Date: 04/10/2015 Name: Dukka Nirodha Ariya Sacca 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය වැඳ නමස්කාර කළා. මේ විදිහට අට නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඒ හත් වෙනි නම, සුඛිතචිත්ත බුදුපියා සිහි කරනකොට අර භය අගතිවල පවතිනවා පැවතිය හැකි ය යන මතය පහ වෙනවා කියන එක. අට වෙනි නම සිහි කරනකොට, ධම්මකිත්ති බුදුපියා සිහි කරනකොට වේදනාව තුළ, පවතිනවා පැවතිය හැකි ය යන මතය පහ වෙනවා කියලා කල්පනා කළා. මෙතෙන්දි මේ සිත නතර වෙනවා කියන එකත් සිද්ධ වුණා.

භාවනාවට පෙර ම 30/08/2015 දුක්ඛ නිරෝධ අරිය සච්ච භාවනාව බලන්නෙයි කියලා සහම්පති බුදුපියා පැවසුවා. ඒකෙදි ඉගෙන ගත්තා අර π අකුර, ඒක විමසනවා, ඒක නැවතත් සිහි කරනවා නම් අපි දන්නවා පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට අපි Roman වලින් i යි කියලා දාගත්තා. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට Roman ii කියලා දාගත්තා. එතකොට line 5 ඉදංසච්ච පරිදේව, අලුත් සංස්කාර නිසා වන පසු සඤ්ඤා. ඊට පස්සේ පරිදේවයේ ඉඳන් පරාමාසයට එන line 7 වල අර අනිත් පැත්තට ගමන් කරනවා කියන එක. මේක ඉතින් විමසුවා. මේකේ මේ අභිජ්ඣාවල ඇති අගය ම තහවුරු කරන බව අපි එතෙන්දි ඉගෙන ගත්තා. මේක සිදු වෙනවා නම් තුන් වෙනි ධර්මය, ඒ කියන්නේ චේතනා විඤ්ඤාණ අත්තා යැයි පිළිසිඳ ගැනීම කියන එක සිදු වෙනවා.

මේක අපි ඉගෙන ගත්තා මේ තුන් ධර්මයක්, ඒ කියන්නේ සඤ්ඤා චේතනා, වේදනා චේතනා එතන නාමරූපය කියන එක ඒ line එකේ සඳහන් වෙනවා, පරාමාසයේ ඉඳන් චේතනාවට අර අත්තා කියලා. මේ තුන් වර්ගය ධර්මය මගින් ඇති වෙච්ච අදහස පිළිසිඳ ගැනීම වශයෙන් ඉගෙන ගත්තා. මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. ඒ ඊයේ භාවනාවේ අපි අවසානෙට ඉගෙන ගත්තා ජාති වේදනා නාමරූප රේඛාව, ඒකේ වේදනාව තියෙන තැන 1 පසු අත්තා ධර්මය පවතිනවා කියලා. ඊළඟට 2 ජාතිය පවතිනවා කියන එක පෙර අත්තා ධර්මය. ඊළඟට 3 අපි ආවා නාමරූප තියෙන තැන පවතිනවා කියලා දැන් අත්තා ධර්මය කියලා. එතකොට මේ අත්තා ධර්මයන් පෙළ ගැසෙන්නේ වී නම් එසේ ඇති වූ සක්කාය දිට්ඨිය විඤ්ඤාණගත වීම වැළකිය නොහැකි ය. මෙය වැළකීමට නම් වේදනා නිරෝධ වීම සිදු විය යුතු බව හොඳින් වැටහුණා. එසේ වීමට නම්, ඒ කියන්නේ අපි දන්නවා අපි ඉගෙන ගත්තා ඔය වේදනාවට එන්නා වූ පාරවල් තුන ම බලන්න ඕනෙ. ඒකෙ අපි විශේෂයෙන් බැලුවා වේදනා පරාමාස ඉදංසච්ච.

එතකොට ඒ එතන අපිට පේනවා ඉතින් ඉදංසච්චයේ ඉඳන් අර line 5, පරිදේවයට එන එක. ඊළඟට පරාමාසයේ ඉඳන් line 7 පරිදේවයට එන එක. ඊළඟට අපි දන්නවා පරාමාසයේ ඉඳන් භය අගතියට අර අත්තා කියන එක. ඉතින් වම් අත පැත්තෙන් අපිට පේනවා පරාමාසයේ ඉඳන් සෝකය කියන එකත් තියෙනවා කියලා. එතකොට ඉදංසච්චය හරහා එන්නා වූ line 5යි, පරාමාසය හරහා එන line 7 සහ අත්තා යන ධර්මයෝ නිරුද්ධ විය යුතුයි. මෙය නොවීමට නම් වරදවා වටහා ගැනීම, misapprehension කියන එක සහ වරදවා අනුමත කිරීම, ඒ කියන්නේ ඉදංසච්චයෙන් කරනවා පවතින්නා වූ දුක ය සුඛ වශයෙන් අනුමත කිරීම කියන එක නැති විය යුතු ය. ඉතින් මෙතෙන්දි කුමක් පරාමාස වූයේ ද? කුමක් වරදවා වටහා ගත්තේ ද? අහං සහ මමං එකට සිටී යැයි වරදවා වටහා ගත්තා.

එතකොට එහෙම නම් අපිට පේනවා ඔය අපි අහං සහ මමං පල්ලෙහායින් ලකුණු කරලා තියෙනවා සෝකය, පරාමාස, පරිදේව, ඊළඟට පල්ලෙහායින් භය අගතිය ඒ රේඛාව දෙකට බෙදලා පරාමාසයේ ඉඳන් භය අගතියට වම් අත පැත්තට දැම්මා මමං කියලා දකුණු අත පැත්තට දැම්මා අහං කියලා. ඉතින් එහෙනම් ඊයේ ඉගෙන ගත්ත ධර්මයෝ, එනම් ජාති වේදනා නාමරූප ධර්මයේ අහං සහ මමං කොතන පවතී ද? කියන එක කල්පනා කළා. එතකොට ඒ වේදනාව කියන තැන, ඒ කියන්නේ අපි පළවෙනියට ලකුණු කළේ පසු අත්තා ධර්මය කියලා, ආන්න ඒක තමයි අහං. නාමරූප තැන, අපි තුන් වෙනියට ආවේ දැන් අත්තා ධර්මය. මේක තමයි මමං. එතකොට මෙම රේඛාවේ යම් ස්ථිතියක්, ස්ථාවරයක්, stable කියන එකයි කියන්නේ, වීමක් ඇත්ද එය අහං සහ මමං එකට සිටීම නම් වේ. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් සෝක පරිදේව ඉක්මවීම කියන එකත් මං ඔතෙන්දි ඉතින් මෙනෙහි කළා.

භාවනාව වශයෙන් ඕක තමයි කළේ.