ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. මේ විදිහට හය නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව මම සම්පූර්ණයෙන් නැවත කරගෙන ගියා. ඉතින් ඒකෙදි මට තේරිච්ච දේ තමයි, අර දැන් අපි දන්නවා ජාති, වේදනා, නාමරූප රේඛාව. අර පවතිනවා, ජාතිය තියෙන තැන පෙර මිච්ඡා දිට්ඨිය, නාමරූප තැන පවතිනවා, දැන් මිච්ඡා දිට්ඨිය. ඉතින් දැන් ඊළඟට ආපහු අපිට පේනවා ඔතෙන්ට ම සම්බන්ධ වෙන රේඛාවක්. 315° පරිදේවය. පෙර නිත්‍යභාවය පරිදේව වුණා, රූපය මිය ගියා. පරාමාසය 270°, දැන් නිත්‍යභාවය, සුඛ වේදනාව මිය ගියා.
එතකොට දැන් එහෙම නම් අපිට පේනවා ඔය 315° පෙර නිත්‍යභාවය පරිදේවය කියන කෑල්ල, ඒක තමයි අර ජාතිය තියෙන තැන ආවේ. Reflection එක වාගේ එතෙන්ට ඇවිල්ලා තියෙන්නෙ. ඊළඟට ආපහු ගත්තහම ඔය දැන් නිත්‍යභාවය කියන එක, සුඛ වේදනාව මිය ගියා ඒ කියන්නේ අවිද්‍යා යෝගය ඒ line එක නේ කැරකෙන්නේ. එතකොට ඒක කරකවලා ඒක 270°ක් වුණා. ඉතින් ඒක තමයි නාමරූපය තැන දැන් මිච්ඡා දිට්ඨිය හැටියට ඒක තියෙනවා.
එතකොට දැන් මෙතෙන්දි වැටහෙනවා, දැන් ඔතනින් පේනවා පරාමාසයේ ඉඳන් සෝකය, සෝකයෙන් අර විමංසා ඉද්ධිපාදය, වේදනාව දක්වා යන එක නවත්තනවා කියන කෑල්ලත් තියෙනවා. දැන් මේ විදිහට අභිජ්ඣාව සනාථ නොකිරීම අර π අකුරේ ධර්මය මගින් නොකරන්නේ නම්, චේතනාව සනාථ කිරීම අර චිත්තපාගුඤ්ඤතාවය මගින් නොකරන්නේ නම්, එම ධර්මයෝ දෙදෙන මගින් ජීවිත ඉන්ද්‍රිය උපුටා දමනවා. නැවත ආයුෂයක් ඇති කිරීමට ඇති හැකියාව නොවේ. ඉතින් මේ කාරණා දෙක බැලුවහම, මට අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර slide 6 එක, diagram එක සිහි වුණා. ඒකේ උඩ තියෙන්නේ අර චේතනා අභිජ්ඣා, මැද්දේ එකට එකතු වෙලා තියෙන්නේ දෝමනස්ස පරාමාස ඉදංසච්ච අර දකුණු අත පැත්තෙන් කාම සඤ්ඤාව. එතකොට පල්ලෙහායින් භය අගතිය.
ඒකේ හේතුව තමයි ඉතින් කාම සඤ්ඤාව කියන්නේ මොකද්ද, අර සංස්කාර නිසා විඤ්ඤාණයේ පැවැත්ම. අන්න ඒක නොවන නිසායි. ඒක නොවන නිසා අර කාම සඤ්ඤාවෙන් කතාවක් නෑ, ඇති වන ක්‍රියාවලිය දෝමනස්සය පමණක් බව හොඳින් දන්නවා. හොඳින් දැන ගත්තාට පස්සේ එතනින් එහා පැත්තට යෑමක් නෑ. ඒක තමයි මං කරපු භාවනාව. වැඩි හරියක් ම හිටියේ ඉතින් නිරෝධයේ ම තමයි.