ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා ය, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා ය. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව, අර පූජාවෙන් පසුව කළ භාවනාවෙදි අපි වටහා ගත්තා ඒ කායුජ්ජුකතා, කායපාගුඤ්ඤතා, කාය මුදුතාවලට පසුව, චිත්තපාගුඤ්ඤතාවය මගින් පරාමාස සෝක වන දේ නැවතීම. අපි එහි දී විශේෂත්වය ඊයේ විමසුවා ඊයේ හවස. මේක නොවන්නේ නම් අර චේතනාව තුළ යමක් වී ද, එය ම සනාථ කරනු ලබයි කියන එක තේරුම් ගත්තා. අර π අකුරේ පරිදේවය දක්වා පැමිණියා නම් අභිජ්ඣාව ම සනාථ කරන්නේ යම් සේ ද, මෙය එසේ ය කියලා අපි තේරුම් ගන්න ඕනෙ. එතකොට එතෙන්දි අපි තේරුම් ගත්තේ මේක නිකන් square එක වාගේ පරාමාසයෙන් සෝකය, සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව. එතකොට චිත්තපාගුඤ්ඤතාවය මගින් අර චේතනාවේ තියෙන එක ම සනාථ කිරීම කියන එක කරනවා.
අද භාවනාව පටන් ගත්තේ ඊයේ වගේ ම ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. එතෙන්දි අපිට පේනවා අර රූප, කාමච්ඡන්ද, ගිද්ධිලෝභ, ජරා. එතනින් ව්‍යාධි, මරණයට කැමති වෙලා මරණයෙන් නැවතත් ජාතියට. ඉතින් ඔතන endless cycle එක. ඕක මං සිහි කළා. හැමදා ම මං ඔතන ටිකක් වෙලා නතර වෙලා ඉන්නවා. ඊයේ භාවනාවේ දී විදිහට ම අර 270° සහ 315° ධර්මය කියන එක සිහි කළා. ඉතින් එතෙන්දි අපිට පේනවා 315°යි කියලා කිව්වහම, දැන් diagram එකක් හැටියට ලකුණු කරනවා නම් අපිට ඉදංසච්ච, පරිදේව, පරාමාස, සඤ්ඤා. එතකොට පරිදේවය තියෙන තැනට එනවා 315°දි අර X රේඛාව, පෙර නිත්‍ය ධර්මය පරිදේව වෙලා. ඒ වෙලාවෙදි රූපය කියන එක මිය ගිහිල්ලා. එහෙමත් නැත්තන් අර bell shaped curve එකක අර C කියන එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඒ 315° කියන එක එතන වෙලා තියෙන්නේ. ඉතින් අර bottom එකට අපි 4.2 කියලා ගත්ත හැකි.
එතකොට එතෙන්දි අපිට ඊළඟට පේනවා 270°දි සුඛ වේදනාව මිය ගියා. අන්න ඒක ලියාගන්නවා පරාමාසය ළඟ. 315° කතාව ලියාගන්නවා පරිදේවය ළඟ. එතකොට දැන් එහෙනම් රූපය කියන එකත් මළා. වේදනාව කියන එකත් මිය ගිහිල්ලා. ඕක දික් කළහම අපි යන්නේ සඤ්ඤාවට. එහෙම නම් අපිට පේනවා එහෙනම් ඒ සඤ්ඤාව කියන එකත් මැරිලා. මොන සඤ්ඤාව ද? රූප සඤ්ඤාව කියන එක මිය ගිහිල්ලා. එතකොට එහෙනම් අර ජරාව වේදනාවේ ඉඳන් අපි එනවා අර නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය කියන එක නේ. ආන්න එතන අපේ රූප සඤ්ඤාව කියන්නේ ඒක නේ. එතකොට ඒක මිය ගිහිල්ලා. එතකොට එහෙම නම් දැන් අපිට පේනවා 315° ධර්මයයි සහ 270° ධර්මය නිසා රූප සඤ්ඤාව මිය ගියා. මේක මිය ගියා නම් අරූපී වීම කියන එක සිද්ධ වෙනවා. රූපය මිය ගියා නම් අරූපී. ඉතින් එහෙම නම් අපි දන්නවා අර කායපාගුඤ්ඤතාවය මගින් සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා එනවා කියන එක නවතනවා, ඕක අරූපී කෑල්ල නේ අපි පෙන්නුවේ. ඊළඟට කායමුදුතාව මගින් වේදනා නාමරූප වීම කියන එක නවතනවා. අරූප ධ්‍යානයකින්වත් සිටිය නොහැක්කේ නම්, රූපය ගැන කවර කතා ද යන සතිය ඇත්තේ, රූප සහගත වේදනා නිසා චේතනා වීම කියන එක එයා වළක්වනවා.
එතෙන්දි අපිට පේනවා අර වේදනාවේ ඉඳන් නාමරූපය දක්වා එන කොටස අපි ලකුණු කරලා තියෙනවා, ඉස්සර ඔතනින් නවත්තනවා කියලා. දැන් ඉතිරිව තියෙන්නේ මොකද්ද, චිත්තපාගුඤ්ඤතාවය මගින් කරන ක්‍රියාවලිය පමණි. මෙහි දී අර endless cycle එක තුළ දී නැවත නැවතත් මිය ගියා යැයි හොඳින් දන්නේ ය. ඒ කියන්නේ අර bell shaped curve එක මැරෙනවා, ආපහු ඉපදෙනවා, ආපහු මැරෙනවා. එතකොට අර පල්ලෙහා තියෙන bottom එකේ මිය ගියා, මිය ගියා, මිය ගියා කියන එක, ඒක දන්නවා. ඒක දන්නවා නම් තවදුරටත් පදුට්ඨමනසඞ්කප්පය මගින් නිත්‍ය යන සංකල්පය පරාමාසගත වීමත්, වරදවා වටහා ගැනීමක් වේ ද මෙය නවතනවා. එතකොට පදුට්ඨමනසඞ්කප්පයෙන්, පරාමාසයට ඇතුල් වෙන කතාව, ඒක නවත්තනවා. ඒක එන්න දෙන්නේ නෑ විඤ්ඤාණයේ ඉඳන්.
ඊළඟට පෙර යමක් පරාමාසගත වී තිබුණා ද, එනම් යම් අත්තා ධර්මයක් තිබුණා ද, මෙය සෝකය කරා ගමන් කිරීම ද වළකනවා. කුමක් නිසා ද? විමංසා ඉද්ධිපාදයෝ. ඒ කියන්නේ අපි ඔය ඡන්ද චිත්ත පරිචිතා diagram එක බලන්න ඕනෙ. විමංසා ඉද්ධිපාදයෝ විසින් ම 315°, 270° සහ රූප සඤ්ඤාව මිය ගිය බව නැවත නැවතත් සිහි කර දෙන්නේ, සතිය මගින් විඤ්ඤාණ වීම වළක්වනවා. මේ කියන්නේ 6 වෙනි සතිය. මෙසේ නිබ්බාන ධාතුව වන්නේ ය.
මේක තමයි භාවනාව.