ඒ බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා. එතකොට මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒ ඊයේ භාවනාවේ ඕගොල්ලන්ට මතක ඇති, ඒකේ පෙන්නුවා මිච්ඡා දිට්ඨීන් තුනක් සම්බන්ධ වෙන විදිහ. ඒකෙදි අපි දන්නවා අර ජාතිය කියන තැනට අපි එනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය, රාග සල්ලය, රාග සල්ලයෙන් අපි එනවා ඒ ජාතිය කියන තැනට. අන්න එතනදි අපිට එනවා ඔය පෙර මිච්ඡා දිට්ඨිය කියන එක අගය එතන්ට ඇවිල්ලා ජාතිය තියෙන තැන අපි ලකුණු කරගන්නවා, පෙර මිච්ඡා දිට්ඨිය කියලා. ඊට පස්සේ ඔය වේදනාව තියෙන තැන අපි දැන් මේ රේඛාවක් නේ බලන්නේ. ජාති, වේදනා, නාමරූප. එතකොට වේදනා කියන තැනට එනවා, විඤ්ඤාණයෙන් සංස්කාරය හරහා භය අගතිය, භය අගතියෙන් මෙතෙන්ට එනවා වේදනාවට. එතන එන්නේ පසු මිච්ඡා දිට්ඨියක් කියන එක. විඤ්ඤාණය සකස් වුණාට පස්සේ ඇති වෙන මිච්ඡා දිට්ඨිය.
එතකොට ඔය නාමරූප, දැන් මේ මෙතන තියෙන්නේ පසු මිච්ඡා දිට්ඨියයි පෙර මිච්ඡා දිට්ඨියයි. ඉතින් ඔය දෙක අතර තියෙන්නේ ඔය සංස්කාර, දුස්සීලභාවයක් කියන එක තමයි අපි ඇති වෙලා තියෙන්නේ ඔය දෙක අතර. ඉතින් මේ කවදාවත් මේ රේඛාව align කරන්න බෑ. මේ පසු මිච්ඡා දිට්ඨියයි පෙර මිච්ඡා දිට්ඨියයි මේක align කරන්න බෑ. මේක align වෙලා තමයි අපේ ඔය සක්කාය දිට්ඨිය කියන එක හැදෙන්නේ. නාමරූප තියෙන තැන දැන් මිච්ඡා දිට්ඨිය කියන එක සකස් වෙන්නේ.
එතකොට අපි ඕක ඊයේ ඉගෙන ගත්තා, ඔය බ්‍යාරොසනා පටිඝසඤ්ඤා කියන කොටස් දෙකත් එක්ක. එතෙන්දි අපි බැලුවා ඔය පටිඝසඤ්ඤා කියන, දැන් අපි මේ මිච්ඡා දිට්ඨීන් කියලා තේරුම් ගත්තාට පස්සේ කෙනෙක් මේ අවබෝධයත් එක්ක මෙයා දැනගන්නවා මේක නැති වෙන්නේ සම්මා දිට්ඨියෙන්. මිච්ඡා දිට්ඨීන් ගැළපීමක් විතරයි අපි නිතර ම කරන්නේ. පසුව එකකුයි පෙර එකකුයි ගළපලා තමයි අපි මේ ක්‍රියාවලියන් කරන්නේ. ඉතින් මේක තේරුම් ගත්ත මනුස්සයාට සම්මා දිට්ඨිය ඇති වෙලා එතනින් සම්මා සංකප්පය. එතකොට නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන එක. එතකොට ඒ අව්‍යාපාද කොටස අපි කිව්වා අර පටිඝසඤ්ඤාවකින් නැති වෙනවා කියලා. එතකොට ඒක නැති වෙන්නේ නිකන් ම නෙවෙයි අර අත්තා කියන සඤ්ඤාව කියන එක අයින් කළහම රූපය කියන එක ලාභයි කියලා එහෙම ගන්නේ නැතුව ඔය ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය එහෙම ගිහිල්ලා තමයි ඒක සිද්ධ වෙන්නේ.
ඊළඟට බ්‍යාරොසනා කියන කොටසින්, අර ක්‍රෝධය නිසා හානි කරන්නෑ කිව්වේ. ඉතින් ක්‍රෝධය තුළ තියෙන්නේ නිත්‍යභාවය කියන එක නේ. එතකොට අපිට නිත්‍යභාවය කියන එක අපේ අයින් වීම කියන එක අනුව අර උද්ධච්චය මගින්, අර මනුස්සයා වැටෙන්න යන එක support කරනවා කියන්නේ. ආන්න ඒක අයින් වීම කියන එක එතන සිද්ධ වෙනවා.
