසච්චයයි අතර තියෙන සංස්කාරය, භය අගතිය, ඊළඟට එතනින් එනවා වේදනාව, ඊට පස්සේ අපි දන්නවා භය අගතිය, සෝකය, ජරාව. එතකොට ජරාවේ ඉඳන් වේදනාව හරහා අසම්පජානකාරීත්වය එතන තියෙනවා.

එතකොට දැන් අපිට පේනවා මේ පවතිනවා කියන එක භය අගතිය කියලා ලකුණු කරගන්න පුළුවන්. එහෙම නම් වේදනාව කියන තැනත් පවතිනවා කියලා ලකුණු කරගන්න පුළුවන්, අර දිට්ඨි අනුසය පාර දිගේ ආවේ. විඤ්ඤාණ, භය අගති, වේදනා කියන එක. පැවතිය හැකි ය කියන එක අපිට ආවා භය අගති, සෝක, ජරා කියන ධර්මය.

ඉතින් මෙතනින් බැලුවහම තව පාරක් අපිට ලකුණු කරගන්න පුළුවන් ඔය විඤ්ඤාණයේ ඉඳන් භය අගතියට යන රේඛාවේ ම තිතක් වගේ තියලා පසු අත්තා ධර්මය කියන එක විඤ්ඤාණයයි ඉදංසච්චයයි අතර තියෙන එක. එතකොට දැන් අත්තා ධර්මය තමයි අර ජරාව කියන තැන ලකුණු කරගන්න වෙන්නේ. එතකොට එහෙම නම් අපි තේරුම් ගත්ත ධර්මය වුණේ, පසු අත්තා ධර්මය නිසා විඤ්ඤාණ, සංස්කාර, භය අගති, වේදනා පථය ඔස්සේ පවතිනවා යන්න වේදනාව කරා එළඹ වීම පළමුව සිදු වී ඇත. මේක මෙනෙහි කිරීමේ දී අර දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණය, ඒ කියන්නේ වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලීම අභිනිවේසය. ඒ වගේ ම අවිද්‍යා ආශ්‍රවයේ ලක්ෂණය අප්පටිවේධය, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා ඒම නොදන්නා බව, මං හොඳින් විමසලා හිටියා පළවෙනියෙන්. ඒ දෙක බැලුවේ නැත්තන් අරක හොඳට පේන්නේ නෑ.

එතකොට මේකෙදි හොඳින් වැටහුණේ වේදනාව දක්වා යම් දහමක් පවතිනවා යැයි පැමිණියා ද, එයට පසුව ජරා දක්වා පැමිණි පැවතිය හැකි ය යන අදහස නිසා අසම්පජානකාරීත්වය ඇති වන්නේ තණ්හාව මගින් ධර්මය දුවන බවත්, අර චතුරාර්ය සත්‍යයේ දෙවන ධර්මය කියන එකත් හොඳට සිහි වුණා. ඒ කියන්නේ දැන් අපිට පේනවා නැවතත් අපි බැලුවොතින් භය අගති, සෝක, ජරා. පැවතිය හැකි ය කියලා දැන් අත්තා ධර්මය. වේදනාව තියන තැන පවතිනවා. අර පසු අත්තා ධර්මයෙන් ඇති වුණා වූ දේ උඩට අසම්පජානකාරීත්වය. ඉතින් හොඳට මෙතන පැහැදිලි වුණා චතුරාර්ය සත්‍යයේ දෙවනි ධර්මය. ඒ කියන්නේ තණ්හාව නිසායි මේක, අපි මේක කරන්නේ කියන එක. දැන් අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා ඒ විදිහට එනවා, අනිත් පැත්තෙන් මෙතන අපිට හොඳට පැහැදිලි වෙනවා මේ තණ්හාව නිසායි ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඔය දෙවනි සත්‍ය කියන එක. ඒක ගැඹුරට වැටහෙනවා. මෙසේ වේදනාව පවතිනවා යන දහමක් වේ ද, එයට අනතුරුව, එයට පසුව ජාති කරා odd පථය ඔස්සේ පවතිනවා යන්න අදහස ළඟා වී ඇත.

දැන් ඊළඟට අපි බලනවා මේ ජාතිය, වේදනා කියන එක. ඒක අපි දන්නවා අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා කාම ආශ්‍රවයෙන් රාග සල්ලය ඒ විදිහට ජාතිය වෙනවා ජාතියෙන් වේදනාව වෙලා ඒ ඇති වෙනවා කියන එක අප්පටිවේධයේ ඇති වීම කියන එක. එතකොට එහෙම නම්, දැන් අපි දන්නවා නේ odd පථය කලින් සිද්ධ වෙනවා කියලා නේ ද? දැන් අර වේදනාව කියන තැනට කලින් ම ඇවිල්ලා තියෙනවා පවතිනවා කියන එක. Odd පථයයි even පථයයි අපි දන්නවා odd පථය ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ කියලා. එතකොට එතෙන්ට ඇවිල්ලා තියෙනවා පවතිනවා කියන අදහස. එතකොට මෙහෙම නම් අපිට පේනවා පළවෙනි එකට 1 වේදනා පවතිනවා, 2 ජාති පවතිනවා යන ධර්මයන්. මෙය නිසා ම 3 වෙනි එක නාමරූප පවතිනවා යන මතය ඇති වෙනවා කියලා.

ආන්න එතෙන්දි අපිට පේනවා ආපහු අපි රේඛාවක් ඇඳගත්තොතින් ජාති වේදනා නාමරූප කියලා, 1 පවතිනවා, පසු අත්තා ධර්මය. 2 පවතිනවා, මෙතන තියෙන්නේ පෙර අත්තා ධර්මය. එතකොට නාමරූප පවතිනවා, දැන් අත්තා ධර්මය. එතකොට ඔන්න ඔය line එක. මෙසේ ඇති වෙන්නා වූ අත්තා ධර්මයන්ගේ පෙළ ගැසීම නිසා සක්කාය දිට්ඨිය ඇති වේ.

ආන්න ඒක තමයි මං කරපු භාවනාව.