ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන ප්‍රදේශවල සම්මා දිට්ඨිය පැතිරෙනවා, මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. පැවතිය හැකි ය කියන මිච්ඡා දිට්ඨිය, පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. ධර්මය නිසා හෝ පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය පහ වෙනවායි කියලා වැඳ නමස්කාර කළා. ඉතින් මේ වෙලාවේදි සිතත් නතර වුණා. ඊට පස්සේ දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම අර 02/09/2015 මච්ඡරිය 3 භාවනාව බලන්නෙයි කියලා පැවසුවා. ඊයේ භාවනාවේදි ඉගෙන ගත්ත මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා වී නැවත මිච්ඡා දිට්ඨියට යෑම සනාථ කරන බවත්, ව්‍යාපාදය මගින් මිච්ඡා දිට්ඨියට යෑම සනාථ කරන බවත් යන කොටස් දෙක සිත්හි තබාගෙන අර මච්ඡරිය 3 භාවනාවේ සඳහන් සම්මා දිට්ඨිය ඇති නම් මිච්ඡා දිට්ඨිය පහ වන්නේ ය, පවතිනවා කියන මෝහය බැස යන්නේ ය, මෙය නිසා අභිජ්ඣා නොවීමට තුඩු දේ යන ධර්මයට සිත යොමු කරා. කායුජ්ජුකතාවය මගින් නිත්‍ය ස්වභාවය ඉවත් වන්නේ, විහිංසා විතක්කය මගින් වන බලපෑම පළමුව ඉවත් වන බවත්, ඒ කියන්නේ භාවිත කායා. ඉන් අනතුරුව ව්‍යාපාද විතක්කය මගින් සිදු වන බලපෑම ඉවත් වන බවත් වැටහුණා. කොහොම ද ඒක වෙන්නේ?
එතකොට අපිට එනවා diagram එකක් හැටියට ගත්තොතින් අර ඉදංසච්චයේ ඉඳන් පරිදේවය line 5, line 6 එක මෝහයේ ඉඳන් එන එක. ඔය line 7 එක අපි අනිත් පැත්තට ලියාගන්නවා ඒක පරාමාසයට. පරාමාසයෙන් සෝකය, සෝකයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව. එතකොට ඕකෙ මැද්දේ තියෙනවා අපිට අර වේදනාවේ ඉඳන් පරාමාසයට එන ව්‍යාපාදයේ බලපෑම කියන එක. එතකොට සංස්කාරය කියන එක පරාමාස වුණා නම් line 7 එක මගින්, එය මගින් සෝක, දිට්ඨි අනුසය පාර හරහා වේදනා, චේතනා වෙලා ධර්ම මච්ඡරිය සෑදෙනවා කියන එක වැළකිය නොහැකි ය. එසේ නම් කාය සංස්කාර පළමුවෙන් ඉවත් කරන්න ඕනෙ. දැන් ව්‍යාපාදයේ බලපෑම ඉවත් වන්නේ දෙවන වරටත් චේතනා වීම. ඒ කියන්නේ පරාමාස, සෝක, වේදනා, චේතනා මගින් ඒක වළකනවා.
ඉතින් එතෙන්දි අර begging the feeling කියන එක සිහි වුණා. අර ඉස්සෙල්ලා සංස්කාරයන් නිත්‍යයි කියලා එන එක දැන් මෙතන වේදනාව ගන්නවා කියන එක. දැන් ඉතිරිව තියෙන්නේ අභිජ්ඣා මගින් වන බලපෑම. ඊයේ භාවනාවේ අර්ථය ම මේක දැනගන්න ඕනෙ. අර π අකුර මගින් ඒක කරන්නා වූ දේ. එසේ නොවීමට නම් කාමය කියන එක ඉවත් වෙන්න ඕනෙ. මොකද අපි දන්නවා කාමය තමයි අභිජ්ඣාවට ප්‍රත්‍යය, අභිජ්ඣාවට. හේතුව මිච්ඡා දිට්ඨිය. එතකොට ඒ නෙක්ඛම්මය මගින් මේක සිදු වෙනවා. කාමය කියන එක. මෙසේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්ප වූයේ සිත නතර වෙලා බොහෝ වෙලාවක් හිටියා.
ඒක තමයි මං කරපු භාවනාව.