Date: 11/10/2015 Name: SammaVimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම පටන් ගත්තේ ලෝභය නැති කරමි, බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි, කාමච්ඡන්දය. අර ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණයන්ට කැමති වෙනවා. මරණයට කැමති වුණා නම් අපි ආපහු ජාතිය කියන එක එතන උපද්දවනවා. එතකොට මේ විදිහට දැන් අපිට පේනවා මේකේ, සංසාරේ යනවා. ජරා, ව්‍යාධි, මරණ, ජාතිය කියලා ඔය විදිහට සංසාරේ යනවා කියන එක. ඉතින් ඔතන හරි ශාන්තයි ඔය විදිහට ඕක කල්පනා කරනකොට. ඉතින් මම ඊට පස්සේ අර ඊයේ විදිහට ම භාවනාව කරගෙන ගියා.

ඊයේ නැවතත් මතක් කරනවා නම් ඕගොල්ලෝ දන්නවා අපි අර බලනවා කියලා, අර බ්‍යාරොසනා පටිඝසඤ්ඤා කියන කොටසට. අර ක්‍රෝධය නිසා හානි කරන්නේ නෑ, ව්‍යාපාදය නිසා හානි කරන්නෑ කියලා අර මෙත්තා සූත්‍රයේ ඉගෙන ගත්තේ. ඉතින් ඕක පෙන්නනවා අන්තිමට ගත්තහම අර මිනිහෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ ජාතියේ ඉඳන් වේදනාවට, ඒක තමයි අපේ තිබෙන්නා වූ ඔය ආවාසමච්ඡරිය. ඊට පස්සේ මෙතනින් තියෙනවා වේදනාවේ ඉඳන් ජරාවට රේඛාවක්. ඒක තමයි කුලමච්ඡරිය වෙන්නේ. ඊට පස්සේ එතනින් උඩ අපි යනවා චේතනාව දක්වා. ඔය මනුස්සයා දැන් ඇද වෙලා වගේ නේ ඉන්නේ. වැටෙන්න යනවා වාගේ. එයාට support කරන්නේ උද්ධච්චය මගින්. මේක අර විශේෂ වැඩසටහනේ තමයි පෙන්නන්නේ. එතකොට දැන් මේ ඒ වැටෙන එක නවත්තගෙන ඉන්නවා උද්ධච්චයෙන්, මේවා පවතිනවා කියලා අරූප ධ්‍යානයන් වාගේ ධ්‍යානයන් එහෙම අල්ලගෙන. එයා කල්පනා කරනවා අතීතයේ අරූප ධ්‍යානයන්වල බොහෝ කාලයක් හිටපු නිසා ඇති වෙන්නා වූ දේ. ඉතින් එතකොට ඕක නැති වෙන්නේ කායුජ්ජුකතාවය කියන එකෙන් අර නිත්‍යයි කියන දේ අයින් කරනවා. ඒක නිසා ඒ උද්ධච්චය කියන එක බැහැලා යනවා. එතකොට ඒක නිසා ක්‍රෝධය කියන එක නැති වෙනවා. අර නිත්‍ය කතාව නැති වෙලා.

ඊළඟට ඔය පටිඝසඤ්ඤාව අපි ඊයෙත් බැලුවා. ඔය වේදනා, පරාමාස අත්තා කියන ඒ කොටුවෙන් ඒක පෙන්නනවා. වේදනාව, දැන් රූපය පවතිනවා කියලා හිතන පුද්ගලයෙකුට ඒක නිසා වණ්ණමච්ඡරියක් එහෙම ඇති වෙනවා. එතකොට ඕක ව්‍යාපාදයේ බලපෑමක්. රූපය ඉතින් හැමදා ම වෙනස් වෙනවා නේ. එතකොට දැන් පටිඝසඤ්ඤාව කොටස ඕක බැහැලා යන්නේ සම්පූර්ණයෙන් ඔය අත්තා කියන එක අයින් කරාට පස්සේ. ඉතින් ඒ වෙනකොට අර ලාභමච්ඡරියත්, ඒ ලාභය නිසා යම්කිසි ආවාසයක් අපි හදාගත්තා ද, ඒ ආවාසමච්ඡරියත් ඒක බැහැලා යනවා. එතකොට දැන් විශේෂ වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ මේ කුලමච්ඡරිය. කුලමච්ඡරිය තමයි ප්‍රධාන සංස්කාරය වෙන්නේ ඔය ධම්මමච්ඡරිය හැදෙන්න.

