ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කරා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කරා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ඉතින් ජරාවට කැමති වෙනවා නම් ඉතින් අපිට එනවා අර රූප, කාමච්ඡන්ද, ගිද්ධිලෝභ, ජරා. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි, මරණ, මරණයෙන් පස්සෙ අපි ආපහු අනිත් පැත්තට ජාතියට යනවා. එතකොට මේ endless cycle එක මම සිහි කළා. නතර වීමක් නෑ. මේක ටික වෙලාවක් ඒ උතුම් සමාධි සහගතව එතන හිටියා. ඒ හිටියහම මට අර π අකුර කියන එක සිහි වුණා. එතෙන්දි අපිට පේනවා, ඒ diagram එක ඉතින් ඇඳගන්න ඕනෙ.
එතෙන්දි අපිට එනවා උඩ චේතනා, විඤ්ඤාණ, පරාමාස, ඉදංසච්ච, එතකොට ඒකේ cross එක එතන මැද්ද ජීවිත ඉන්ද්රිය. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට අර line 5. ඊළඟට මෝහ අගතියේ ඉඳන් පරිදේවයට line 6 එක. ඒ වගේ ම පරාමාසයේ ඉඳන් ආපහු පරිදේවයට එනවා line 7 එක, ඒක දෙපැත්තට ම යනවා. ඊළඟට අර අත්තා කියලා පරාමාසයෙන් භය අගතියට එන එක. ඊට පස්සේ පරාමාසයෙන් සෝකයට එන එක. ඊට පස්සේ භය අගතියේ ඉඳන් වේදනාවට යන එක. එතකොට දැන් මෙතනත් තියෙනවා endless cycle එකක්. අපි දන්නවා අර මැරිච්ච අවස්ථාවේ දී ඒ පුද්ගලයා කොහොම හරි අර පරාමාසයේ තියෙන කාරණාවන් භාවිතා කරලා, ඔය π අකුරේ අපිට පේනවා ඒ පරාමාස, ජීවිත ඉන්ද්රිය, ඉදංසච්ච, පරිදේව කියන එක කරකවනවා කියන එක. ඉතින් පරිදේවය දක්වා පැමිණියා නම් අභිජ්ඣා අගය ම තහවුරු කරන බවත්, ඉන් අනතුරුව ජීවිත ඉන්ද්‍රියේ සිට විඤ්ඤාණය දක්වා ගමන් කර නැවතත් ප්‍රතිසන්ධියක් ඇතිකරගන්නා බව අපි දන්නවා. ඉතින් මේ විදිහට සංසාරේ අපි සැරිසරනවා.
එතකොට අර ලොකු cycle එක, ජරා ව්‍යාධි මරණ ජාති cycle එක ඇතුළේ තියෙන්නේ මේ පොඩි cycle එක. මේ පොඩි cycle එක නිසා තමයි අර ලොකු cycle එක අපි යන්නේ. ඒක බොහෝ ම හොඳට මම දැක්කා. එතකොට මේක සිදු නොවීම සඳහා එහෙනම් line 5 එක හරහා එන ක්‍රියාවලිය අර කායපාගුඤ්ඤතාවය මගින් නවත්තනවා කියන එක. ඒක ඊයේ භාවනාවේ අර්ථයෙන් ඒ කායුජ්ජුකතාවය මගින් line 6 එක හරහා වන ක්‍රියාවලිය පළමුව නවතිනවා. කායුජ්ජුකතාවයයි පළවෙනියෙන්. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා පැමිණ ජාතියට, ඊට පස්සේ අර පෙර නිත්‍ය සඤ්ඤාව එකතු වීම කියන එක. ඒකයි නවත්තන්නේ. එතකොට ඒක අර, මතක තියාගන්න ඕනෙ අපි මේ කතා කරන්නේ ඒ ජාති වේදනා අර නාමරූප තැන තිබෙන්නා වූ ඒ මිච්ඡා දිට්ඨි තුන ගැන සිහියේ තියෙන්න ඕනෙ.
