ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ඊයේ හවස පූජාවෙන් පසුව කළ භාවනාව සිහි කළා. එහි දී විශේෂයෙන් යම් ධර්මයක් අවබෝධ වුණා, ඒක තමයි මේ ඊළඟට කියන්නේ. අපි ඉගෙන ගත්තා කලින් භාවනාවේදි ජාති, වේදනා, නාමරූප කියන line එක. ඒකේ පළවෙනි එක වේදනාව ලියන තැන පසු අත්තා ධර්මය, අහං පවතිනවා කියලා ලියාගත්තා. ඊළඟට ජාතිය කියන තියෙන තැන දෙවනි කාරණය පෙර අත්තා ධර්මය පවතිනවා කියලා. තුන් වෙනි කාරණය අපි ලියාගත්තා නාමරූප කියන තැන දැන් අත්තා ධර්මය, මමංකාරය පවතිනවා කියලා. ඉතින් මේක නිසා අර bell shaped curve එක තුළට අහං සහ මමං එකට සිටී යැයි වරදවා වටහා ගැනීමක් වුණා. ඒ bell shaped curve එක අපි ඇඳගත්තා.
ඊයේ පෙරේදා භාවනාවේදි අර ජාති, පරාමාස, මරණ කියන තැන එතන ඒ වම් පැත්තට එනවා සෝකය, දකුණු අත පැත්තට පරිදේවය තියෙනවා. මමංකාරය වම් පැත්තට එනවා. අහංකාරය දකුණු පැත්තට එනවා. එතකොට අහං සහ මමං එකට නොසිටී. මෙය කළ නොහැකි බව ඔය ජාති, වේදනා, නාමරූප රේඛාව විමසීමේ දී වැටහෙනවා. මේක පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. මේ රේඛාව මේක align වෙලා තමයි අපිට මේ සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ මේ අහං මමං එකට ඉන්නවා කියලා පරාමාස වෙලා තියෙනවා. කුමක් හින්ද ද මේක කරන්න බැරි? රූපය ස්පර්ශ කරන ලද සංස්කාරයන්ගේ විෂමතාවය ඇත. ඒ නිසා, ඒ නිසා ය මේක සිද්ධ වෙන්නේ. ඒක කරන්න පුළුවන්කමක් නෑ අර සංස්කාර දෙක සමාන වෙන්නේ නැත්තන් ඕකේ align වීමක් නෑ. එතකොට නිත්‍ය වෙනවා නම් පමණක් ඔය ජාති වේදනා නාමරූප ධර්මයෝ එකට සිටිනවා, align වෙනවා. මේක නොවන්නේ ය.
එසේ නම් අපි කුමක් සඳහා උත්සාහ කරයි ද? යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ සිට අප්‍රියේහි සම්ප්‍රයෝගය දක්වා යෑමට උත්සාහ කරයි. අර රහතන් වහන්සේ කලින් පැවසුවේ අපි උත්සාහ කරනවා කියලා. මේක කරන්න බැරි දෙයක්, නමුත් අපි මේ උත්සාහයක් ඔය විදිහට කරනවා කියන එක තියෙනවා. එතකොට, මෙන්න මේ අර්ථයෙන් තමයි ඒ කලින් රහතන් වහන්සේ පවසලා තියෙන්නේ. අද භාවනාවට පෙර ඔය 02/09/2015 මච්ඡරිය 3 භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඒකෙදි ඉගෙන ගත් පටිඝ සඤ්ඤා කොටස හොඳින් සිහි කළා. ඒකේ අපිට මතක් කරගන්නවා නම් අර diagram එකක් හැටියට වේදනා පරාමාස භය අගති, ඒක වේදනා පරාමාසය ලියාගත්තා ව්‍යාපාදයේ බලපෑම කියන එක. එතකොට වේදනා පරාමාස රේඛාව, වණ්ණමච්ඡරිය.
ඉතින් සංස්කාරයන් ඉවත් කළ පස්සේ, මෙසේ පවතිනවා, ඒ කියන්නේ පවතිනවා කියන්නේ රූපය ජරාවට පත් නොවී පවතිනවා කියලා නේ අපි ඔය වණ්ණමච්ඡරියක් එහෙම ඇති වෙලා තියෙන්නේ. ඒ සංකල්පය නිසා ඇති වුණ වණ්ණමච්ඡරිය බැස යනවා. ඇලුම් කටයුතු ආලම්බනය නිසා වන උද්ධච්ච කොටස බැස යෑම අත්ත සඤ්ඤාව පහ වීම සමඟ සිදු වේ, යන්න කියන එක මෙනෙහි කළා. අහං සහ මමං එකට සිටීම මගින් මෙම අත්ත සඤ්ඤාව ඇති විය. මෙම දෙදෙනා එකට නොසිටී නම් වණ්ණමච්ඡරිය ඉවත් වීම පළමුවත්, ලාභමච්ඡරිය ඉවත් වීම දෙවනුවත්, එය මගින් ඇති වන ආවාසමච්ඡරිය ඉවත් වීමත් කියන එක සිද්ධ වෙනවා. අත්තානුදිට්ඨිය, ඒ කියන්නේ වේදනා පරාමාස භය අගති triangle එකේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා අපි අත්තානුදිට්ඨිය කියන එක සාකච්ඡා කරලා තියෙනවා. ඒක පහව යනවා නම් තනි වෙච්ච මමංකාරය, ඇයි මමංකාරය තනි වුණා කිව්වේ? දැන් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවා ඒ සංස්කාරයන් කියන ඒවා සමාන වෙන්නේ නෑ, විෂමතාවය කියන එක තියෙනවා. එතකොට අන්න එතනදි අපි ධර්මයක් විමසලා තේරුම් ගත්තා නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ ඉඳන් අප්‍රියේහි සම්ප්‍රයෝගයට යන්න උත්සාහ කරනවා කියලා. අන්න ඒ ධර්මය මගින් ඒ අහංකාරය ඉවත් කරනවා. අහංකාරය ඉවත් කිරීම නිසා අර තනි වුණු මමංකාරය මගින් කිසිවක් කරගත නොහැකි වන්නේ ය. සියලු ආශ්‍රවයෝ දුරු කළ හැකි ය. පමා නොවන්නේ නම් නිවන අත ළඟ බව හොඳින් මෙනෙහි කළ යුතු ය. සිත්හි තබා ගත යුතු ය. ඒක තමයි භාවනාව.
ඒ භාවනාව කරනකොට හොඳ ලස්සනට ආපු එකක් තමයි අර “අතීතං නානුසොචති සොචති, ඒ විවෙකදස්සි ඵස්සෙසූ” කියන එක. අරක පරිදේව වෙලා සෝක වෙලා තියෙන්නේ. අතීත දේවල් ගැන කතා කරලා අපිට වැඩක් නෑ. එතකොට දැන් පරාමාසය තුළ තිබෙන්නා වූ දේ නේ අපි කතා කරන්නේ, දැන් අත්තා ධර්මය කියන එක පරාමාසය ළඟ අර bell shaped curve එක. ඉතින් එහෙම නම් ඉතින් විවෙකදස්සි ඵස්සෙසූ.