එතකොට එහෙනම් අපිට පේනවා ඔය පෙර නිත්‍යභාවය ම තමයි කලින් ම අයින් වෙන්නේ. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නා වූ කියන කෑල්ල තමයි මුලින් ම අයින් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඕක සම්බන්ධ කළා ඒ රහතන් වහන්සේ, දැන් අපි ඔතෙන්දි ඉගෙන ගත්තා ඊයේ අර “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා” කියලා එහෙම. ඒ රහතන් වහන්සේ මට කිව්වා අද උදේ “බලන්නෙයි කියලා භාවනාවක් ඉගෙනගෙන තියෙනවා 19/06/2015 ආශ්චර්ය අද්භූත ධර්මය කියලා.” ඉතින් ඒ භාවනාවේ අපි පෙන්නලා දීලා තියෙනවා මේ රේඛා දෙකක කැරකවීමක්. ඒ කියන්නේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තිබෙන්නා වූ රේඛාව. ඒක විඤ්ඤාණ ධාරාව ගමන් කරනවා කියන්නේ මේක නිකන් machine එක වාගේ මෙතන මේක කැරකිලා 360° කට ඒක එනවා. ඊළඟට තවත් රේඛාවක් තියෙනවා උඩ පරාමාසයේ ඉඳන් විඤ්ඤාණය දක්වා. ඒකත් කැරකිලා එනවා. ඉතින් අර පල්ලෙහා එක 360°ක් කැරකෙනකොට උඩ එක 270°යි කැරකෙන්නේ. එතකොට දැන් මේකෙන් වෙන්නේ මොකද්ද, මේක 360°ක් කැරකෙනවා කිව්වහම අර ඉදංසච්චය දක්වා එන්නා වූ එක, මෝහ අගතියේ ඉඳන්, ඒ වෙලාවෙදි තියෙන්නේ අර අවිද්‍යා ආශ්‍රවය කිව්වේ පෙර නිත්‍යභාවය. ඒ පෙර නිත්‍යභාවය කියන එක දැන් පරිදේව වෙලා ඉදංසච්චයට ඇතුල් වෙලා ඉවරයි. ඊළඟට අර 270°ක් කැරකෙනවා කිව්වහම අවිද්‍යා යෝගය කියන තැන කල්පනා කරන්න ඒක අපේ, දැන් තිබෙන්නා වූ මිච්ඡා දිට්ඨිය.
එතකොට දැන් තිබෙන්නා වූ ඒ නිත්‍යභාවය කියන කතාව ඔන්න කැරකිලා පරිදේව වෙලා පරාමාසයට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් තියන නිත්‍යභාවය කියන එකත් පරිදේව වෙලා පරාමාසගත වෙනවා. පෙර තිබුණා වූ නිත්‍යභාවයත් පරිදේව වෙලා ඉදංසච්චයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි පෙන්නුවා නේ ඊයේ භාවනාවේදි, වේදනාව කියන එකට, ඒ කියන්නේ එතන තමයි අපි පසු මිච්ඡා දිට්ඨිය කියලා ලියාගත්තේ. වේදනාව කියන එකට තුන් පොළකින් එනවා කිව්වා නේ ද? කොහෙන්ද එන්නේ? එකක් පරාමාසයෙන් එනවා. අනිත් එක ඉදංසච්චයේ ඉඳන් එනවා. අනිත් එක විඤ්ඤාණය, සංස්කාර, භය අගතිය හරහා එතන්ට ආවා වූ කියන එක තියෙනවා.
