ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඉතින් මම භාවනාව කළේ මම ඊයේ කරපු භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් අපි ඉගෙන ගත්තා, අපි මිච්ඡා දිට්ඨියේ ඉඳන් ආපහු මිච්ඡා දිට්ඨිය කරා ම ගමන් කරනවා කියලා. ඔය දෙක අතර තියෙන්නේ අපේ දුස්සීලභාවය කියන එක තමයි, අර කුකුල් පට්ටියක් දානවා, ඒක පෙන්නලා දුන්නා. එතකොට ඒකෙදි අපි අර එක රේඛාවක් ඉගෙන ගත්තා. එතන තියෙනවා ඔය ජාතිය, එතන තියෙනවා පෙර මිච්ඡා දිට්ඨිය. වේදනාව තියන තැන පසු මිච්ඡා දිට්ඨියක් අර පසු අත්තා ධර්මය නිසා. දැන් නාමරූප තියෙන තැන ඇති වෙනවා දැන් මිච්ඡා දිට්ඨිය කියන එක, දැන් අත්තා ධර්මය කියන එක. එතකොට ඕක, ඔය line එක align වුණා නම් තමයි කාරණා තුන එකට align වුණා නම් තමයි සක්කාය දිට්ඨිය කියන එක එහෙම ඇති වෙන්නේ කියන එක අපි ඉගෙනගෙන තියෙනවා කලින්.
ඉතින් අපි ඉගෙන ගත්තා ඊයේ භාවනාවෙදිත් ඕක, සංස්කාරවල විෂමතාවය තියෙනවා, රූපය ස්පර්ශ කරන සංස්කාරවල විෂමතාවය තියෙනවා. මේක ඒක නිසා කවදාවත් එකට එක්කහු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අහංකාරයයි මමංකාරයයි දෙන්නා එකට පවතිනවා කියන එක, කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා.
ඉතින් රහතන් වහන්සේ මට මේකට ඉස්සෙල්ලා කිව්වා බලන්නෙයි කියලා අර මච්ඡරිය 4 භාවනාව. 04/09/2015 කරපු භාවනාව. ඉතින් ඒ භාවනාවේ තියෙන්නේ අපි අර π අකුරේ ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා අර කාය මුදුතා, කායපාගුඤ්ඤතා, කායුජ්ජුකතා එහෙම භාවිතා කරලා අර බ්යාරොසනා, ක්‍රෝධය කියන එක නිසා හානි කරනවා කියන එක නැති කරමි කියන ඒ හරිය, ඒ කායුජ්ජුකතාවය අපි අර නිත්‍ය ස්වභාවය කියන එක, අයින් කරනවා කියන එක. ඒක නිසා ක්‍රෝධය නැති වෙනවා. එතකොට දැන් එතෙන්දි තේරුම් ගන්න ඕනි දේ තමයි, මේ තේරුම් ගත්ත දේ තමයි මම පිරිමියා කියාගෙන ස්ත්‍රිය දෙස බලනවා කියන දේ ඉවත් කිරීම තමයි සාකච්ඡා කරන්නේ කියන එක එතෙන්දි පෙන්නුවා. ඒකෙදි පෙන්නුවා අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ල හරහා රූපයන් කියන ඒවා ස්පර්ශ කරනවා කියලා. ඉතින් ඒ කියන්නේ දැන් අපි අර කුකුල් පට්ටිය දානවා වගේ ඒ සංස්කාර, ඒ සංස්කාර නිසා අපි එනවා අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට, රාග සල්ලයෙන් රූපය.
දැන් බලන්න ඕක ඇවිල්ලා පෙර මිච්ඡා දිට්ඨිය. ඇයි අපි පෙර මිච්ඡා දිට්ඨියයි කියලා කියන්නේ? අන්න ඒක තමයි මං හොඳට බැලුවේ. ඒ කියන්නේ අපි හිතමු මේ bus stand එකක පිරිමි ළමයෙක් දකිනවා ගෑනු ළමයෙක්ව. කලින් දැකලා නැති ගෑනු ළමයෙක්ව දකිනවා. එතකොට ඊළඟ දවසේ, දැන් එයා දැකලා පසු සඤ්ඤාවක් ඇති වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ එයා ඒ bus stand එකට ගියා ම අර පුද්ගලයා තාම ඇවිල්ලා නෑ, එයා ඒවි කියලා වාගේ එයාගෙ අදහස්, හැඟීම් කියන ඒවා තියෙනවා. එහෙම නම් දැන් මේක පෙර මිච්ඡා දිට්ඨිය. අර රූපය ස්පර්ශ වෙන්න, පෙර මිච්ඡා දිට්ඨිය. දැන් ඔන්න ඔය area එක පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. ඒ කියන්නේ ඔතනින් එනවා, අපි ආවේ අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය කියන area එකට ආවා කියලා කියන්නේ ගිද්ධිලෝභ, ජාති, එතනින් යන්නේ වේදනාව. ඒ කියන්නේ දැන් තිබෙන්නා වූ area එක. දැන් අනිත් පැත්තේ තියෙන්නේ වේදනාවයි, කුලමච්ඡරියයි, ඊළඟට ආවාසමච්ඡරියයි අතර තියෙන සරසඞ්කප්ප කියන area එක.
