ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා, පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා. මේ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය ම තමයි මහා මෝහය කියලා ඒකේ හොඳට මට වැටහුණා.
භාවනාවට පෙර ම 02/09/2015 ඒ මච්ඡරිය 3 භාවනාව බලන්නෙයි කියලා බුදුපියා පැවසුවා. ඒකේ තියෙන කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත, මෙසේ ව්‍යාධි මරණයටත් ඉන් අනතුරුව ජාතියටත් කැමති වෙලා, පවතිනවා යන සංකල්පය වන බවත් සිහි කළා. ඒකේ සඳහන් වෙනවා යමෙක් කාමච්ඡන්දය වන්නේ, ඔහු පවතිනවා යන මුළාවටත්, ඒ කියන්නේ මෝහය, එය සඳහා අභිජ්ඣා වීමත් සිදු වන්නේ ය, කියන වාක්‍යයට සිත යොමු කළා.
මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. අර අභිජ්ඣාව සනාථ කිරීම π අකුර මගින් සිදු කෙරෙනවා. මරණ මොහොතක මෙය සනාථ කිරීම විශේෂිතයි, significant බවත් මට වැටහුණා. මේක සිදු වෙනවා නම් අපිට පේනවා අර චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා ගියා අර අත්තා කියලා, එතනින් නිත්‍ය, නිත්‍යයෙන් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයෙන් මෝහය. එතකොට එහෙම නම් මෙන්න මේ පථය ඔස්සේ අභිජ්ඣාව මගින් මෝහය ම සනාථ කරන බව පැහැදිලියි. එතකොට ව්‍යාපාදය මගින් මොන ආකාරයට ද මේක සනාථ කරන්නේ කියන එක කල්පනා කළා.
ඉතින් මෙතෙන්දි මං කල්පනා කරන්න ගත්තා, දැන් area 6 දැන් සංස්කාර හදලා නම් තියෙන්නේ, area 6 ඒ සංස්කාර අත්තා, ඒකෙන් area 4 අර අත්ත සඤ්ඤාව, ඒකෙන් area 1 වෙලා ද මේක කෙරෙන්නේ? නැත්තන් මෙතන මේ මැද්දේ තියෙන area 4 වලින් ද මේක සිද්ධ වෙන්නේ? ඉතින් ඕකට හැම එකට ම කාරණාවන් තියෙනවා. ඉතින් ඒ පාර මං බුදුපියාගෙන් ඒ උදව් ඉල්ලුවහම “ඒ පදුට්ඨමනසඞ්කප්පය නිසා බලපෑම යැයි” කියලා පැවසුවා.
එතකොට ඒ පෙර සුඛ වේදනාව, දැන් අපිට කෙනෙකුට පුළුවන්කම තියෙනවා diagram එකක් හැටියට ඇඳගන්නවා නම්, අපි මේක කලින් ඇඳලා තියෙනවා. අර වේදනා, පරාමාස, අපි ඔතෙන්ට ලියාගත්තා ව්‍යාපාදයේ බලපෑම කියලා. එතකොට ඔය විඤ්ඤාණයේ ඉඳන් පරාමාසයට එනවා අර පදුට්ඨමනසඞ්කප්පය නිත්‍යයි කියලා. එතකොට ඕක රේඛාව දික් කළා ම අපි එනවා අර සෝකය කියන තැනට, පරාමාසයේ ඉඳන් සෝකයට එතනත් නිත්‍යයි කියලා. සෝකයේ ඉඳන් වේදනාවට තියෙන්නේ දිට්ඨි අනුසය.
එතකොට පෙර සුඛ වේදනාවෝ පවතියි යන සංකල්පයට කැමැත්ත ඇත්තේ භව ආශ්‍රවය මගින් මෝහයට එකතු කරන අර සබ්බාසව diagram 2, slide 12 කියන එක සිහි වුණා. ඒක කැරකිලා මැද්දෙන් එකතු කරනවා කියන එක. ඉතින් මෙසේ ව්‍යාපාදයේ බලපෑම මගින් මෝහය ම තහවුරු කරනවා. එසේ මුළාවට පත් වන සත්වයා නිර්වාණය නොදනියි. නොදකියි. මෙය මනා කොට වටහා ගන්නේ නම් එතන නිර්වාණය ඇත.
ආන්න ඒක තමයි මං කරපු භාවනාව.