එතකොට දැන් බලන්න ඒ, දැන් අපි දැන් කිව්වා නේ අර 270°යි 360°යි කතාව. දැන් මොකද වුණේ? ඉදංසච්චයේ ඉඳන් එන්නා වූ එක, ඒ කියන්නේ පෙර නිත්‍යයි කියන ගත්ත එක ඒක පරිදේව වෙලා ඒක මැරිලා ගිහිල්ලා. ඊළඟට පරාමාසයෙන් ඉඳන් එන්නා වූ එක ඒක 270°, අපි කිව්වා ඒ දැන් තිබෙන්නා වූ නිත්‍යභාවය පරිදේව වෙලා. මළා කියලා හිතන්නකො. ඒක නැති වෙලා ගිහිල්ලා. එතකොට ඒකෙන් තමයි අපි ආවේ අර වේදනාවට එන්නා වූ එක. දැන් කාරණා දෙකකින් වෙලා නේ ද? දැන් එහෙම නම් අපිට පේනවා මේ අර පෙර නිත්‍යභාවයයි දැන් නිත්‍යභාවයයි. දැන් අපි උඩ ලියන්නේ නාමරූප තැන නේ දැන් නිත්‍යභාවය. අන්න ඒ දෙක ම ගිහිල්ලා තියෙන්නේ. පෙර නිත්‍යභාවයයි දැන් නිත්‍යභාවයයි කිව්වහම එහෙනම් පසු නිත්‍යභාවය, විඤ්ඤාණය හදලා ඇති වෙන පසු නිත්‍යභාවය කියන එක, ඒක යනවා. එතකොට ඒ නිත්‍යභාවයන් කියන එක සම්පූර්ණයෙන් ගියාට පස්සේ, ඕගොල්ලෝ සමහර අය දන්නවා අපි අර තොණ්ඩුව කියලා එකක් ඉගෙන ගත්තා.
ඒ තොණ්ඩුව කියන එක පෙන්නන්නේ ඔය රේඛාවේ ම තමයි. මෙහෙම ගිහිල්ලා දැන් අපි, බලන්න අපි කාමරාගයට එහෙම ආවා නම් අපි ආපහු යනවා සල්ලයෙන් රූපය ස්පර්ශ කරනවා. රූපය ස්පර්ශ කරලා අර කාමච්ඡන්දය හරහා අපි එනවා තණ්හාව කියන තැනට, ලකුණු කරලා තියෙන තැන මතකයි නේ, එතෙන්ට එනවා. එතකොට මේක නිකන් තොණ්ඩුවක් වාගේ. ඔන්න ඔය තොණ්ඩුව කියන එක ගැලවෙනවා. ඉතින් ඔය තොණ්ඩුව කියන එක අපි ඉගෙන ගත්තා, නිකන් නෙමෙයි, අර මාළුවා මැරිච්ච අවස්ථාවක හරි එයා අර සඤ්ඤාවෙන් උල්පත අරිනවා. දිය උල්පත ඇරලා තමයි මේ තණ්හාව කියන එක ගලන්න, වතුර පාර ගලන්න ඉඩ දෙන්නේ. එතකොට මෙතන එහෙම නම් අපි ඕක ලියාගත්තා අරක සඤ්ඤාව කියන තැන අවිද්‍යාව, අවිද්‍යා පච්චයෙන් සඞ්‌ඛාර කියලා කියන්නේ තණ්හාව.
එතකොට දැන් අර නිත්‍යභාවයන් තුන කියන එක ගියා කියන්නේ අවිද්‍යා පච්චයෙන් එන සංස්කාරය ඒක නැති වෙනවා. ඒ කියන්නේ තණ්හා වෙනවා කියන එක නැති වෙනවා. අවිද්‍යාව නිසා යම් වූ තණ්හාවක් වෙනවා ද ඒක නැති වෙනවා. චතුරාර්ය සත්‍ය නේ ද? අවිද්‍යාව කියන එක, අපි දැන් චතුරාර්ය සත්‍ය නොදන්නා බව, ඒක නිසා තමයි අපි අර තණ්හා වෙනවා කියන එක තියෙන්නේ. ඉතින් ඒකේ නිරෝධය කියන එක ඇති වෙනවා. අන්න ඒ විදිහට තමයි අර ඊයේ භාවනාව ඒ ලස්සනට වටහා ගන්නේ කියන එක තියෙනවා.
ඉතින් මේක කළහම ඉතින් හරී පිරිසිදුවට ඔය තමන්ගේ විඤ්ඤාණය පිරිසිදු වෙලා ඔය පොළවේ තියෙන ගල් කැට ඒ වාගේ දේවල්, ඒ වගේ ම ඉතින් මෙතන ඉන්න කට්ටියගේ තරුණ කාලේ, කලින් භවයක ඒ අවස්ථාවක් හිටන් මං දැක්කා. මේ ස්ථානයේ ම ඕගොල්ලෝ භාවනා කරන අවස්ථාවක් තිබුණා.
ඒක තමයි කරපු භාවනාව.