මේකට අනතුරුව තමයි කායපාගුඤ්ඤතාවය ක්‍රියාත්මක වෙලා ඔය line 5න් නිසා ධර්මය ගැලීම නවතින්නේ. මේක දැන් අනිත් පැත්තටයි යන්නේ. කායුජ්ජුකතාවයෙන්, දැන් කායපාගුඤ්ඤතාවයෙන් නවත්තන එක. ඒකෙන් අනතුරුව තමයි කායමුදුතාව මගින්, අර line 7 හරහා පරිදේව වීමත් පරාමාසයේ සිට භය අගතිය දක්වා අර අත්ත සංකල්පය ගැලීමත් කියන එක, ඒ දෙක නවත්තන්නේ එතෙන්දි.
ඉතින් මෙතන පොඩ්ඩක් වටහා ගන්න ඕනෙ මේ කායමුදුතාවෙන් කරන වැඩේ කියන එක. ඒ කියන්නේ කායමුදුතාව ඉගෙන ගත්ත ආකාරයට අපි දන්නවා මේ කාමරාග අනුසය හරහා යම් සඤ්ඤාවක් හටගැනීමක් වුණා ද, ඒක නැතිකම නිසා ම අනිත් දිසාවට එහි බලපෑම් ගැලීම කියන එක නවතිනවා කියන එක. කාමරාග අනුසයෙන් තමයි අර සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා ඒක පෙන්නන්නේ. එතකොට ඒක අපි, ඒක අයින් කරා කියලා කියන්නේ මේකෙ අනිත් පැත්තට, පරාමාසයේ ඉඳන් පරිදේවයට එන්නා වූ කියන එක ඒක නවත්තනවා. ඒ වගේ ම තමයි ඉතින් අපි දන්නවා ඒ කායමුදුතාවේ දී අපි ඉගෙන ගත්තා නේ අර තුන් ධර්මයක් නිසා අනිත් පැත්තට යන්නේ. එතකොට අත්තා කතාව ඒකත් reverse වෙනවා.
එතකොට එහෙම නම් ඉතිරි වෙලා තියෙන්නේ පරාමාසයේ ඉඳන් සෝකය දක්වා එන්නා වූ එක. එතකොට ඒ පරාමාසයෙන් සෝකයෙන් එන්නා වූ එක චිත්තපාගුඤ්ඤතාවය මගින් වලලා දමනවා. මෙසේ වේදනාව දක්වා ගමන් කරන සියලු පථයෝ වලලා දැමීම මගින් ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් අර විඤ්ඤාණ වීම කියන එක නවතිනවා. ඒක මගින් ප්රතිසන්ධි නොවීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක හරි හොඳ භාවනාවක්. ඒ විදිහට ආපහු එතකොට ප්‍රතිසන්ධියක් වෙන්නේ නැහැයි කියන්නේ ඉතින් නිරෝධය කියන එක එහෙම ඇති වෙනවා හරීයට ඒ අවස්ථාවේ දී. ඒක තමයි මං කරපු භාවනාව.
මේ භාවනාව කරගෙන යනකොට මම කලින් සිතපු දෙයක් තමයි මේ, මේක අපි සඳහන් කරලා තියෙනවා ඔය ආකිඤ්චන සමාපත්ති ඥාන භාවනාව 17 යි ජූනි මාසේ 2015. ඒකේ පෙන්නනවා ඔය 315° න් කැරකෙනකොට රූපයේ මරණය සිදු වෙනවා කියලා දන්නවා කියලා. ඒ කියන්නේ මේ ථීනය දක්වා චේතනාවේ සිට නොදුවයි කියලා එයා. ඒකේ ඒ පෙන්නන්නේ මොකද්ද, දැන් වට තුනක් යනකොට අපි දන්නවා අර A, B, C කියන තැනට ඇවිල්ලා. එතකොට හතර වෙනි එක යන්න ඉස්සෙල්ලා අර පල්ලෙහා bottom එක එනවා නේ bell shaped curve එකේ පහළ කෙළවර. ආන්න එතන ඒ 315° වෙනකොට ඒක ඇවිල්ලා. ඊට පස්සේ තමයි අර ඉස්සරහට අතන 360°ක් යනකොට කතාව මේ අපි උඩ පැත්තට එතන පෙන්නන්නේ. ඉතින් ඒක, රූපය මළා කියන එක එතන තියෙන්න ඕනෙ. ඒකේ අවබෝධය භාවිතා වෙනවා.