ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවත කරගෙන ගියා. ඒකේ සඳහන් වෙන අර රූපය ස්පර්ශ කරන ලද සංස්කාරයන්ගේ විෂමතාවය ඇත, කියන වාක්‍යයට මම සිත යොමු කළා. මං භාවනාව පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. යමෙක් මෙය හොඳින් මෙනෙහි කරන්නේ, කෙනෙකුට පේනවා ජරා, ව්‍යාධි, මරණ, ජාති යන sequence එකට මනාප වෙනවා. ඉතින් අර diagram එකේ හැටියට එතන රූපය, ගිද්ධිලෝභය, ජරාව කියන එක ඇඳගත්තා නම් කාමච්ඡන්දය රූපයයි ගිද්ධිලෝභයයි අතර. දැන් ඉතින් අපි යන්නේ ජරා, ව්‍යාධි, මරණ, ජාතිය. එතකොට එය නැවත නැවතත් පුනපුනා සකස් කරනවා. ජරා ව්‍යාධි මරණ ජාති කියන එක නැවත නැවතත් පුනපුනා සකස් කරනවා. පෙර මිච්ඡාදිට්ඨික අගයෝ පසු මිච්ඡාදිට්ඨික අගයට කිසිම ආකාරයකින් සමාන නොවන්නේ ය. කුමක් නිසා ද? තණ්හාව උග්‍ර ය. නාමකායේ යම් අගයක් වී ද, රූප ස්පර්ශ කර මෙය ලබාගත නොහැක. මෙහි දී ජරා ව්‍යාධි මරණ ජාති spinning එක අධික ලෙස, ඒ කියන්නේ infinite loop එකක් මෙන් මම දුටුවා. ඒක දිගට ම කැරකෙනවා කියන එක.
මෙතන භාවනාවත් හරි හොඳයි ඒක කල්පනා කරනකොට ඒ අවස්ථාව. මෙසේ වන්නේ නම් අර අපි ඉගෙන ගත්තා නේ, 1 වේදනාව තියෙන තැන පසු අත්තා ධර්මය, අහං පවතිනවා. 2 ජාතිය තියෙන තැන පෙර අත්තා ධර්මය, පවතිනවා. 3 නාමරූප තියෙන තැන දැන් අත්තා ධර්මය, මමං. ඉතින් මේ ජාති වේදනා නාමරූප align වීම කියන එක කෙසේවත් සිදු කළ නොහැක. ඒ භාවනාවට පෙර ම ඔය 02/08/2015 නිබ්බාන භාවනාවේ ඒ diagram එක ඒ බලන්න යැයි බුදුපියා පැවසුවා.
ඉතින් ඒ භාවනාවේ තියෙනවා, අපි දන්නවා ඒ කායමුදුතාව මගින් ඉවත් වෙනවා කියලා වේදනා ඒ නාමරූප දක්වා එන එක පරාමාසයෙන් නාමරූප දක්වා එන එක. ඉතින් ඒ සඤ්ඤා පරාමාස එතනින් මෝහ අගතිය දක්වා රේඛාවේ අපි ලියාගන්නවා මිච්ඡාදිට්ඨික අගය පෙර අගය, අත්තානුදිට්ඨිය නිසා තමයි ඒක ඇති වෙන්නේ කියලා. ඉතින් ඒකේ උඩ සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා අපි ලියාගන්නවා කායපාගුඤ්ඤතාවය මගින් තමයි ඒ සඤ්ඤාවේ ඉඳන් නාමරූපය දක්වා එන එක ඉවත් වෙන්නේ. ඉතින් ඔය වේදනාවයි සඤ්ඤාවයි අතර ඉතින් තියෙනවා අත්තා ධර්මය කියන එක. අනිත් පැත්තට අපිට පේනවා මේ ජරාව කියන තැන ඉඳන් වේදනාව හරහා අර සඤ්ඤාවයි චේතනාවයි අතරට නාමකායේ අර පටිඝසම්‌ඵස්‌සය, ඒක අර අසම්පජානය ලකුණු කරන තැනට එනවා. ඉතින් ජරා වේදනාව අතර අවිද්‍යා අනුසය කියන එක තියෙනවා.
ඉතින් මේක හොඳට මෙනෙහි කළහම එතන පේනවා මේ කායමුදුතාව, pliancy of body කියලා නේ කියන්නේ, මගින් යම් නම්‍යතාවයක් ඇති ද එය මගින් සංස්කාර ස්කන්ධයේ තද බව, rigidity කියන එක, ථම්භය වාගේ අන්න ඒ තද බව කියන එක ඉවත් කරනවා. ඉතින් මේ විදිහට කායපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තපාගුඤ්ඤතා ඒ සිහි කරන්නේ අර වේදනාව දක්වා තුන් කොටසකින් පැමිණෙන ධර්මයෝ බැසගෙන යනවා. වේදනාව දක්වා තුන් කොටසකින් එනවා කියලා කියන්නේ මෙතෙන්දි අපිට පේනවා මේ වේදනාවට පරාමාසයේ ඉඳන් එන්නා වූ බලපෑමක් තියෙනවා. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ බලපෑම කියන එක තියෙනවා ඔය වේදනා නිරෝධ භාවනාවේදි අපි බැලුවා. ඉතින් ඕකට අමතරව අපි දන්නවා විඤ්ඤාණ, පරාමාසයයි ඉදංසච්චයයි අතර ලකුණු කරන සංස්කාර, ඒක හරහා ඇවිල්ලා අර භය අගතියෙන් වේදනාවට එන එක, එතකොට එහෙනම් අර රැලි තුනක් එනවා වාගේ. පරාමාස, විඤ්ඤාණ, ඉදංසච්ච. ඒ තුන් ආකාරයෙන් වේදනාවට එනවා. අන්න ඒ ධර්මයෝ කියන ඒවා බැස යනවා. එතකොට එහෙම නම් ජරා ව්‍යාධි මරණ ජාති. එතන තියෙනවා නේ endless cycle එකක්. අන්න ඒකෙන් freedom එක, නිදහස ඇති බව මනාවට වැටහුණා. එහි freedom එක ද භුක්ති වින්දා. නමුත් අකනිට්ඨාවට යෑමට ඇති බව සිහි වෙලා ඒකෙන් ඉවත් වුණා. ඉතින් මේ භාවනාවේ නම ඇවිල්ලා මරණ ධර්මය. මරණ ධර්මය කියලා කියන්නේ death of freedom.