ඉතින් ඒ කුලමච්ඡරිය කියන එක පහ වෙනවා කියන එක බලනකොට, අපි එයිට ඉස්සෙල්ලා භාවනාවේ ඉගෙන ගත්තා, ඊයෙත් අපි ඒක සාකච්ඡා කළා, ඒකේ පෙන්නුවා අර කාරණා තුනක්. ඒ කියන්නේ ජාතියයි, වේදනාවයි, උඩ තිබෙන්නේ නාමරූපය කියන එක. එතකොට මෙතන්දි අපි පෙන්නුවා මේ ජාතිය තියෙන තැන ඒක ඇවිල්ලා පෙර මිච්ඡා දිට්ඨියක් කියලා. මං කිව්වේ අර ගෑනු ළමයෙක් bus stand එකක දැකපු එක්කෙනා, ඊළඟට දවසේ ඒ ළමයා ඇවිල්ලා නෑ. හැබැයි ඊයේ දැක්කයි කියලා හැඟීම් ඇතුව එතන පෙර මිච්ඡා දිට්ඨීන් තියෙනවා. නාමරූපය අලුතෙන් ස්පර්ශ වෙලා නෑ. ඊළඟට වේදනාව තියෙන තැන තියෙන්නේ ඒ පසු මිච්ඡා දිට්ඨිය කියන එක. ඔය පසු අත්තා ධර්මය කියලා කියනවා, අහංකාරය කියලා කියනවා. අන්න ඒක තමයි තියෙන්නේ. ඉතින් මේකෙන්, මේ මිච්ඡා දිට්ඨි දෙකෙන්, මේ පෙර මිච්ඡා දිට්ඨියයි පසු මිච්ඡා දිට්ඨියයි නිසා දැන් මිච්ඡා දිට්ඨියක් හැදෙනවා නාමරූප කියන තැන. ඉතින් අපි ඔය භාවනාව කළාට පස්සේ මම ඊයේ මං ඒක තේරුම් ගත්තා මේක නැති වෙන්නෙ නම් ඔය, ඔය තුන එකට align කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මොකද සංස්කාරයන්ගේ විෂමතාවය නිසා ඔය රේඛාවේ ඒ මිච්ඡා දිට්ඨිය එකට සම්බන්ධ වෙලා ඔහොම පවතින්න පුළුවන්කමක් නෑ. ඔහොම තමයි අපේ සක්කාය දිට්ඨිය කියන එක හැදෙන්නේ. එතකොට දැන් මම ඊයෙම තේරුම් ගත්තා මේ මිච්ඡා දිට්ඨි දෙකක් තමයි මෙතන තියෙන්නේ. දෙකක් තමයි අපි මේ බලන්නේ පෙර එකයි පසු එකයි කියලා. ඉතින් සංස්කාර ඕක දෙක මැද්දේ තියෙන්නේ අර කුකුල් පට්ටිය දාගත්තා වාගේ තියෙන්නා වූ දුස්සීලභාවය සංස්කාරයන් කියන එක තමා.

ඉතින් මේක තේරුම් ගත්ත මනුස්සයා අවබෝධ කරගත්ත මනුස්සයාට ඒක නිසා ම සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. මේක මිච්ඡා දිට්ඨියක් පමණයි කියන එක තේරුම් ගත්තහම. ඒක ඉහළට ම අවබෝධ වෙන්නා වූ සම්මා දිට්ඨියක්. එතකොට ඒ සම්මා දිට්ඨිය මගින් සම්මා සංකප්පය කියන එක ඇති වෙනවා. සම්මා සංකප්පයේ තියෙන්නේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන එක. එතකොට ඔය අව්‍යාපාද කියන කොටස ගැලවිලා යනවා අපි කිව්වා අර ව්‍යාපාද කතාව. පටිඝසඤ්ඤාව අපි අයින් කළා. ඒක කළායින් පස්සේ ඔන්න ව්‍යාපාද කියන කොටස ගියා. ඒක ගියේ නිකන් නෙමෙයි. අර සංස්කාරයන් විෂමතාවය. රූපය ස්පර්ශ කරන දේක සංස්කාරවල විෂමතාවය තියෙනවා කියලා දැනගෙන ඒකෙන් සංස්කාරයන් ඉවත් කිරීමෙන් තමයි අපිට අයින් කරන්න පුළුවන් වුණේ. අර බ්‍යාරොසනා කියන කොටස පළමුව, පටිඝසඤ්ඤාව දෙවනුව. එතකොට සංස්කාරයන් දැන් අපි අයින් කරලා තියෙන්නේ යම් ආකාරයකට.

