ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින උත්තරීතර බුදුපියාණන් වහන්සේ ය. එම බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට වැඳ නමස්කාර කළා. තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම 28/08/2015 ආනෙඤ්ජ සප්පාය භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඒකෙදි ඉගෙන ගත්තා අර 360° පරණ ධර්මය නිසා ඇති වුණු දහම පරිදේව වෙලා තියෙනවා. 270° අලුත් රූපය නිසා දැන් පවතින්නා වූ සුඛ වේදනාව මිය ගියා, රූපයත් මරණයට පත් වුණා කියලා. ඉතින් අපි එතන ඉගෙන ගත්තා හරියට wiper එකක් වාගේ අර පරාමාස, සෝක, ඉදංසච්ච, පරිදේව. පරිදේවය එතන පරණ රූපය නිසා ඇති වුණු දහම, 360°. සෝකය තියෙන තැන 270°, අලුත් රූපය නිසා දැන් පවතින්නා වූ සුඛ වේදනාවන් කියන ඒවා, ඒවා මරණයට පත් වුණා කියලා.
එතකොට 04/10/2015 භාවනාව හා මේක සම්බන්ධ වුණා. කොයි විදිහට ද සම්බන්ධ වුණේ, මං අද භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණ ධර්මයන්ට කැමති වෙනවා. එතකොට අපිට පේනවා මේ ජරා ව්‍යාධි මරණයට කැමති වෙනවා කිව්වහම, ඉතින් ජරාවට කැමති වුණා නම් අපි එයිට ඉස්සෙල්ලා ජාතියට කැමති වෙලා තියෙන්න ඕනෙ. එතකොට මරණයට පසු ඉපදීමට ද කැමති වෙලා තියෙනවා. මේ විදිහට නන්දි සහගත වූයේ භවයෙන් භවයට යනවා කියන එක කල්පනා වුණා.
ඉතින් ඔය 04/10/2015 භාවනාවේ අපි ඉගෙන ගත්තා එක රේඛාවක්. ඒකේ පළවෙනියෙන් ම අර, ඒ කියන්නේ ජාති, වේදනා, නාමරූප කියන රේඛාව. 1 හැටියට අපි ලියාගත්තා වේදනාව තියෙන තැන පසු අත්තා ධර්මය, පවතිනවා කියලා අහං. 2 හැටියට ගත්තා ජාති තියන තැන පවතිනවා පෙර අත්තා ධර්මය. ඊළඟට 3 හැටියට අපි ගත්තා නාමරූප තියෙන තැන, දැන් අත්තා ධර්මය මමං කියලා. එතකොට අහංනුයි මමංනුයි. ඉතින් මේකේ කෙළවරේ ඉන්නේ මෙන්න මේ ජාතිය කියන එක්කෙනා උඩ තමයි මේ අහං මමං කතාව අපිට පේන්නේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි එතෙන්දි ඉගෙන ගත්තා මෙම රේඛාවේ යම්කිසි ස්ථිතියක්, ස්ථාවරයක් ඇත්ද, එය අහං සහ මමං එකට සිටීම නම් වේ යැයි කියලා ඉගෙන ගත්තා. ඉතින් මේ ධර්මයෝ එකට නොසිටී. මේක unstable. ස්ථාවරයක් නැත. Align කිරීම කියන එක කළ නොහැක යැයි කියලා හොඳට අවබෝධ වීම සමඟ අර bell shaped curve එක කියන එක මම සිහි කළා.
එතෙන්දි අපි bell shaped එකක් දැන් අලුතෙන් ඇඳගන්න ඕනෙ curve එකක්, ඔය පරාමාසය තියෙන තැන තමයි අර B කියන point එක එන්නේ. එතකොට අපිට පේනවා ඕකේ දෙපැත්තෙන් ඉන්නවා එක්කෙනෙක් සෝකය අනිත් පැත්තේ පරිදේවය කියන එක. එතකොට, ඉතින් ඒ සෝකය කතාවේදි අපි හිතමු අපි ඒක A කියලා. පරිදේවය හැටියට අපිට එන්නේ C කියන තැන. එතකොට මේ රේඛාව දික් කරන්න ඕනෙ අර සෝකය තියෙන පැත්තේ තියෙන එක bell shaped එකේ කෙළවරට ජාතියට. පරිදේවයේ කෙළවර දික් කරන්න ඕනෙ මරණය කියන එකට. එතකොට මේකේ අර අපි දැන් ඉගෙන ගත්ත කාරණා තුන සඳහන් කරගත්තොතින්, පරාමාසයේ තියෙන්නේ අහං සහ මමං එකට සිටී යැයි කියලා වරදවා වටහා ගැනීම. ඒක නේ අපි ඉගෙන ගත්තේ අර 04/10/2015 භාවනාව. දැන් අත්තා ධර්මය. පරිදේවය තියෙන කෙළවරට අපිට එනවා පරණ රූපය නිසා ඇති වුණු දහම්, එනම් පසු අත්තා ධර්මය කියන එක පරිදේව වෙලා තියෙනවා කියලා. එතකොට එතන පසු අත්තා ධර්මය පරිදේවය, ඒ දැන් අත්තා ධර්මය පරාමාසය තුළ. එහෙම නම් ඉතින් සෝකය තියෙන තැන අපිට පේන්නේ අලුත් රූපය නිසා දැන් පවත්නා වූ සුඛ වේදනාවන් කියන ඒවා ඉතින් ඒවා මිය ගියා කියන එක නේ තියෙන්නේ.
එතකොට මෙතන්දි හොඳට පැහැදිලි වෙනවා ජාතිය යන පුහු මතයට අභිජ්ඣා වීම නිසා මෙම සියලු දුක්ඛය හටගත්තේ ය. මෙම ධර්මයන් මනාව වටහා ගනී ද, එහි නිපුනත්වය ඒ කියන්නේ skill එකක් ඇතිකරගන්නවා ද, ඔහු භව ආශ්‍රවයෝ විනාස කර උතුම් නිවන කරා ගමන් කරයි, ජාතිය ක්ෂය කරයි කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.