ඔන්න එතන මිච්ඡා දිට්ඨි දෙකක් සසඳා බලනවා කිව්වේ ඔන්න ඔය මිච්ඡා දිට්ඨි දෙක. අතන සරසඞ්කප්පය කියන්නේ ඊයේ මං ඒ මනුස්සයාව දැක්කා, මෙන්න මේ ආකාරයි කියලා තිබුණා වූ මිච්ඡා දිට්ඨිය. දැන් ඊළඟ දවසේ bus stand එකට ගිහිල්ලා ඉන්නකොට තියෙන්නේ ඒක ස්පර්ශ වෙන්න, ආපහු ස්පර්ශ වෙන්න පෙර තිබෙන්නා වූ මිච්ඡා දිට්ඨි දෙක. ඔන්න ඔය area 2 නෙ, අපි සසඳා බලනවා කියලා කිව්වේ. අර special වැඩසටහනේ පෙන්නුවේ. මේ දෙක සසඳලා බලලා, ඒ දෙක තුළ අර තමා හිතපු දේ නැතිකම උඩ අපිට දෝමනස්සය ඇති වෙනවා, අන්න දැන් පටිඝ සඤ්ඤා කියන කොටසට තමන් එනවා. එතකොට දැන්, එහෙම නම් දැන් අපි කතා කරන්න ඕනෙ පටිඝ සඤ්ඤාව කියන එක. දැන් අපි ඉගෙන ගත්තා අර මනුස්සයෙක් ඉන්නවා නේ. ආවාසමච්ඡරියයි, කුලමච්ඡරියයි, ධම්මමච්ඡරියයි කියන එක. දැන් මේ මනුස්සයාට support කරන උද්ධච්ච ස්වභාවය කියන එක තමයි, අපි අයින් කරන්නේ අර බ්යාරොසනා පටිඝ සඤ්ඤා, බ්යාරොසනා කිව්වහම සාකච්ඡා කළේ අන්න ඒ උද්ධච්චයේ බලපෑම තමයි අයින් කරනවා කියලා තියෙන්නේ.
දැන් එහෙම නම් මෙතෙන්දි පෙන්නනවා නේ අර මච්ඡරිය 4 භාවනාවේදි අර තමන්ගේ ආවාසය හිටන් එයා වෙනස් කරනවා කියලා. දැන් පිරිමියෙක් අර කාන්තාව දෙස බලන්න බලාගෙන හිටියට දැන් එයා දන්නවා නම් තව චුට්ටකින් මැරිලා ඉවර වෙලා මම තව චුට්ටකින් කාන්තාවක් වෙනවා කියලා දන්නවා නම් එයාගේ ආවාසය හිටන් වෙනස් වෙනවා නේ ද? ඒක අපි ඉගෙන ගත්තා. එතකොට එහෙම නම් දැන් ආවාසමච්ඡරිය කතාව ගියා. දැන් තියෙන්නේ පටිඝ සඤ්ඤාව නිසා ඇති වෙන්නා වූ එක. එතකොට පටිඝ සඤ්ඤාවෙන් ඇති වෙන්නා වූ එක අපේ අයින් වෙනවා කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා, ඒ වේදනාවේ ඉඳන් චේතනාව, චේතනාවෙන් පරාමාසය. එතකොට මෙතන වේදනාවේ ඉඳන් පරාමාසය දක්වා යනවා, ඒ කියන්නේ අර රූපය පවතිනවා කියලා අපිට අර වණ්ණමච්ඡරිය එහෙම ඇති වෙනවා කිව්වේ ව්‍යාපාදයේ බලපෑම කිව්වේ. ඉතින් මෙතනින් පල්ලෙහාට ගියා අත්ත සඤ්ඤාව.
එතකොට මෙන්න මේ අත්ත සඤ්ඤාවේ කතාව අයින් වෙනවා නම් අපි ඉගෙන ගත්තා ඒ අර ලාභය කියලා ගන්නේ නෑ. අර ගැහැණු ළමයා ආපහු එන එක ලාභයක් කියලා වශයෙන් එයා ගන්නේ නෑ. එතකොට ඒ කතාව යනවා. එතකොට ලාභමච්ඡරිය කියන එක යනවා. මෙතන පටිඝ සඤ්ඤාවේ කොටස කියන එකත් මෙතන බැහැලා යනවා. එතකොට මේ විදිහට මේක ගියාට පස්සේ, අර අලුතෙන් අර නාමරූප කියන තැන අලුතෙන් දැන් හදන්නා වූ ඒ මිච්ඡා දිට්ඨිය කියන එක, ඒක නැති වෙලා යනවා. එතකොට මේක වටේට තියෙන ධර්මයන් සම්පූර්ණයෙන් ගිහිල්ලා ඒ මච්ඡරියන් කියන ඒවා ඔක්කෝම නිරෝධය කරා ඒ ගමන් කරනවා කියන එක තමයි.
ඒ මං කරපු භාවනාව.