දැන් මෙතන්ට අපි පැමිණියාට පස්සේ, දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා එහෙනම් නෙක්ඛම්මයයි අවිහිංසාවයි කියන දෙක ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි ඔය සංස්කාරයන්ගේ පළමුව සමථය කියන එක සිද්ධ වෙන්න ඕනෙ. සංස්කාර ඉවත් කිරීම එකක්, ආපහු සංස්කාරවල සමථය, කියන එක තව එකක්. එතෙන්දි එයා කල්පනා කරනවා, ඒ කියන්නේ මේ රූප ස්පර්ශ කර කර මේක සමානව සංස්කාරයන් හදන්න බෑ. අර උඩ සංස්කාර යට සංස්කාර කියන ඒවා හදන්න බෑයි කියලා. එතකොට මේ, ඒ මිච්ඡා දිට්ඨිවල වෙනස සිදු වෙනවායි කියලා දැනගෙන එයාට ඡන්ද ඉද්ධිපාදය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ විඤ්ඤාණය පවතින්නේ නැහැයි කියන එක එයා තේරුම් ගන්නවා. මේ සංස්කාරවලින් හදන විඤ්ඤාණය පවතින්නේ නෑ. එතකොට ඒ පවතින්නා වූ නිර්වාණයට කැමැත්ත කියන එක ඇති වෙනවා.

ඉතින් මෙතන නිකන් ම නෙවෙයි කල්පනා කරන්න ඕනෙ. අරූප ධ්‍යානයක් නිසාවත් අපිට ඉන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අර නිත්‍ය කතාව ලොකුවට ගැලවිලා ගිහිල්ලා තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට වුණහම එතනින් අපිට ඇති වෙනවා විරියක්. ඒ විරිය මගින් අර රූපය කියන එක ස්පර්ශ කරනවා කියන එක එහෙම අයින් කරනවා. රූපය ඉවත් කළාට පස්සේ සම්මා ඥානය කියන එක ඔය වෙලාවෙදි ඇති වෙලා තියෙන්නේ. ඒ සම්මා ඥානය නොසැල් වී පවතිනවා.

එතකොට සම්මා ඥානය නොසැල් වී පවතිනවා නම්, අන්න ඒ අවස්ථාවේ දී ඔය ඉදංසච්චය කියන එක ගලවලා දානවා. එතකොට දැන් බලන්න අපි ඊයේ පෙරේදා මේක සාකච්ඡා කළා, වේදනාවට එන්නා වූ පාරවල් තුනයි. එකක් පරාමාසයෙන්, එකක් ඒ විඤ්ඤාණයේ ඉඳන් සංස්කාර හරහා එන්නා වූ එක, ඊළඟට ඉදංසච්චයේ ඉඳන් භය අගතිය හරහා එන්නා වූ එක. ඉදංසච්චය ගැලෙව්වා කියලා කිව්වා දැන්. සංස්කාර කතාව අපි අයින් කරා මුලින් ම. සමථයකට පත් කරනවා කියන එක. ඒ කියන්නේ මේක කවදාවත් සමාන වෙන්නේ නෑ, කියන අර්ථය තේරුම් ගත්තා. දැන් තියෙන්නේ පරාමාසය තුළ තියෙන දේ නිසා වේදනාවට එන එක. එහෙම නම් චිත්තපාගුඤ්ඤතා භාවිතා කළා. ඒක අයින් කළා. ඒක අයින් කළායින් පස්සේ ඉතින් වේදනාවේ ඒ නිරෝධය කියන එක තියෙන්නේ. ඒක නිසා කුලයක් ඇත්තේ නෑ. ඒක ගැලවිලා ගියාට පස්සේ ඉතින් ධම්මමච්ඡරිය ඒවා ඔක්කෝම ඒකත් එක්ක ම ප්‍රධාන සංස්කාරයෙන් අනිත් මච්ඡරීන් ඔක්කොම ගිහිල්ලා නේ තියෙන්නේ. එතකොට මේක උඩ සකස් වුණා වූ දේ ඒකත්, ඒක නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

අපි ඔය විදිහට ආවහම සම්මා සමාධිය. සම්මා සමාධියෙන් අරවා එකක්වත් අල්ලන්නේ නැතුව ඒ ඉද්ධිපාද හතර සහගතව ම, ඒක පවතිනවා.